Thursday, August 21, 2014

නිතර අමතක වෙනවද ? එහෙනම් Google Keep භාවිතා කරන්න !

උදේ සිට රාත්‍රිය වන තුරුම අපගේ සිත තුලට කෙතරම් සිතිවිලි ප්‍රමාණයක් නම් ගලා එනවා ඇතිද ? මේ සිතිවිලි, ඔබ යන එන අතර මග හමුවන දෙයක් අපට යම් අවස්ථාවක යලි අවශ්‍ය වීමට පුළුවන් ඒවා ඔබ මතක තබා ගන්නේ කෙසේද ? එසේත් නැතිනම් මතක තබාගත යුතු පණිවිඩයක් ඔබ මනසේ අමතක නොවන ලෙස තබාගන්නේ කෙසේද ? උදාහරණයක් ලෙස පස්වරු 7ට ඔබගේ මවට ඇමතුමක් ගැනීමට අවශ්‍යනම් ඒ බව ඔබ මතක තබාගන්නේ කෙසේද ? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරක් Google Keep හරහා ඔබට ලැබෙනවා.
පසුගිය මාර්තු මාසයේ 20 වන දින ගූගල් සමාගම විසින් හඳුන්වාදුන් මෙම සේවාව Android දුරකථන සදහා ඇප් එකක් ලෙසද Google Drive හරහා වෙබ් සේවාවක් ලෙසද ලබාගත හැකියි.  ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා ක්ෂණිකව අපට අවශ්‍ය දේවල් සටහන් කර ගැනීමට මෙහිදී අවකාශ ලැබෙනවා. නමුත් දුරකථනය වගේම අප ළඟින්ම ඇසුරු කරන තවත් දෙයක් නම් අපගේ වෙබ් බ්‍රවුසරයයි. වෙබ් බ්‍රවුසර සදහා ගූගල් කීප් ඇඩෝන හෝ එක්ස්ටෙන්ෂන් ගූගල් සමාගම විසින් ඉදිරිපත් කර නැතත් ගූගල් කීප් සඳහා නිල නොවන ඇඩෝන ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් යන බ්‍රවුසර සදහා තිබෙනවා. ඒවා ඔබගේ බ්‍රවුසරය අනුව පහත සබැඳියෙන් බාගත කරගන්න.
Visit Google Keep Web Version
Download Google Keep Add-on For Firefox
Download Google Keep Extension for Chrome
Google Keep – Android Apps on Google Play
මෙය ඉතා සරළ සේවාවක් යම් මාතෘකාවක් ස්හිතව ඉත කුඩා විස්තර මෙයට එකතු කරගන්න පුළුවන්. එමෙන්ම පින්තූර හා ලයිස්තු වශයෙන්ද ඔබට මතක තබාගත යුතු දෑ ගූගල් කීප් වෙත එක් කළ හැකියි. නැවත ඕණෑම වේලාවක ඒවා බැලීමටද මකා දැමීමටද පුළුවන්. මෙම සේවාව පරිහරණය කිරීම සඳහා ඔබගේ ගූගල් ගිණුමට ලොග් විය යුතුයි. ඒ නිසා ඔබ ඇතුලත් කරන තොරතුරු අන් අයට දර්ශනය වන්නේ නැහැ.

0 Comments:

Post a Comment

Amazon Ads