Wednesday, August 20, 2014

ඕණෑම දෘඩාංගයක Drivers පහසුවෙන් සොයා දෙන 1MB මෘදුකාංගයක්. Driver Detect Software.

පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු අප පළමුවෙන්ම කරන කාර්‍ය නම් Drivers මෘදුකාංග ස්ථාපනය කිරීමයි. නමුත් මවු පුවරුව හා ලැබුණු Drivers මෘදුකාංග කට්ටලයක් නොමැතිනම් අන්තර්ජාලයෙන් Drivers බාගත යුතු වෙනවා. හරියාකාරව මවු පුවරුව ගැන ස හ අනෙකුත් දෘඩාංග ගැන විස්තර නොදැන අන්තර්ජාලයෙන් ඩ්‍රයිවර්ස් සෙවීම ඉතා අපහසු කාර්‍යක්. ඔබ නිසි විස්තර දැන සිටියද නිවැරදි හා යාවත්කාලීන Drivers සෙවීම ලේසු පහසු වන්නේ නැහැ. මෙම ලිපියේ ඉදිරිපත් කර ඇති මෙගාබයිට් එකේ කුඩා මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ ඇති දෘඩාංග සඳහා යාවත්කාලීන හා නිවැරදි drivers සොයා දෙනවා.
අනෙක් ඩ්‍රයිවර්ස් අප්ඩේට් මෘදුකාංග මෙන් නොව මෙමගින් ස්වයංක්‍රීයව ඩ්‍රයිවර්ස් අප්ඩේට් කර දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගත හැකි සබැඳිය සොයා දෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කර සුරක්ෂිතව තබා ගැනීමෙන් නැවත වරක් පරිගණකය ෆෝමැට් කළ දිනක භාවිතා කළ හැකියි. මෙම මෘදුකාංගය මගින් ඉදිරිපත් කරන ඩ්‍රයිවර්ස් අදාල දෘඩාංග නිශ්පාදකයා නිළ වශයෙන් නිකුත් කළ ඒවා වීම සුවිශේෂයි. පහත සබැඳියෙන් 3DP Chip ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය නොමිලේ බාගත හැකියි.

මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී TuneUP මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක් ස්ථාපනය වීමට අවසර ඉල්ලනවා. එහි I accept… ලෙස සඳහන් වාක්‍ය ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත් කරන්න.


මෘදුකාංගය ස්ථාපනය වූ පසු පහත පරිශි එහි අතුරු මුහුණත දිස් වනවා. එහි ඔබගේ පරිගණකයේ ඇති දෘඩාංග මොනවාදැයි දක්වා තිබෙනවා. ඒට අමතරව දැනට ස්ථාපනය කර ඇති ඩ්‍රයිවර්ස් සංස්කරණයේ විස්තරද පෙන්වනවා.
3dp_chip
ඔබ ඒ එකක් මත ක්ලික් කළ හොත් බ්‍රවුසරය විවෘත වී එම ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගත හැකි සබැඳිය සහිත පිටුවක් විවෘත වනු ඇති. එමගින් ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාළ සබැඳිය තෝරා ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගන්න.
nvidea_drivers_download

0 Comments:

Post a Comment

Amazon Ads