Tuesday, August 19, 2014

IDM එකෙන් ටොරන්ට් බාන්න zbigz වෙනුවට ඇති වෙනත් වෙබ් අඩවි 5ක්

Internet Download Manager මගින් කෙලින්ම ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමට දැන් බොහෝ දෙනෙක් ZbigZ වෙබ් අඩවිය භාවිතා කරනවා. එමගින් සාමාන්‍ය බිට් ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයකින් බාගත කරනවාට වඩා ඉතා පහසුවෙන් මෙන්ම ඉක්මනින්ද ටොරන්ට් ෆයිල්ස් බාගත කිරීමට පුළුවන්. නමුත් ZbigZ සේවාවේ යම් සීමාවන් තිබෙනවා. 1GBට වඩා වැඩි ප්‍රමණයකින් යුතු ගොණු එමගින් ඩවුන්ලෝඩ් කළ නොහැකියි. එමෙන්ම එක වර ෆයිල්ස් 2කට වඩා ඩවුන්ලෝඩ් කළ නොහැකියි.තැම නිසා මේ ලිපියෙන් අප අවධානය යොමු කළා zBigZ වෙනුවට භාවිතා කළ හැකි එවැනිම වෙනත් සේවාවන් කිහිපයක් වෙත.

putdrive.com

putdrive
මෙමගින් 1GB වලට වඩා වැඩි ටොරන්ට් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියි. නමුත් ෆයිල්ස් 2ක් එක වර ඩවුන්ලෝඩ් කිරීමට මෙමගින් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මැග්නට් ලින්ක් එක ලබා දීමෙන්, ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කිරීමෙන් හෝ පහසුවෙන්ම මෙම සේවාව භාවිතා කළ හැකියි. PutDrive මගින් නොමිලේ 100GB ඉඩක් ලැබෙනවා. මෙය දින 45ක් දක්වා වලංගුයි. දින 45න් පසු එම ඉඩ 2GB දක්වා අඩු වනවා. නමුත් ඔබට පහසුවෙන්ම තවත් ගිණුමක් සාදාගත හැකියි !

Furk.net

furk-alternative-for-zbigz
මෙම වෙබ් අඩවිය මගින් zBigZ අඩවියේදී මෙන්ම ටොරන්ට් IDM හෝ අනෙක් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් භාවිතයෙන් කෙලින්ම ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මෙහි ලියාපදිංචි වීම සඳහා invitation code එකක් අවශ්‍යයි. ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර ලොග් වීමෙන් එය මඟ හරව ගත හැකියි.

ByteBX.com

bytebx
මෙය ක්ලවුඩ් ස්ටෝරේජ් සේවාවක්. මෙමගින් ඔබ ලබාදෙන magnet ලින්ක්ස් වලට අදාල ටොරන්ට් ඩවුන්ලෝඩ් කර ඔවුන්ගේ සර්වර්ස් වල ගබඩා කරගන්නවා. ඔබගේ ෆයිල්ස් ගබඩා කිරීමට 20GB ඉඩක් ඔවුන් විසින් ලබා දෙනවා. 2.5 GB දක්වා විශාල රොරන්ට් ගොණු මෙමගින් ඩවුන්ලෝඩ් කළ හැකියි.

Filestream

filestream.me-zbigz-alternative-sites
Filestream සේවාව අලුතෙන් එක් වූ සේවාවක්. මෙමගින් 10 GB බෑන්ඩ්විඩ්ත් එකක් සහිත මාසයක් අත්හදා බැලීමේ කාලයක් ලැබෙනවා. කලින් සදහන් කළ ලෙසම මාසය ඉකුත් වූ පසු වෙනත් ගිණුමක් සාදා ගැනීම අපහසු වන්නේ නැහැ.

BOXOPUS

boxopus
මෙම සේවාව ඔබගේ ඩ්‍රොප්බොක්ස් ගිණුම හා සම්බන්ධ කර භාවිතා කළ හැකියි. එනයින් මෙමගින් 2GB වලට වඩා විශාල ගොණු ඩවුන්ලෝඩ් කිරීමට නොහැකියි. ඔබගේ Facebook ගිණුම භාවිතයෙන් මෙයට පහසුවෙන් ලොග්විය හැකියි.

0 Comments:

Post a Comment

Amazon Ads