Saturday, August 16, 2014

ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති



සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝපියයන් වඩ වඩාත් නැඹුරු වෙමින් පවතින බව ජර්මනියේ ඔර්ඩන්බර්ග් නගරයේ  බුදුමඟ විහාරස්ථානයේදී ජර්මාන ජාතිකයින්   පිරිසක් බුදු දහම වැළඳගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදී අනුසාශනාවක් කළ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක  මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියෝ කීහ.
බුදුමග විහාරස්ථානයේ ආගමික අධ්‍යක්ෂක හා මයින්ස් සරසවියේ කථිකාචාර්ය  රත්මලේ පඤ්ඤාරතන හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ. ඤාණිස්සර නාහිමියෝ මෙසේ ද කීහ.
" කාර්මික කරණයෙන් ඉමහත්සේ මානසික ආතතියකට පත්ව සිටින යුරෝපියයන්හට බුදුදහම මහා සිසිලක් ලබා දෙනවා. ඔවුන් ඒ මඟින් ලබාගන්නා මානසික සැනසිල්ල වෙනත් කිසිදු භෞතික වස්තුවකින් ලබාගත නොහැකි විය.
රත්මලානේ පඤ්ඤාරතන හිමියන් සැබෑ ධර්මදුත ස්වාමින්වහන්සේ කෙනෙකුගේ කාර්ය සාඵල්‍යය මැනවින් අවභෝධ කර ගනිමින් ජර්මනිය ප්‍රධාන කොට ගනිමින් යුරෝපය පුරා මහා ධර්මදුත මෙහෙවරක නියැලී සිටින බවත් අතිමහත් ජර්මන් ජාතිකයන් පිරිසක්  උන්වහන්සේ වටා රොද බැදෙමින් සිටින බවත් මෙවන්වූ සාශනික හිතකාමී ක්‍රියා  නිසා නිර්මල ථෙරවාද බෞද්ධ දර්ශනය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමේ හැකියාව ලැබී ඇති බවත්  ඤාණිස්සර නාහිමියෝ පැවසුහ.
ප්‍රංශයේ ධම්මචක්ක විහාරාධිපති   කොන්ගස්දෙනියේ ආනන්ද හිමියෝ මූලාසනයේ අනුශාසනාව කළහ.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ  විහාරාධිපති  මාර්තුගොඩ උපරතන හිමි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහාවිහාරාධිපති  ලෙඩියන්ගල සුදස්සී,  තම්මැන්නාවේ ධම්මානන්ද,  බටුවන්ගල සමිද්ධි,  මක්කානිගොඩ බුද්ධදත්ත,   මහදමනේ ජිනානන්ද,  මහදමනේ අස්සජි යන හිමිවරුන්ද වැඩමකර සිටියහ.

0 Comments:

Post a Comment

Amazon Ads