Friday, August 22, 2014

VLC මීඩියා ප්ලෙයර් එක සඳහා අලංකාර Skins 10ක්. 10 Skin for VLC Media Player.

පරිගණකයෙන් චිත්‍රපට සහ ගීත බැලීමට අප වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ VLC මීඩියා ප්ලෙයර් එක බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපට හමුවන ඕණෑම ආකාරයක මීඩියා ගොණුවක් VLC ආධාරයෙන් පහසුවෙන්ම ප්ලේ කරගත හැකිවීම ඒ ජනප්‍රියත්වයට හේතු වී තිබෙනවා. නමුත් VLC මීඩියා ප්ලෙයර් එකේ අතුරු මුහුණත ඉතාමත් සරළයි. එය ඔබට කැමති ආකාරයකට වෙනස් කර ගැනීමට VLC Media Player Skins භාවිතා කරන්න පුළුවන්. මෙම ලිපියේ අලංකාර VLC Media Player Skins ගණනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.
පහත දක්වා ඇති ස්කින්ස් බොහෝ විට zip ආකාරයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. ඒවා extract කරගත් පසු .vlt ආකාරයේ ෆයිල් එකක් දක්නට ලැබේවි. එම ෆයිල් එක ඔබගේ VLC ස්ථාපනය කර ඇති ස්ථානයේ ඇති skins ෆෝල්ඩර් එක වෙත කොපි කරන්න. බොහෝ විට එම ෆෝල්ඩරය C:\Program Files\VideoLAN\VLC\skins වනු ඇති. ඔබ 64බිට් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරයිනම් එම ෆෝල්ඩරය C:\Program Files (x86)\VideoLAN\VLC\skins වනු ඇති.
කෙසේ හෝ ඔබගේ අලුත් ස්කින්ස් එම ෆෝල්ඩරයට පිටපත් කළ පසු VLC විවෘත කරන්න. එහි Tools මෙනුවෙන් Preferences තෝරගන්න. ඔබට ලැබුන වින්ඩෝවෙන් Use Custom Skins යන්න තෝරා ඔබගේ අලුත් ස්කින් එක ඇති C:\Program Files\VideoLAN\VLC\skins ෆෝල්ඩරය බ්‍රවුස් කර අලුත් ස්කින් එක තෝරාගන්න. අනතුරුව Save කර VLC ප්ලෙයර් එක restart කරන්න. දැන් අලුත් ස්කින් එකකින් යුත් VLC Media Player එකක් දක්නට ලැබේවි.

MinimalX

vlc

Orion

Orion

Transformers

TRANSFORMERS

Zune VLC Skin

zune

Nintendo Style

vlc_skin___nintendo

Slim Bean

slim_bean_vlc_media_player_skin

Alienware Darkstar

vlc_skin_alienware_darkstar_by_universematrix

Glow Part 2

vlcmediaplayerthemes12

Blissta

vlcmediaplayerthemes14

0 Comments:

Post a Comment

Amazon Ads