Saturday, August 16, 2014

ජනපති ඉරාන ගුවන් අනතුර ගැන කම්පාවෙයි


ඉරානයේ සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සංවේගය පළ කර තිබේ. 

ඉරාන ජනාධිපති ආචාර්ය හසන් රොහානි වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මෙලෙස සිය සංවේගය පළ කර ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය. 

ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත සිය කණගාටුව පළ කරන බව ජනාධිපතිවරයා එමගින් ප්‍රකාශ කර ඇත. 

පසුගිය ඉරිදා එරට සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

0 Comments:

Post a Comment

Amazon Ads