මුලින්ම කියන්න ඔ්න මේක අදකාලේ හැමෝම දන්න Software එකක්. මේක දැම්මෙ දන්නෙ නැති කට්ටියටත් දැනගන්නයි.
අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප්
භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක
භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක
භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා
ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට
හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට
ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.
මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio
Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට
පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි.
එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන
මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි
ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය
හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක
බාගත කළ හැකියි.
මෙම මෘදුකාංග ස්ථාපනය සාමාන්‍ය පරිශි
සිතු කළ හැකියි. ස්ථාපනයෙන් පසු මෘදුකාංගය විවෘත කරන්න. එය පහත පරිදි
අලංකාර අතුරුමුහුණතකින් යුක්ත වෙනවා.
Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය
ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා
ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්ධයේ ඇති වෙනස ඔබට වටහා
ගන්නට පුළුවන්.
DFX Audio Enhancer මගින් පරිගණකයේ
ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක්
කරනවා. අතුරුමුහුණතේ ඇති ස්ඇකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි.
එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo
ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග
වලටද ස්අහය දක්වනවා.
0 Comments:
Post a Comment