Thursday, August 28, 2014

Story behind the Badalkumbura Sister's murder - update

සය හැවිරිදි නංගී මරා දැමීමේ වගකීම දහතුන් වියැති අක්කාට පවරා අපිිදෑත් සෝදා ගනිමුද?

සය හැවිරිදි දැරියකට, ඇයගේම දහතුන් හැවිරිදි සහෝදරිය විසින් පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබිණි. බැලූ බැල්මට ඉතා කෲර සිදුවීමක් සේ පෙනෙන මෙම කතා ප‍්‍රවෘත්තිය තුළ ඇත්තේ අප බොහෝ දෙනෙකු නොසිතන ළමා විය පිළිබඳ දරුණු ඛිදෙවාචකයකි.

බඩල්කුඹුර, අලූ‍පොත, කළුගහවාඩිය සිංහල ප‍්‍රාථමික විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සදීරා බාබු නමැති සය හැවිරිදි දැරිය එසේ තම දහතුන් වියැති සොයුරිය අතින් ඝාතනය වී තිබේ.

මුලදී ඔවුන්ගේ දෙමාපියන් දැරිය රෝහල් ගත කොට ඇත්තේ ගසකින් වැටීමකින් දැරිය තුවාල වූ බව සඳහන් කරමිනි. නමුත් ඔවුන්ගේ එම ප‍්‍රකාශය සැක
සහිත බැවින් රෝහල් බලධාරීන් බඩල්කුඹුර ‍පොලීසියට දැනුම් දී ඇත. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරියගේ උදරයේ අතේ සහ පපුවේ තියුණු කැපුම් තුවාල තිබෙනු දැක ‍පොලිස් නිලධාරීන් වැඩිහිටියන්ගෙන් ප‍්‍රශ්න කොට තිබේ. ඇයගේ වැඩිමහල් සහෝදරිය විසින් අසල වන ලැහැබකට කැඳවා ගෙන ගොස් පිහියෙන් කොටා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

මෙම දරුවන්ගේ මව සහ පියා මීට පෙර වෙනත් විවාහයන් කරගෙන සිටි අයයි. පියාට පළමු විවාහයෙන් දරු දෙදෙනක් සිටිති. දරුවන් දෙදෙනා ද විවාහ වී වෙනම ජීවත් වන බව පැවසෙයි. මවද පෙර විවාහයක් කරගත් තැනැත්තියකි.

දැරියගේ මව විදේශ රැුකියාවකට මැදපෙරදිග ගොස් මීට මාස තුනකට පමණ ඉහත මෙරට පැමිණ තිබේ. ලබන සතියේ නැවත ඇය විදෙස්ගත වීමට සූදානමින් සිට ඇත. දැනට වාර්තා වී ඇති අන්දමට ඒ සඳහා වැඩිමල් දියණිය කෙසේවත් කැමති වී නැත. ඊට හේතුව මව විදෙස් ගතව සිටින විට තම නැගෙණියට මවගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට ද ඇයට සිදුවීමය.

ඒ හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නතර වී තිබේ. ඇයට ඉගෙනුම ලැබිමට හැකිවී ඇත්තේ පාස‍ලේ අටවන ශ්‍රේණියට පමණි. තමන්ට මෙතරම් වගකීම් සම්භාරයක් දැරීමට නොහැකි බැවින් නැවත රට නොයන ලෙස වැඩිමල් දියණිය මවට කන්නලව් කොට ඇත. එවිට ඔවුන් තීරණය කොට ඇත්තේ ඇය දියතලාව ප‍්‍රදේශයේ කන්‍යාරාමයකට භාර දීමටය. ඇගේ දෙමව්පියන් බාල දියණියට අසීමිතව ආදරය කරන බවත් වැඩිමහල් දියණිය කෙරෙහි එතරම් තැකීමක් නොකරන බවත් මේ සම්බන්ධ මූලික ‍පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

