Tuesday, August 19, 2014

උපන්දිනය අමතක නොකර ස්වයංක්‍රීයවම සුබ පැතුම් යවන්න. Automaticaly sent birthday wish.

මීට වසර කිහිපයකට පෙර මිතුරන්ගේ උපන්දින සඳහා සුභ පැතුම් පත් යැවීමට අප පුරුදු වී සිටියා. නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජ ජාල වල දියුණුවත් සමඟම උපන්දින සුභ පැතුම් Facebook වෙත පමණක් සීමා වී තිබෙනවා. අභාග්‍ය සම්පන්න කාරණය නම් බොහෝ අයට ෆේස්බුක් වලින් හෝ උපන්දින සුභ පැතුමක් යැවීමට අමතක වීමයි. උපන්දිනය අමතක වීම නිසා මුහුණ පෑ අපහසුතා ඔබටත් ඇති. ඉතින් එවැනි අවස්ථාවකට යළි මුහුණ නොදී ඔබගේ සියළුම මිතුරන්ට උපන්දිනය දවසේ ස්වයංක්‍රීයවම සුභ පැතුම් යැවීමට හැකි ක්‍රමයක් ගැනයි මේ ලිපිය.
පෙර සඳහන් කළ ලෙසම මෙමගින් ඔබගේ සියලුම ෆේබුක් මිතුරන්ගේ උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ පෙර සූදානම් කොට තැබිය හැකියි. ඒවා උපන්දිනය දවසේ ස්වයංක්‍රීයවම ඔබගේ මිතුරා ගේ වෝල් එක වෙත යොමු කෙරෙනවා. සියලු දෙනාගේම උපන්දින සඳහා සුභ පැතුම් පණිවිඩ යැවීම සඳහා ඔබ වෙහෙසිය යුත්තේ එක් වරක් පමණයි. මෙම සේවාව සපයන්නේ BirthdayFB නම් වෙබ් අඩවියක්. පහත සබැඳියෙන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි. ලොග් වීම සඳහා ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කරන්න.

Visit BirthdayFB Website
මුලින්ම පහත රූපයේ ඊ හිසෙන් පෙන්වා ඇති බට්න් එක ඔබා ඔබගේ ෆේස්බුක් ගිණුම ආධාරයෙන් BirthdayFB වෙත ඇතුළු වන්න.

0 Comments:

Post a Comment

Amazon Ads