Thursday, August 21, 2014

අලුත්ම Android මෙහෙයුම් පද්ධතිය ගැන දැනගනිමු. Know about latest android

Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 4.3 ඊයේ නුකුත් වුණා. ගූගල් සමාගම මෙය නිකුත් කරන්නට යොදාගෙන තිබුණේ ඉතාමත් කුඩා උතසවයක්. එහි කුඩා බව සේම Android 4.3 සංස්කරණයත් අලුත් පහසුකම් වලින් එතරම් පොහොසත් නැහැ. අලුතෙන් එකතු වී ඇති පහසුකම් පවා විශාල ලෙස අවධානයට ලක් වන ඒවා නොවෙයි. ඒ නිසාමදෝ මේ සංස්කරණය ස්අඳහා අලුත් නමක් යොදන්නටත් ගූගල් සමාගම මැළි වී තිබෙනවා. Android 4.3 නිකුත් වන්නේත් Jelly Bean යන නමින්මයි. කෙසේ වෙතත් මෙහෙයුම් පද්ධතියේ සාපේක්ෂ වෙනස්කම් ගැන අප මෙසේ අවධානය යොමු කළා.

Android-4.3-Jelly-Bean-new-features

Restricted Profiles

jb-profiles-create-n713
පවුලේ සාමාජිකයන්ට, මිතුරන්ට හා අමුත්තන්ට එකම ටැබ්ලට් එක භාවිතා කිරීමට හැකි වන ලෙස Android 4.2 වලදී multiple user සහය පැමිණියා. ඒ පහසුකමම තව දුරටත් 4.3 වල වැඩි දියුණු කොට තිබෙනවා. දැන් ඔබගේ ටැබ්ලට් එකේ ඇති විවිධ ප්‍රොෆයිල් සඳහා භාවිතා කිරීමට අවසර ඇති ඇප්ස් වෙන වෙනම සැකසිය හැකියි. මේ නිසා ඔබගේ ටැබ්ලට් එක භාවිතා කරන අනෙක් පුද්ගලයන්ට ටැබ්ලට් එකේ ස්ථාපනය කර ඇති විවිධ ඇප්ස් බ්ලොක් කිරීමට හැකියි.

Autocomplete

smart-dialer-animated_v2_thumb
දුරකථන ඇමතුමක් ලබාගැනීමට ඉලක්කම් ටයිප් කරද්දී auto complete පහසුකම ඇන්ඩ්‍රොයිඩ් වල මේ දක්වා තිබුණේ නැහැ. 4.3 ජෙලි බීන් වලදී එම පහසුකම එකතු කර තිබෙනවා.

අලුත් Camera සහ Gallery ඇප්ස්

Galaxy S4 සහ HTC One යන දුරකථන වල Google Play Editions සඳහා අලුත් කැමරා සහ ගැලරි ඇප්ස් මුලින්ම පැමිණියා. කැමරා ඇප් එකේ ඇති ඔප්ෂන්ස් වෙනුවෙන් රවුම් මෙනුවක් මෙහි තිබෙනවා. එමෙන්ම volume බට්න්ස් වලින් ඡායාරූප ගැන්නීමටද මෙම අලුත් ඇප් එක හරහා හැකි වී තිබෙනවා.

Google Keep සිස්ටම් ඇප් එකක් ලෙස

OneNote, Simplenote, Apple Notes, සහ Evernote වැනි ක්ලවුඩ් ක්‍රමයට ධාවනය වන සටහන් තැබීමේ ඇප්ස් සඳහා ගූගල් සමාගමේ පිළිතුර වූ Google Keep දැන් සිස්ටම් ඇප් එකක් ලෙස මෙහෙයුම් පද්ධතිය සමඟම පැමිණෙනවා.

0 Comments:

Post a Comment

Amazon Ads