එදින සවස පියා ගෙනා බූන්දි පාර්සලයකින් වැඩිකොටස බාල දියණියට දී ඇත. ඒ අතර වැඩිමහල් දියණියත්, බාල දියණියත් අතර ඇති වූ ආරවුලකින් බාල දියණිය අතින් නිවසේ ගුවන් විදුලි යන්ත‍්‍රය බිම වැටී කැඞී තිබේ. එහිදී ඊට දොස් නගා ඇත්තේ වැඩිමහල් දියණියටය. වැඩිමහල් දියණිය බාල දියණියට මේ අපරාධය කොට ඇත්තේ එම සිදුවීම් දෙකත් සමගිනි. එමෙන්ම එම ඝාතනය සඳහා වැඩිමහල් දියණිය තම මව ලංකාවට පැමිණෙන විට රැුගෙන ආ උල් පිහියක් යොදාගෙන තිබේ.

පොලීසිය ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඇය ප‍්‍රකාශ කොට ඇත්තේ කුමක් සිදුවීද යන්න පිළිබඳ කිසිදු මතකයක් තමන් තුළ නොමැති බවකි.

අපේ දරුවන්ට මුහුණපෑමට සිදුවන ප‍්‍රශ්න අතර ප‍්‍රධාන සමාජයීය ප‍්‍රශ්නයක් වන්නේ දෙමාපිය සෙනෙහස අහිමිවීමය× දෙමාපියන් භෞතික වශයෙන් දුරස්ව සිටියදී මෙන්ම ළග සිටීමේදී ද මේ තත්ත්වය ඇතිවිය හැක. මෙයිනුත් අප රටේ බහුලව සිදුවන්නේ මව හෝ පියා විදේශගත වීමය. විශේෂයෙන් මවගේ විදේශගත වීම දරුවන්ට ඉතා අහිතකර ලෙස බලපාන බවට මේ වන විට ලැබෙමින් ඇති සාක්ෂි බොහොමයකි.

කුඩා දරුවකුගේ කායික හා මානසික වර්ධනයට මවකගේ ආදරය අත්‍යවශ්‍යය. දරුවා යනු වැඩිහිටියන්ගේ අනුකාරකයෙකි.

තමා හැසිරිය යුත්තේ කෙසේද, යම් යම් දේවල් ලබා ගත යුත්තේ කාගෙන්ද, ප‍්‍රශ්නයක් ඇතිවූ විට ඊට මුහුණ දෙන්නේ කෙසේද, හැසිරෙන්නේ කොහොමද, යන මේ සියල්ල දරුවා විසින් කරනු ලබන්නේ තම මව ආදර්ශකයක් කරගෙනය. නමුත් මව විදේශගත වීම වැනි ප‍්‍රශ්න නිසා අද සමහර දරුවන්ට මව් සෙනෙහස අහිමිය.

මව සහ පියා නැතිවූ විට දරුවා ආදර්ශක ගන්නේ සමාජයෙනි. විශේෂයෙන්ම රූපවාහිනියෙනි. ටෙලිනාට්‍ය ඇතුළු මාධ්‍ය තුළින් දකින ප‍්‍රචණ්ඩත්වය වැනි දේවල් ආදර්ශකයක් ලෙස ගනු ඇත. මාධ්‍යවලින් අප දකින්නේ සමාජයෙහි තිබෙන ප‍්‍රචණ්ඩත්වයයි.

මෙම සිද්ධිය පිළිබඳව සැලකුවොත් වැඩිමහල් දරුවාට වැඩිහිටියකු ලෙසිනුත් කුඩා දරුවාට ළමයෙකු ලෙසත් දෙමාපියන් සලකා ඇත. නමුත් වැඩිමහල් දරුවාද දෙමාපියන්ගේ ආදරය ලැබිය යුතු වයසක පසුවන්නියකි. එසේ තිබියදී තම නැගණියට පමණක් දෙමාපියන් ආදරය කරන විට, වැඩි සැලකිල්ලක් දක්වන විට වැඩිමහල් දරුවා තුළ නැගණිය කෙරෙහි වෛරයක් වර්ධනය වීම අස්වාභාවික දෙයක් නොවේ.

