Saturday, August 16, 2014

යශේන් පැහැරගත් 4දෙනා යළි රිමාන්ඩ්


ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදි සිව්හැවිරිදි දිනිදු යශේන් නමැති දරුවා පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 


ඔවුන් අද (15) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

එදිනට සැකකරුවන් සිව්දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය. 

ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදි යතුරු පැදිවලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු පසුගිය 28 වනදා රාත්‍රියේ අදාළ දරුවා පැහැර ගෙන ගොස් තිබුණි. 

ඉන් දින 04ට පසුව දරුවා බේරා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමත් විය.

0 Comments:

Post a Comment

Amazon Ads