Monday, September 1, 2014

Unlock Huawei E303 and latest dongles easily.. (E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු)


ගොඩක් දෙනා අන්තර්ජාලය බාවිතා කරන්න යොදාගන්නෙ ඩොන්ගල් එකක්. අපේ වස්තුවක් තමා මේ ඩොන්ගල් එක. එක එක මොඩෙල් වලින් අලූත් අලූත් ඩොන්ගල් එනවා. ගොඩක් ජනප‍්‍රිය දෙයක් තමා ඩොන්ගල් වල අගුලූ හැරීම. දන්න විදියට කියනවා නම් ඩොන්ගල් අන්ලොක් කිරීම. මෑත කාලයේ ගොඩක්ම ජනප‍්‍රිය වුන ඩොන්ගල් එකක් තමා Huawei E303 කියන්නෙ. මොබිටෙල් වල උපහාර වලට දුන්නා. හච් එකෙන් දුන්නා. ඩයලොග් ඒවගෙනුත් දුන්නද කොහෙද. මේක අන්ලොක් කරන එක මාරම ගේමක් වෙලා තිබ්බෙ. ෆර්ම්වෙයා අප්ඬේට් කරලා පිස්සුවක් කරලත් මේක ගොඩ දාගන්න බෑ සමහර අයට. හේතුව කවුන්ටර් එක රීසෙට් කරල නෑ. ඒ කිසිම දෙයක් නැතිව මේ ඩොන්ගල් එක ලේසියෙන්ම අන්ලොක් කරන හැටි බලමු. දැන් විනාඩි කිහිපයකට කලින් මන් මේකෙන් එකක් අන්ලොක් කරා. කරන විදිය කියන්නම් මන් පැහැදිලිවම. 
1. මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න. 
2. දැන් Sign in with Google+ කරන්න.. මෙන්න මේ විදියට. 
3. දැන් ඔයාලගෙ ඊ මේල් එකේ විස්තර දීල ලොග් වෙන්න. 
4. දැන් නම් අකැමැත්තෙන් වුනත් කැමැත්තෙන් වුනත් මෙතනට කැමැත්ත දෙන්නම වෙනවා.
5. ඊ ලÛ පියවරේදී ඔයාලගෙ ඩොන්ගල් එකේ මොඩෙල් නම්බර් එකයි IMEI නම්බර් එකයි දෙන්න. මන් දීපු ඒව මෙන්න.  කැල්කියුලේට් කරන්න. 
 
6. දැනුත් ඔයාලට කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මේකට කැමැතියි කියන්න වෙනවා ගූගල් ප්ලස් වලින්. මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න.  
7. හරි. දැන් ඔයාලගෙ අන්ලොක් කෝඞ් බලාගන්න පුලූවන්. මේවගෙන් භෑඋ ්ඛඨධ ඣෘෑ කියන එක තමා ඉස්සරහට  ඕනි වෙන්නෙ.
8. දැන් ඔයාලගෙ ඩොන්ගල් එකට වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාල මන් උඩින් කියපු කෝඞ් එක දෙන්න. මේක සුපිරියටම වැඩ. අනිවාර්යෙන් අන්ලොක් වෙලා තියෙයි.

සැලකිය යුතුයි..
1. එක ඊ මේල් ගිනුමකින් 10 පාරක් විතරයි අන්ලොක් කෝඞ් ගන්න පුලූවන්.
2. මොබිටෙල් වල උපහාර ඩොන්ගල් එකට හච් එකෙන් දීපු ඊ 303 ඇතුලූ අලූත්ම හුවාවේවි ඩොන්ගල් ගනණාවකට මේක සහය දක්වනවා. (මෙ ටික සයිට් එකේ තියෙනවා*
3. අන්ලොක් කරපු ගමන් නෙට් කනෙක්ට් වෙන්නෙ නැත්තන් මොබයිල් පාට්නර් එකේ සෙටින්ග්ස් හදන්න. අලූත් ප්‍රොෆයිල් එකක් හදන්න  ඕනි. මෙන්න මෙහෙම. Tools-->Options-->Profile Management-->New කියන එක ක්ලික් කරල නමක් දීල සේව් කරන්න. එතන වෙනස් කරන්න දෙයක් නැතිවෙයි. දැන් ඒ හදපු ප්‍රොෆයිල් එකෙන් කනෙක්ට් කරන්න.

0 Comments:

Post a Comment

Amazon Ads