Thursday, August 21, 2014

බැසගිය බැටරි වලින් අලුත් වැඩක් ගන්නා තායිලන්තය. Dead batteries for Dead Batteries

තායිලන්තයේ “කිරි” සමාගමක් ඔවුන්ගේ නිශ්පාදන ප්‍රසිද්ධ කර ගැනීම සඳහා අපූරු ආකාරයේ නිර්මාණයක් කර තිබෙනවා. එනම් ගුවන්තොටුපල වැනි ප්‍රසිද්ධ ස්ථාන වල ස්ථාපිත කරන ලද නාමපුවරුවක්. එය “Dead batteries for Dead Batteries” ලෙස නම් කොට තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එහි බැසගිය බැටරි අති විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වීමයි. එය පසු කර යන එන අයටත් බැසගිය කුඩා බැටරි මෙයට සම්බන්ධ කළ හැකියි. බැටරි වල ඉතිරිව ඇති විදුලිය එකතු කොට ජංගම දුරකථන ආරෝපණය කරගන්නට මෙයින් පහසුකම් සලසා තිබෙනවා.

dead_batteries-3
Vitamilk නම් මෙම ආයතනය පවසන පරිදි සෑම බැටරියක්ම පාගේ එහි 400 mAh පමණ ධාරාවක් ඉතිරිව තිබියදී භාවිතයෙන් ඉවත් කෙරෙනවා. සාමාන්‍යයෙන් ඔරලෝසුවක හෝ දුරස්ථ පාලකයක භාවිතාවන බැටරි එම උපකරණ වල යම් දෝශයක් දිස් වූ විගස මාරු කරනවා. එය අනිවාර්‍යෙන්ම ලෝකයේ අපතේ යන බලශක්තිය (wasted energy) ලෙස පරිවර්ථනය වෙනවා. එය අයහපත් දෙයක්.
dead_batteries-1
Vitamilk සඳහා මෙය නිපදවා තිබෙන්නේ BBDO Proximity නම් තායිලන්ත සමාගමක්. මෙමගින් භාවිතයෙන් ඉවත් කළ බැටරි ප්‍රතිචක්‍රීකරණය (බොහෝ විට අල්ප වශයෙන් සිදු වේ) කිරීමට හෝ පහත් බිම් පිරවීම සඳහා යොදා ගැනීමට මත්තෙන් තව දුරටත් ප්‍රයෝජනයට ගත හැකි වනවා. මෙම උපකරණයට කුඩා AA ප්‍රමාණයේ බැටරි 1500ක් පමණ සම්බන්ධ කළ හැකියි. එය 150,000 mAh පමණ බලයකට පරිවර්ථනය වෙනවා. එම ශක්තිය ස්මාට් ජංගම දුරකථන 140ක් සම්පූරණයෙන්ම චාජ් කිරීමට භාවිතා කිරීමට පුළුවන්.
මෙම නාමපුවරුව කරළියට පැමිණ මුල් මාස දෙක තුළ පැය 3,328ක කථා කාලයක් ජංගම දුරකථන සඳහා ලබා දී ඇති බව BBDO Proximity සමාගම පවසනවා.

0 Comments:

Post a Comment

Amazon Ads