Tuesday, August 19, 2014

ස්මාට් ජංගම දුරකථන දෙකක් පහසුවෙන් සංසන්දනය කරන්න Combine Mobile phone easily.

ස්මාට් ජංගම දුරකථන වල තාක්ෂණය තාක්ෂණය ගැන අවම වැටහීමක් ඇති සාමාන්‍ය පිරිසට වටහා ගැනීමට අපහසු තරමින් දැන් දියුණු වී තිබෙනවා. මින් වසර කිහිපයකට පෙර “කලර් ඩිස්ප්ලේ ෆෝන්” හෝ “ටච් ස්ක්‍රීන් ෆෝන්” යන වදන් වලට පමණක් සීමා වී තිබූ වර්ග කිරීම් දැන් එයින් බොහෝ දුරක් ගොසින්. දැන් ස්මාට් ජංගම දුරකථනයක් ගැනීමට සිතන ඔබට ජංගම දුරකථන දෙකක් සංසන්දනය කිරීමේදී විවිධ තාක්ෂණික කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වෙනවා. ජංගම දුරකථන වල තිර ප්‍රමාණය, භාවිතා වන ප්‍රොසෙසර්, රැම් ප්‍රමාණය ආදී විවිධ කාරණා බොහෝ පැටලිලි සහගතයි. මේ එම සංසන්දනයන් ඔබට තේරෙන පරිදි බලාගත හැකි ක්‍රමයක්.

Compare-Smartphones
Geekaphone ලෙස හඳුන්වන මෙම සේවාව ඔස්සේ ඔබ කැමති දුරකථන දෙකක් හෝ ඊට වැඩි ගණනක් සංසන්දනාත්මකව බලාගත හැකියි. වර්ථමානයේ ජනප්‍රිය බොහෝ ජංගම දුරකථන මෙම සේවාවේ අන්තර්ගතයි. මේ හා සමාන අනෙක් සේවා මෙන් නොව මෙහි අතුරුමුහුණත ඉතා ආකර්ෂණීය ලෙස සාදා තිබෙනවා. එනිසා ඔබට අවශ්‍ය දෑ තේරුම් ගැනීමට බොහෝ පහසුයි. පහත දක්වා ඇති සබැඳියෙන් Geekaphone වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි.
Visit Geekaphone Website
geekaphone
වෙබ් අඩවියේ වම් පසට එක් ස්මාට් ජංගම දුරකථනයක් සහ අනෙක් පසට තවත් දුරකථනයක් ලබා දී Compare බට්න් එක එබීමෙන් ඩුරකථන දෙක සංසන්දනාත්මකව පෙන්වනවා. මූලිකවම clock speed, RAM, size සහ resolution යන කාරණා ගැන ඔබට දැනගත හැකියි. මීට අමතරව display, processor, camera, video, battery, music සහ තවත් කාරණා විශාල ගණනක් සංසන්දනාත්මකව බලාගත හැකියි. මේ ආකාරයට ජංගම දුරකථන 5ක් දක්වා සංසන්දනය කළ හැකියි.
geekaphone2

0 Comments:

Post a Comment

Amazon Ads