Tuesday, August 19, 2014

World Most Dangerous Airports / ලොව ඇති අනතුරුදායකම ගුවන්තොටුපළවල් 7ක්

ලොව ඇති අනතුරුදායක ස්ථාන ගණනින් කියා නිම කළ නොහැකියි. නමුත් මිනිසා විසින්ම ඉදි කළ අනතුරු දායක ස්ථානනම් ලොව ඇත්තේ සාපේක්ෂව අඩු ප්‍රමානයක්. සාමාන්‍යයෙන් අනතුරු රහිත, ඉතා ආරක්ආකාරී පරිසරයක පිහිටිය යුතු ගුවන්තොටුපළ වැනි දෑ අනාරක්ෂාකාරී පරිසරයක ඉදි වන්නේ කලාතුරකින්. නමුත් එසේ සාදා දැනට ක්‍රියාකාරීත්වයේ පවතින ගුවන්තොටුපළ රාශියක් තිබෙනවා. මේ ලිපියෙන් අප ලොව අනාරක්ෂිතම ගුවන්තොපොළවල් හතක් ගැන අවධානය යොමු කළා.

Wellington, New Zealand

මෙම ගුවන්තොයුපළ පිහිටියේ නවසීලන්තයේයි. මෙහි දිග විශාල ගුවන් යානයක් ගොඩ බැස්සවීමට යන්තම් ප්‍රමාණවත්. නමුත් ගුවන් තොටුපළට ආසන්නයේ ඇති Cook Strait සමුද්‍ර සන්ධිය හරහා හමන තදබල සුළඟ මෙහි ගුවන්යානා බැස්සවීම දුශ්කර කාර්‍යක් කරනවා. එම සුළඟ ගුවන්යානය චලනය කරවීමට තරම් ප්‍රභලයි.
WIAL_RESA_1

Saba Landing Strip, Juancho E. Yrausquin Airport

ගුවන්යානයක් බැස්සවීමට අපහසු ඉතා කුඩා ඉඩක Juancho E. Yrausquin ලෙස හඳුන්වන මෙම ගුවන් තොටුපළ පිහිටා තිබෙනවා. මෙය කැරබියන් දූපත් වලට අයත් වන Saba හි පිහිටි එකම ගුවන් තොටුපළයි. මෙහි ධාවන පථයේ එක් අන්තයක කඳු වැටියක් සහ අනෙක් අන්තයේ මුහුද පිහිටා තිබෙනවා. වඩාත් භයානකම දෙය නම් මෙහි දිග 396 m පමණක් වීමයි. එම නිසා මෙහි කුඩා ගුවන්යානා පමණක් ගොඩ බැස්සවිය හැකියි. වාර්ථා වන අන්දමට මෙම ගුවන්තිටුපළේ නිසියාකාර air traffic control center එකක් ඇත්තේත් නැහැ.
Seba01

Courchevel Airport, France

ප්‍රංශයේ හිම සහිත ප්‍රදේශයක් වන Courchevel හි පිහිටි මෙම ගුවන්තොටුපළේ ධාවන පථය මීටර් 525ක් පමණක් දිගින් යුත් එකක්. තවත් භයානක දෙයක් නම් එම කෙටි ධාවන පථයත් 18.2%ක ආනතියක් සහිතව ඉදි කොට තිබීමයි. මෙහි යානා ගොඩ බැස්සවීමේදී වේගය අවම කර ගැනීම සහ ඉහල නැංවීමේදී වේගය වැඩි කර ගැනීම ඉතාම අසීරු ක්‍රියාවක් වී තිබෙනවා.
Courchevel-Airport-France

The airport at Lukla, Nepal

නේපාලයේ පිහිටි මෙම ගුවන් තොටුපළ 2008 වර්ෂයේ Tenzing-Hillary Airport ලෙස නම් කෙරුණා. එවරස්ට් කඳු වැටිය තරණය කරන්නන් අතර මෙම ගුවන්තොටුපළ ඉතා ජනප්‍රියයි. ඔවුන් තමන්ගේ කඳු තරණය ආරම්භ කරන්නේ මේ ගුවන්තොටුපලින්. මෙහි ධාවන පථය මීටර් 500කට ආසන්න කුඩා දිගකින් යුක්තයි. එහි පළල මීටර් 20ක් තරම් කුඩායි. එක් අන්තයක මීටර් 700ක් තරම් දරුණු ප්‍රමාතයක් පිහිටා තිබෙනවා. වාර්තා වූ ගුවන්යානා අනතුරු 5ක් සිදුවී තිබෙනවා.
LUA_david_mcallister_updatedpicoflua_70c9app92x

Princess Juliana Airport, St Martin

ධාවනපථය කුඩා වන තරමට විශාල ගුවන්යානා බැස්සවීමටනම් ඒවා පහතින් පියාසර කරවිය යුතුයි. ලොව ප්‍රසිද්ධ Maho Beach හි සංචාරය කරන බොහෝ පුද්ගලයන්ට ඒ නිසා ඉතා විශාල ගුවන් යානා තමන්ගේ හිසට ඉහලින් ගෑවී නොගෑවී යන හැදීම දැනී ඇති. St Martin හි Princess Juliana ගුවන්තිටුපළ වෙරළ තීරයට ඉතා ආසන්නයේ පිහිටා තිබෙනවා. ගුවන්යානය බැස්සවීමට ප්‍රථම එහි නියමුවන්ට වෙරළ තීරය සහ සැළකිය යුතු තරම් උස එහි වැට ගැන මනාව අවධානය යොමු කළ යුතු වෙනවා.
st-maarten-jet-fly-over_23943_990x7421

Madeira Airport, Portugal

Madeira යනු පෘතුගාලයේ වෙරළබඩව පිහිටි කුඩා දූපතක්. සංචාරක ව්‍යාපාරය දියුණු කරනු වස් ව්‍යාපාරික ම්අට්ටමේ ගුවන්යානා බැස්සවිය හැකි ගුවන්තොටු පළක අවශ්‍යතාවය ඔවුන්ට උද්ගත වී තිබෙනවා. ඉඩකඩ මඳ බව නිසා මෙය ඉදි කොට තිබෙන්නේ වෙරළ තීරයේ සිටවූ කණු 200ක් මත සෑදූ පාලමක් මතයි. එම පාලම 747 වර්ගයේ ගුවන්යානාවක බර දරා ගැනීමට සමත්. ධාවන පථයේ දිග යන්තම් විශාල යානයක් ගොඩ බැස්සවීමට සමත්.
perspec_pista_ne

Toncontin Airport

Honduras හි අගනුවර වන Tegucigalpa නගර මධ්‍යයේ Toncontin ගුවන්තොටුපළ පිහිටා තිබෙනවා. 2008 වර්ශයේ පස් දෙනෙක් මරණයට පත්කරමින් සිදු වූ දරුණු අනතුරක් ඇතුළු තවත් ගුවන් අනතුරු ගණනාවක් ම්එහි සිදු වී තිබෙනවා. මෙම ගුවන්තොටුපළ වටේම පිහිටා ඇත්තේ කඳුයි. එම නිසා මෙහි ධාවන පථය කුඩ දිගකට සීමා වී තිබෙනවා. නමුත් දිනපතාම බෝයින්ග් 757 ආදී විශාල ගුවන්යානා මෙහි ගොඩ බස්සනවා. කඳු පන්ති මඟ හැරීම සඳහා ගුවන්යානා ගොඩ ඇස්සවීම හා ඉහල නැංවීම සිදු කළ යුත්තේ එක් පසෙකින් පමණයි.
013014

0 Comments:

Post a Comment

Amazon Ads