මේ හේතූන් මත වැඩිමහල් දරුවා තුළ කෝපය, ආවේග පාලනය කිරීමේ අපහසුව වැනි ලක්ෂණ හට ගැනීමට පුළුවන. මෙම ඛිදෙනීය සිද්ධියද එහි ප‍්‍රතිඵලයක් වනු ඇත.

කුමක් හෝ බරපතළ නැතහොත් ඛිදෙනීය සිද්ධියක් සිදුවූ විට එය තනි සිද්ධියක් ලෙස හුවා දක්වා එහි මතුපිට ස්වභාවය පමණක් විමසා බලා තීන්දු තීරණ ගැනීම අපේ රටේ ස්වභාවයයි. එය බොහෝ විට සලකා බැලෙනුයේ නීතිමය පසුබිමක් ඔස්සේ පමණි. නිදසුනක් ලෙස අපරාධයක් සිදුවූ විට එම අපරාධකරුවා අධිකරණයට යොමු කර දඬුවමකට යටත් කරනු ඇත. එය ලෝකය පුරා ක‍්‍රියාත්මක වන දෙයකි. එහෙත් මෙවන් සමාජ අර්බුද හුදෙකලා සිද්ධීන් ලෙස නොගන්නා දියුණු ලෝකය මීට වඩා පුළුල් ලෙස ඒ දෙස බලයි.

නිදසුනක් ලෙස දියුණු රටවල අපරාධයක් සිදුවූ පසු එම අපරාධය පිළිබඳ සුලමුල විෂය ක්ෂේත‍්‍ර ගණනාවක් තුළින් සොයා බැලීම සිදුවේ. එයින් අපේක්ෂා කරන්නේ එවැනි අපරාධයක් යළි සිදු නොවීමට ඉඩකඩ සකස් කිරීමය. ඉහත සිද්ධියද එලෙස පුළුල් විමසුමකට ලක් කළ යුතු සමාජ මනෝවිද්‍යාත්මක ප‍්‍රපංචයකි.

එම අපරාධය සිදුකර තිබුණේ වයස අවුරුදු දහතුනක නව යොවුන් දැරියකි. සාමාන්‍යයෙන් නව යොවුන් වියේ පසුවන දැරියක මෙවැනි බිහිසුණු දේට යොමු වන්නේ නැත. ජීව විද්‍යාත්මකව සිදුවන ශරීරයේ ජෛව රසායනික වෙනස්කම් මත එහි ලක්ෂණ පළකරන මෙම වයසේ දැරියන් තුළ වැඩි නැඹුරුවක් ඇති වන්නේ බිය, ලජ්ජාව, අනුරාගය වැනි භාවාත්මක සහ සංවේදී දේවල් කෙරෙහිය. එවැනි දැරියක මිනී මැරුමකට, විශේෂයෙන් තම බාල සොයුරිය මරා දැමීමට යොමුවීම ජාත්‍යන්තර පුවත් අතරට පවා එක්ව ඇති කරුණකි.

දියුණු රටවල නම් මෙවැනි සිද්ධියක පශ්චාත් මනෝවිද්‍යාත්මක විමර්ශනයක් සිදුකරන අතර එමගින් කරුණු රාශියක් අනාවරණය කරගනිමින් මනෝවිද්‍යාත්මක, අපරාධ විද්‍යාත්මක, සමාජ මනෝවිද්‍යාත්මක ආදී වශයෙන් පැති රාශියක් තුළ එම කරුණු විශ්‍ලේෂණය කෙරේ.

