Tuesday, August 19, 2014

ඔබේ ඡායාරූප වලට අනර්ඝ photo effects රැසක් එක්කර දෙන වෙබ් සේවාවක් Photo effect for your own album.

ඡායාරූප සංස්කරණය සඳහා අප වැඩියෙන්ම භාවිතා කරන මෘදුකාංගය Adobe Photoshop. නමුත් එහි ඇති සංකීරණ බව නිසාම අපට අවශ්‍ය දේ සිදු කර ගැනීමට තරමක වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එමෙන්ම ෆොටෝෂොප් වලින් පින්තූරයකට අලංකාර effects දමා ගැනීමට අප සියලු දෙනාටම දැනුම නැහැ. එවැනි අවස්ථා වල්ලදී ෆොටෝෂොප් දන්න නොදන්න කාටත් පහසුවෙන් භාවිතා කළ හැකි ඉතා දියුණු මට්ටමේ effects සහිත වෙබ් සේවාවක් ගෙන මෙහි හඳුන්වා දී තිබෙනවා. මෙවැනි අනෙක් සේවාවන්ට සාපේක්ෂව මෙහි විශේෂත්වය වන්නේ ඉතාමත් අනර්ඝ ගුණාත්මක භාවයකි යුත්, advanced effects සියයකට අධික සංඛ්‍යාවක් තිබීමයි.
WebCamera360 නමින් හඳුන්වන මෙම සේවාව ඔබගේ ස්මාට් ජංගම දුරකථනයටත් නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙහි විවිධ categories යටතේ විවිධ effects රාශියක් අන්තර්ගත වෙනවා. එයට අමතරව ඡායාරූප වල ආලෝකය, තීවෘර තාවය වැනි කාරණා ගණනාවක් වෙනස් කර ගැනීමටත් WebCamera360 අවකාශ සලසා දෙනවා. පහත සබැඳියෙන් මෙම වෙබ් අඩවිය වෙත පිවිස ඔබගේ පින්තූර අප්ලෝඩ් කර මෙම සේවාව නොමිලේ අත්හදා බැලීමට පුළුවන්.
Visit – Download Here
360-main
UPLOAD බට්න් එක ක්ලික් කර පින්තූරයක් අප්ලෝඩ් කරගත පසු ඔබට ලැබෙන තිරයේ දකුණු පස sidebar එක මගින් පින්තූරයේ color, saturation, exposure, contrast, sharpness ආදී අංගයන් අඩු වැඩි කරගැනීමටද crop, revise සහ rotate වැනි වෙනස්කම් කිරීමටද හැකියාව ලැබෙනවා. 

දකුණු පස sidebar එකෙන් effects තෝරා ගතහොත් ඔබට විවිධ ඛාණ්ඩ යටතේ effects ගණනාවක් දක්නට ලැබෙනවා. එක් එක් effect එක මත ක්ලික් කිරීමෙන් ඒවා ඡායාරූපයට එක් කර ගැනීමට පුළුවන්.
effect එක බලපාන ප්‍රමාණය වෙනස් කරගැනීමටද WebCamera360 සේවාව මගින් ඔබට පහසුකම් සලසනවා. වෙනස්කම් සිදු කර අවසානයේ Apply බට්න් එක ඔබන්න. දැන් අවශ්‍ය නම් ඔබට තව effect එකක් එම පින්තූරයටම එක්කරගත හැකියි.
අවසානයේ Save and Share බට්න් එක මගින් පින්තූරය සේව් කරගත හැකියි.

0 Comments:

Post a Comment

Amazon Ads