Friday, August 15, 2014

දියණිය සැමියා සමග එක්වී 86 හැවිරිදි තාත්තා ගෙයි බැඳ දමලා



නිවස තුළ තම පියා බැඳ තබා තිබු දියණියක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා වැලිගෙපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

රත්නපුර - වැලිගෙපොළ පොල්ලමුරේ ප්‍රදේශයේ නිවසක 86 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස බැඳ තබා සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය. 

අදාළ පුද්ගලයා මාස 11ක කාලයක් තිස්සේ මෙලෙස බැඳතබා නිවසේ රඳවා සිට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය. 

සිය පියා මානසික රෝගි තත්වයකින් පෙළෙන පුද්ගලයෙකු බැවින් නිවසේ බැඳ තැබු බව අත්අඩංගුවට ගත් සැකකාරිය පොලීසියට ප්‍රකාශ කර ඇත. 

පොලීසිය විසින් සොයාගනු ලැබු වයෝවෘද්ධ පුද්ගලයා මේ වන විට වැලිගෙපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 

අත්අඩංගුවට ගත් දියණිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments:

Post a Comment

Amazon Ads