දරු, දාරක යන නම්වලින් හැඳින්වෙන දරුවා යන්නෙහි අරුත දරා සිටිය යුතු තැනැත්තා යන්නය. එලෙස දරාගෙන සිටිය යුත්තේ අන් කිසිවකු නොව දෙමාපියන් විසිනි. එම දරාගෙන සිටීම යනු දරුවාට අවශ්‍ය ‍පෝෂණය, ආරක්ෂාව සේම කායික මානසික නිදහස සහ රැුකවරණය සැලසීමය. දරුවාගේ මානසික ව්‍යුහය වර්ධනය වන්නේ එම රැුකවරණය තුළිනි.

ඉහත සිද්ධිය අනුව පැහැදිලි වන්නේ දැරියගේ මව්පියන් ඇය වැඩිහිටියකු බවට පත්කරගෙන ඇති බවය. මෙයද මෙම දැරියට පමණක් සීමාවූවක්් නොව අපේ රටේ ළමා පරපුර මුහුණ දෙන ‍පොදු ඛිදෙවාචකයක් පිළිබඳ නිදසුනකි.

අවුරුදු දහතුන වැනි ළාබාල වයසක සිටියදී වැඩිහිටියකු පරිදි පවු‍ලේ විශාල වගකීම් සම්භාරයක් දරා සිටින්නට සිදුවීම එබඳු දරුවකුට විශාල කායික හා මානසික පීඩාවකි. එය එවැනි දරුවකුට ඔරොත්තු දෙන්නක් නොවේ. ඊට කායික ව්‍යුහය සේම මොළයේ ඓන්ද‍්‍රීය සහ ජෛව රසායනික ව්‍යුහයද සුදුසු ලෙස සකස් වී නැත. මේ වයසේ දරුවන් ලෝකය දකින්නේ වැඩිහිටියන් දකින ආකාරයට නොවේ. ළමා අයිතිවාසිකම් නමින් වෙනම අයිතිවාසිකම් කොටසක් ප‍්‍රඥප්ති ගතකොට ඇත්තේ එම තත්ත්වය සලකා බැලීමෙනි. එවන් තත්ත්වයක් යටතේ දරුවකු මෙවන් ඛිදෙවාචකයකට ගොදුරුවීම මෙලොව දරුවකුට සිදුවිය හැකි විශාල අපරාධයකි.

මේ වයසේ දරුවන් තුළ සතුට, ශෝකය වැනි දේ තීව‍්‍ර ලෙසින් උද්දීපනය වේ. පාළුව, තනිකම දැඩිව දැනේ. එහෙත් ඒ පිළිබඳව නොසිතා දරුවා වැඩිහිටියකු බවට පත් කිරීම කැඩුණු රන් මාලයක් පෑස්සීමට කම්මලකට භාරදීමක් මෙනි.

මෙලෙස යම් දරුවකුට, ළමයාගේ සීමාවෙන් ඉක්ම යන්නට සිදුවූ විට තමාට ජීවිතයක් නැතැයි දැනෙන්නට ආදරය, කරුණාව වැනි මානුෂීය හැගීම් තමාට අහිමි යැයි සිතන්නට දරුවා පෙළඹිය හැකිය. මේ නිසාම එවැනි දරුවන් මානසික රෝගවලට ගොදුරු වීමට ඉතා පැහැදිලි අවකාශයක් තිබේ. මෙහිදීද මෙම දහතුන් හැවිරිදි අක්කා, තම සය හැවිරිදි නැගණියට මෙබඳු අමානුෂික ක‍්‍රියාවක් සිදුකළේ මානසික සෞඛ්‍යයේ දරුණු බිඳ වැටීමක් නිසා වීමට පුළුවන එනිසා මෙය හුදෙකලා සිද්ධියක් වශයෙන් ගෙන පව්කාරියට ගල්ගැසීම වැනි බොළඳ තීරණවලට නොඑළඹී අප ජාතියේ දරුවන්ට අත්වන මෙම ‍පොදු ව්‍යසනයෙන් ඔවුන් මුදා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම ජාතිය සතු ‍පොදු වගකීමකි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ 
මානසික රෝග විශේෂඥ වෛද්‍ය 
රූමි රූබන්

0 Comments:

Post a Comment

Amazon Ads