Friday, August 15, 2014

සුපිරි කොල්ල කල්ලියක් රටපුරා කළ අපරාධ මෙන්න - 9ක් දැලේ

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගිනි අවි පෙන්වා කොල්ලකෑම් රැසක් සිදු කළ අපරාධ කල්ලියක ප්‍රධානියා වන පයාගල සනා (44) ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ. 

මෙම අපරාධ කල්ලිය කොටු කර ගැනීමේ මෙහෙයුම දියත් කර ගැනීමට මුල්වුයේ 2014.07.04 වන දින මිද්දෙනිය පොලිස්බල ප්‍රදේශ‍ෙය් පොල් ඇතුළු නිෂ්පාදන අලෙවි සහ මිලදී ගැනීමේ වෙළඳසැලකට වෑන් රථයකින් පැමිණි ගිනි අවි රැගත් පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ එහි හිමිකරුගෙන් රුපියල් 275,000ක මුදලක් හා රුපියල් 75,000ක් වටිනා රන් මාලය මෙන්ම ජංගම දුරකථන 02 ක් කොල්ල කා පළායෑමයි. 

කොල්ලයට පැමිණි අපරාධකරුවන් තමන් පැමිණි වෑන් රථයේ ව්‍යාජ අංක තහඩු ගලවා දමා පළාගොස් තිබිණ. 

අනතුරුව පසුගිය 08 වනදා මිද්දෙනිය ප්‍රදේශයේදී මෙම අපරාධ කල්ලියට අයත් සැකකරුවන් 04 දෙනෙකු ගිනි අවියක් හා ජීව උණ්ඩ සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. 

පසුව මෙම අපරාධකරුවන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් අපරාධකරුවන් පිළිබඳව හා ඔවුන් කළ කොල්ලකෑම් පිළිබඳව අනාවරණය වීමෙන් පසු සෙසු සැකකරුවන් 5 අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කෙරිණ. 

මෙහිදී පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා වලස්සමුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිය දී ඔවුන් බැලීම සඳහා මෙම අපරාධ කල්ලියේ තවත් සාමාජිකයින් කීපදෙනෙකු තංගල්ල බන්ධනාගාරයට පැමිණෙන බව තංගල්ල කොට්ඨාස අපරාද විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප වසන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒම සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යෙදවීය. 

ඒ අනූව අනුව පසුගිය 14 වනදා තංගල්ල නගරයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමේදී එහි සිටි 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මිලිමීටර් 09 පතුරන් දැමිය හැකි පිස්තෝලයක් ජීව උණ්ඩ 06ක් ඔවුන් පැමිණි වෑන් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. 

අදාළ සැකකරුවන් 05 දෙනාගෙන් ද ප්‍රශ්න කිරීමේදී ඔවුන් පැමිණි වෑන් රථය මිද්දෙනිය කොල්ලයට යොදා ගත් ඒකක් බවත් එමෙන්ම එය කුලී පදනම මත යොදා ගත් ඒකක් බවත්, අනාවරණය විය. 

ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑම්වලට යොදා ගත් තවත් වෑන් රථයක් හා මෝටර් රථයක් ව්‍යාජ හැඳුනුම්පත් 03 ක් හා රියදුරු බල පත්‍රයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

කෙසේ නමුත් මෙම අපරාධකරුවන් විසින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදු කළ අපරාධ අතර 2014.07.28 ඇඹිලිපිටිය දුරකථන සමාගමකට අයත් කාර්යාලයකින් රුපියල් ලක්ෂ 11ට අධික මුදලක් ගිනි අවි පෙන්වා කොල්ලකෑම, 2014.07.23 ගනේමුල්ලේ සණස බැංකුවෙන් රුපියල් 98,000ක් කොල්ලකෑම, 2013.03.31 දෙහිවල මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකින් 350,000 මුදලක් හා රුපියල් ලක්ෂ 07 ක් පමණ වටිනා රත්රන් බඩු කොල්ලකෑම, 2013.09.21 ගම්පහ උසාවිය මාර්ගයේ මිනින්දෝරු මහතෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 03ට අධික මුදලක් කොල්ලකෑම, 2010.06.20 කුරුණෑගල, ඉබ්බාගමුව පාරේ තෙල් මෝලක කාර්යාල කළමනාකාරවරයාට පහරදී රුපියල් ලක්ෂ 08 කට අධික මුදලක් කොල්ලකෑම, මතුගම, වැලිපැන්න, ‍ෙදහිවල, ගොකරැල්ල, මහනුවර, ගනේමුල්ල, ගම්පහ ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසක මොවුන් අපරාධ සිදුකර ඇති බව හෙළි වී තිබේ. 

මොවුන් අතර සිටින පයාගල සනා (44) වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු බවත්, ර්මික ගාල්ල වක්වැල්ලේ ශාන්ත ලොකු මහත්තයා (52) ලී කැටයම් ශිල්පියෙකු බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත. 

දෙහිවල සරා (36) අවුරුදු 09 දී තම පියාගේ දෑත් කපා බරපතළ තුවාල සිදුකළ සැකකරු සරාට වයස 15 වූ පසු පිහියෙන් ඇන ඝාතනය කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකකරුවෙකු බවත් අනාවරණය වී තිබේ.

0 Comments:

Post a Comment

Amazon Ads