Tuesday, August 19, 2014

CES 2014 : Smart Watch වලට අලුත් වෙනසක් එක් කරන Pebble Steel

වසරේ දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය වන Consumer Electronics Show 2014 ඊයේ (ජනවාරි 7) ලාස් වේගාස් හිදී ආරම්භ වුණා. දැන් තාක්ෂණික ලෝකයේ වැඩිම නැඹුරුවක් දක්වන්නේ පැළඳිය හැකි තාක්ෂණික උපාංග වලට බව මෙවර ප්‍රදර්ශනය දෙස බැලූ විට පෙනී යනවා. CES හි ඊයේ එළි දැක්වුණු උපාංග අතර වඩාත්ම කතා බහට ලක්වුණු උපාංගයක් වන්නේ Pebble විසින් හඳුන්වා දුන් අලුත්ම ස්මාට් අත් ඔරලෝසුවයි. Steel නමින් හඳුන්වන මෙම ස්මාට් අත් ඔරලෝසුව අප මෙතෙක් දන්නා ස්මාට් අත් ඔරලෝසු වලින් බොහෝ වෙනස්ව අලුත්ම සංකල්පයක් අනුව නිපදවා තිබෙනවා. මෙය සමාජය තුළ ස්මාට් අත් ඔරලෝසු ගැන තිබෙන හැඟීම සම්පූරණයෙන්ම පාහේ වෙනස් කිරීමට සමත් වනු ඇති බව එහි නිශ්පාදකයන් පවසනවා.

Pebble Smart
සාමාන්‍යයෙන් ස්මාට් ඔරලෝසු භාවිතා කරන්නන් එය නොපළදින බව Pebble සමාගමේ නිර්මාතෲ Eric Migicovsky පවසනවා. එයට හේතුව එම ඔරලෝසු ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් “අත් ඔරලෝසුවක්” ලෙස නොතිබීමයි. එය තේරුම්ගත් මෙම සමාගම මුහුදේ යාත්‍රා කරන, හිම ක්‍රීඩා කරන ආදී ඕණෑම අයෙක්ට පැළදිය හැකි ජලයෙන් ආරක්ෂිත වන අන්දමින් ම්එම ඔරලෝසුව නිපදවා තිබෙනවා. එම නිසා කලින් Pebble සමාගම විසින් හඳුන්වා දී තිබූ ස්මාට් ඔරලෝසුවට වඩා මෙය වෙනස්.
vs01-04_1759mn_verge_super_wide
මෙහි තිරය අඟල් 1.26ක පික්සල් 144‍x168 ප්‍රමාණයේ එකක්. නමුත් එය ටච් ස්ක්‍රීන් තිරයක් නොවේ. Corning Gorilla Glass මගින් තිරය ආරක්ෂිත කරනවා. ඔරලෝසුව ඇතුලත ARM Cortex M3 ප්‍රොසෙසර් එකකින් සමන්විතයි. තවද Bluetooth low energy (LE) radio, vibrating motor, magnetometer, ambient light sensors, සහ three-axis accelerometer යන පහසුකම්ද Pebble Steel සතු වනවා.
මෙහි බාහිර ආවරණය නමෙහි සඳහන් පරිදිම Steel වලින් නිපදවා තිබෙනවා. එනිසා මෙය මීට පෙර එළි දැක්වුණු Pebble අත් ඔරලෝසුවට වඩා බරකින් සහ වෘතීමය පෙනුමකින් යුක්ත වෙනවා.
ලබන 28 වනදා සිට $249ක මුදලකට මෙය වෙළඳ පොළට නිකුත් වීමට නියමිතයි.

0 Comments:

Post a Comment

Amazon Ads