Android, iOS සහ Windows Phone
මෙහෙයුම් පද්ධති වලින් මෙහෙයවෙන ස්මාට් ජංගම දුරක්ථන භාවිතා කරන බොහෝ දෙනා
Virtual Assistant වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා. Apple දුරකථන වල ඇති Siri
පහසුකම මෙයට හොඳම උදාහරණයයි. යම් යම් අවස්ථා වලදී බොහෝ ප්‍රයෝජනවත් විය
හැකි මෙම ආකාරයේ මෘදුකාංග හුදෙක් විනෝදය සඳහාද බොහෝ අය භාවිතා කරනු දැකිය
හැකියි. ඇත්තෙන්ම තමන්ගේ කටහඬින් කතා කොට සංවාදයක් ගොඩ නඟා ගත හැකි කෘතිම
බුද්ධි වැඩසටහනක් ඉතා ආකර්ෂණීයයි. නමුත් එම ආශ්වාදය ජංගම දුරකථන වල දී මෙන්
පහසුවෙන් භාවිතා කළ හැකි මට්ටමට පරිගණක සඳහා ජනප්‍රිය වී තිබුනේ නැහැ.
දැන් Windows 8 හා ඊට ඉහල මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ට එම පහසුකම
අත්විඳීමට පහසුකම් උදා වී තිබෙනවා. ඒ Speaktoit විසින් ජනප්‍රිය Speaktoit Assistant වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා හඳුන්වා දීමෙන් අනතුරුවයි.
Download Speaktoit Assistant
මෙහි අතුරුමුහුණත ඉතා සරළ අන්දමින් නිපදවා තිබෙනවා. දකුණුපස ඇති මයික්‍රෆෝන අයිකනය ඔබා Assistant සමඟ කතා කිරීමටද, Keyboard අයිකනය ඔබා ඇය සමඟ text මගින් අදහස් හුවමාරු කර ගැනීමට පුළුවන්.
0 Comments:
Post a Comment