Monday, August 18, 2014

ජනපතිගේ කීර්ති නාමයට හානිකරන පිරිස දිනෙන් දින වැඩි වෙනවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම පවුලේ සාමාජිකයින්ගේ කීර්ති නාමයට හානිවන අයුරින් රටපුරා ඉතාමත් පහත් අන්දමින් වංචනික ක්‍රියාවන් වල නියැලෙන පිරිස වැඩිවෙමින් පවතින බව පොලිස් මුලස්ථානය පවසයි. 

මේ සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා යටතේ පිහිටුවා ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මේ වන විට පැමිණිලි 368ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා‍ දෙයි. 

දේශීය හා විදේශීය වශයෙන් පුද්ගලයින් මුලාකර රැකියා‍ ලබා දෙන බව ප්‍රකාශ කිරීම සහ පුද්ගලයින් අනිසි ලෙස බියගැන්වීම් වැනි විවිධ කටයුතු සම්බන්ධයෙන් ‍මෙලෙස පැමිණිලි රාශීයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි. 

එසේම අදාළ විශේෂ විමර්ශන ඒකකයට අමතරව දිවයිනේ ‍සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

0 Comments:

Post a Comment

Amazon Ads