Saturday, August 30, 2014

What is Blue-ray ? මොකක්ද මේ බ්ලූ-රේ ?


බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.

මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එ� �්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.

බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.

තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර් 450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.

තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.

25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.

පැය නවයක කාලයක් පුරා දිවෙන HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත ප්‍රමාණයක් සහ පැය 23ක SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි.


Samsung-BD-P4600-Blu-ray Player

ඩීවීවී වගේම බ්ලූ-රේ තැටි වලත් දත්ත ලිවීමේ(write) හැකියාවත් තියනව. ඒ වගේම BD/DVD කියල බ්ලූ-රේ හා ඩීවීවී යන ප්ලෙයර්ස් දෙකේම ධාවනය වන වර්ගයකුත් හඳුන්වා දීල තියනව.
ඩීවීඩී වල නම් දත්ත ඇතුලත් කරල තියන පැත්ත අතින් ඇල්ලුවත් රූප අපැහැදිලි වෙනවනෙ, ඒත් බ්ලූ-රේ වල එහෙම නොවෙන්න විශේෂ ආවරනයක් යොදල තියෙනවලු. තවත් දෙයක් ඩීවීඩී වලට වඩා තැටියේ ඇති වැරදි සකස් කර ගැනීමේ ක්‍රමයක් බ්ලූ-රේ වල තියනව. DVD වල HD වීඩියෝ දානුන පුලුවන් වුනාට තියන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම ඒත් බ්ලූ-රේ තමයි ඒකට විසඳුම මොකද තනි ලෙයරයක 25GB දාන්න පුලුවන්නෙ. මේ විශාල ඉඩ කඩ නිසා දැන් අපි රිමෝට් එකෙන් කරනවට වඩා දේවල් බ්ලූ-රේ ප්ලෙයර් එකක රිමෝට් එ‍කෙන් කරන්න පුලුවන් වෙනව, ඒ කියනනෙ තිරයේ පෙනෙන්න තියන රූපරාමුව වෙත් කෝන වලින් හරියට ගූගල් අර්ත් වල ලෝක බෝලෙ කරකවා බලනව ව‍ගේ, නැත්නම් පරිගනක ක්‍රීඩාවක වගේ ඉදිරියෙන්, පිටුපසින් බලන්න පුල්වන් වෙයි. හැබැයි මෙතනදි තවත් දෙයක් කියන්න ඕන මේ විදියට කැමති විදියක බලන්න පුලුවන් වෙන්න අපි බලන චිත්‍රපටය ඒ ඒ කෝන වලින් පටිගත කරල තියෙන්න ඕන, හැබැයි ඒ දේ කරන්න මේච්චර කල් තිබුනු බාදාව DVD එකේ කැපෑසිට් එකේ ප්‍රශ්නෙනම් බ්ලූ-රේ වලිනි විසඳල තියෙන්නෙ.
බ්ලූ-රේ වලට යොදාගන්නා වීඩියෝ ෆෝමැටිස් අතර HD(high-definition video) සඳහාම වර්ධනය කරන ලද MPEG-2,4 , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මීඩියා වීඩියෝ(WMV)ත් තියනව. ඒ වගේම ඕඩියෝ වලට සම්පින්ඩනය නොකල(uncompressed) චැනල්ස් අටේ ශබ්ද මාලාවන්ට(එනම් ශබ්දය කෝන අටකින් පටිගත කල), 7.1,5.1 සරවුන්ඩිනි සවුන්ඩ්(කට්ටිය සරවුන්ඩිනි සවුන්ඩ් දන්නවනෙ?),ඩොල්බි ඩිජිටල් (DD) වලටත් සහය දක්වනව. ඒත් හැම බ්ලූ-රේ එකේම මේම සියල්ල තිබිය නොහැකියි නිෂ්පාදන මට්ටමේදි ඇතුලත් කරන්නෙ මොනවද කියල නිෂ්පාදකය තමයි තීරනය කරන්නෙ. ඩීවීඩී හා බ්ලූ-රේ වල තියන වෙනස් කම් ටිකක් මේ. ඉස්සර වෙලා අපි දන්න ඩීවීඩී ගමු තනි ලෙයරය 4.7GB, ලෙයර් දෙක 8.5GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 650යි,ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.1යි,ඝන වැස්මක් නැත,සාමාන්‍ය දත්ත ගලායන වේගය11.08mbps=1x ,ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය10.08mbps=<1x,උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 720×480/720×576, උපරිම වීඩියෝ බීට්රේට් එක 9.8Mbps,. දැන් අපි එච්චර නොදන්න බ්ලු-රේ අරගෙන බලමු, තනි ලෙයරය 25GB, ලෙයර් දෙක 50GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 405යි, ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.6යි, ඝන වැස්මක් ඇත, සාමාන්‍ය දත්ත ගලායන වේගය36.0mbps=1x, ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය54.0mbps=1.5x, උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 1920 x 1080, උපරිම වීඩියෝ බීට්රේට් එක 40.0Mbps

බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී ධාවනය කරන්නත් හැකියාව තියනව,ඒත් ඩීවීඩී ප්ලෙර්වල නම් බ්ලූ-රේ තැටි ධාවනය වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි සාමාන්‍ය ඩීවීඩී ප්ලෙර්වලට වඩා උසස් රූපරාමු බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී තැටි ධාවනයෙන් ලබා ගන්නත් හැකියි. දැන් කට්ටිය හිතනව ඇති තමන්ගෙ පරිගනකයටත් බ්ලූ-රේ ප්ලෙර් එකක් දාගන්න ඹ්නද කියල. තමන් නිතරම චිත්‍රපට බලනවනම් දැනට විඳිනවට වඩා උසස් රස වින්දනයක් අවශනම් ගත්තට කමක් නැහැ,ඒත් සාමාන්‍ය වැඩවලට නම් ඩීවීඩී ප්ලෙයර් එක ‍හොඳටම පුමාණවත් අනික බ්ලූ-රේ ප්ලෙර්ස්,තැටි ටිකක් මිලෙනුත් අධිකයි.

0 Comments:

Post a Comment

Amazon Ads