Friday, August 15, 2014

ලොරිය තේ වත්තේ - දෙන්නෙක් රෝහලේ

ඩයගම දක්වා ආහාර රැගෙන ධාවනය වූ ලොරි රථයක් හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල, ඥාණානන්දගම ප‍්‍රදේශයේදී අඩි 100ක පමණ ප‍්‍රපාථයකට පෙරළීමෙන් ලොරියේ රියදුරා සහ සහයකයා බරපතළ තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුරුව ඔවුන්ගේ තත්ත්වය බරපතළ නිසා නාවලපිටිය මූලික රෝහලට මාරුකර යැවූ බව වටවල පොලීසිය පවසයි. 

අද (15) උදෑසන 6.10 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

0 Comments:

Post a Comment

Amazon Ads