ඔබ පරිගණකය සමග වැඩ කිරීමේදි විවිධ මෘදුකාංග භාවිතා කෙරෙනවා. මෙම මෘදුකාංග
විවිධ වැඩ සදහා උපයෝගීවෙනවා. අද මම කියලා දෙන්න යන්නේ ඔබ අන්තර්ජාලයක් සමග
පරිගණකයක් භාවිතා කරන්නෙක්නම්, ඔබට වැදගත් වෙන Software ටිකක් ගැනයි.
හොදයි අපි දැන් බලමු ඒ මොනවද කියලා.
1. Browsers
ඔබට Internet එකට පිවිසීමට Web Browser එකක් අවශ්‍ය වෙනවා.අපි බලමු දැනට තියන හොදම Web Browser මොනවද කියලා.
- Firefox - Add-ons 6000 කට වඩා වැඩියෙන් සහ තවත් විවිධ features තියන, දැනට වැඩිම දෙනක් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක තමයි Firefox කියන්නේ.
- Google Chrome - අලංකාරය අතින් අඩු, දැනට ඇති වේගවත්ම වෙබ් බ්‍රවුසර් එක තමයි Google Chrome කියන්නේ. Firefox වල add-ons වෙගේ මෙහි ඇත්තේ Extension ය.
2. Downloaders
Internet එකේ ඇති Movies, MP3, Ebooks. Softwares ආදී අපිට එදිනෙදා අවශ්‍ය
කරන දේවල් ඉන්ටර්නෙට් එකෙන් Download කරගැනීමට සිදු වෙනවා. ඒ සදහා අපිට
මොකක් හරි Downloader Software එකක් අවශ්‍ය වෙනවා. අපි බලමු දැනට තියෙන
හොදම Downloader මෘදුකාංග මොනවද කියලා.
- Internet Download Manager - ඔබ අන්තර්ජාලයේ යන විට අනිවාර්යෙන්ම අවශ්‍ය වන Software එකක් ගැනයි මම දැන් කියන්න යන්නේ. මේකේ නම තමයි Internet Download Manager. මේකෙන් වෙන්නේ අන්තර්ජාලයේ ඇති Download කිරිමට හැකි Files වර්ග ඔබගේ පරිගණකයට 200% ක් වේගයෙන් Download කර දිමයි. මේක තමයි දැනට තියන හොදම වේගයක් සහිත Download කිරිමේ මෘදුකාංගය.
- JDownloader - Internet Download Manager එකට පස්සේ තියන හොදම Download Manager මෘදුකාංගය තමයි JDownloader කියන්නේ.
- uTorrent - Torrent File ඩවුන්ලෝඩ් කරගැනිමට වැඩි දෙනා භාවිතා කරන මෘදුකාංගය තමා uTorrent කියන්නේ.
3. Archive Managers
විවිද අවස්තාවලදී ඔබගේ පරිගණකයේ තිබෙන ලිපි ලේඛන ආදිය
compression/extracting කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සදහා අපිට Archive
Manager මෘදුකාංග අවශ්‍ය වෙනවා. අපි බලමු දැනට තියන හොදම Archive Manager
මෘදුකාංග මොනවද කියලා.
- WinRAR - අද ලොකයේ ගොඩක් දෙනා භාවිතා කරන මෘදුකාංගයක්. හසුරුවා ගැනීමට ඉතාමත් ලේසියි.
- 7-zip - ZIP, RAR ආදී විවිද File Format රාශියක් Support කරන හොද මෘදුකාංගයක් තමා 7-zip කියන්නේ.
4. Video/Audio Converter
තව ඔබට පරිගණකයේ Video/Audio Converter එකක් තිබීම අතවශ්‍යය. මොකද
හදිස්සියේ අන්තර්ජාලයෙන් හෝ වෙන තැනකින් ලබාගන්නා වු File එකක් Convert
කිරිමට සිදුවුවහොත්, මෙය වැදගත් වේ. උදාහරනයක් ලෙස සමහර අවස්ථා වලදි
අන්තර්ජාලයෙන් FLV යන Format එකේ File ලබාගන්නට සිදුවෙනවා. මෙම Format එකේ
File Convert කිරිමට ඇති හැකියාවක් සහිත මෘදුකාංග අමාරුවෙන් තමයි
සොයාගන්නට සිදුවෙන්නේ. එසේ හොයා ගත්තත් ඒ File Format එකේ File විතරයි ඒ
Software එකෙන් Convert කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මම දැන් දෙන්න යන
Software එකේන් ඕනෑම File Format එකක්, ඔනෑම File Format එකකට Convert
කරගන්න පුළුවන්.
- Xilisoft Video Converter - දැනට තියන හොදම Converter අතරින් 4 වෙනි ස්ථානයේ තියන මේ Xilisoft Video Converter එක මගින් නොයෙක් ජාතියේ වීඩියෝ Format වලට Convert කරගන්න පුළුවන්.
- Any Video Converter - මේකත් දැනට තිබෙන හොදම Video Converter එක. ගොඩාක් File Format වලට Support කරනවා.
5. Media Player
ඔබ පරිගණකය භාවිතා කිරීමේදි අනිවාර්යෙන්ම Video Clip, Mp3 ආදි File සමග
කටයුතු කරන්න සිදුවෙනවා. අපි Windows Install කිරීමේදිම Windows Media
Player එක Install වෙනවා. නමුත් සමහර File මේ WMPlayer එකෙන් Open වෙන්නේ
නෑ. ඒ නිසා ඔබට මේ Player එකට අමතරව තවත් Player 2 ක 3ක් Install කරගන්න
වෙනවා.
- KMPlayer - මම භාවිතා කරන සුපිරිම Player එක තමා මේ. මම දන්න විදිහට ගොඩක් දෙනා මේක භාවිතා කරනවා.
- Media Player Classic - දැනට වැඩිම පිරිසක් භාවිතා කරන Player එකක් තමා මේක. මේකට 321 Player කියලත් කියනවා.
- VLC Media Player - මේ Media Player එකත් ගොඩක් දෙනා අතරේ ජනප්‍රිය Player එකක්. හරිම සරල පෙනුමක් තියෙන්නේ.
6. PDF Reader
තව ඔබට අන්තර්ජාලයෙන් ලබාගන්නා Documents, බෝහෝ විට මේ File තියෙන්නේ PDF
කියන Format එකෙනුයි. ඉතින් ඒ File කියවීම සදහා Acrobat Reader (Adobe
Reader) Software එක Download කරගත යුතුය. ඒවා ඔබට නොමිලේ අන්තර්ජාලය හරහා
Download කරගත හැක. මා හිතන ආකාරයට මෙයත් ඕබගේ පරිගණකයේ තිබිය යුතුම
මෘදුකාංගයක් වෙයි.
- Acrobat Reader (Adobe Reader) - දැනට ගොඩක් දෙනා භාවිතා කරන්නේ Adobe Reader මෘදුකාංගයයි.සරල භාවය නිසා හසුරුවන්නත් ලේසියි.
7. Sinhala Dictionary
ඔබ නොදන්නා ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කර ගැනිමට ඔබට මේක අවශ්‍ය වෙනවා.
- Madhura Dictionary - ලංකාවේ වැඩියෙන්ම භාවිතාවන Dictionary එක තමයි මේක.
0 Comments:
Post a Comment