Thursday, August 28, 2014

"Kudu Chamara" arrested at BIA - update

කුඩු තිලාන් කොටුවීම චිත‍්‍රපටයක්‌ වගෙයි

ඔහුට සහාය දුන් ආගමන නිලධාරි සහ බන්ධනාගාර නිලධාරි දැලේ
රටින් පනින්න රු.30000ක්‌ ගෙවා අලූත් ,හෙයා ස්‌ටයිල්, එකක්‌ද දාලා

දේවගේ තුසිත චාමර නොහොත් කුඩු තිලාන්ට මෙරටින් පැන යැම සඳහා ආධාර අනුබල දුන් කටුනායක ගුවන්තොටුපළේ රාජකාරි කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු සහ ඔහුට රාගම රෝහලෙන් පැන යැමට උදව් කළ බන්ධනාගාර නියාමකවරයකු ඊයේ (26 වැනිදා* විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වූ පත්මලාල් මාධව නමැත්තකු සහ රසික දේවප‍්‍රිය නමැති බන්ධනාගාර නියාමක වරයෙකි. මොවුන් දෙදෙනා ඊයේ (26දා* මහර සහ මීගමුව යන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඉකුත් ජුනි මස 20 වැනිදා පොලිස්‌ මත්ද‍්‍රව්‍ය කාර්යාංශය මගින් මත්කුඩු ග‍්‍රෑම් 500 ක්‌ ද සමගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මහර බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එහිදී ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටියදී කුඩු තිලාන් බන්ධනාගාර රැුකවලෙන් මිදී පලා ගියේය.

ඔහුට ඒ සඳහා අවස්‌ථාව ලබා දුන් දැනට අත්අඩංගුවට ගෙන ඇති බන්ධනාගාර නියාමකවරයාට රුපියල් 4500 ක මුදලක්‌ තමන් විසින් ලබා දුන් බවත් රටින් පිටව යැමට පැමිණි මොහොතේ ආගමන විගමන සහකාර පාලකවරයාට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදුන් බවත් පෙරේදා (25 වැනිදා* කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු තිලාන් පොලිස්‌ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

කුඩු තිලාන්ට මෙරටින් පැන යැම සඳහා ව්‍යාජ නමකින් විදේශ ගමන් බලපත‍්‍රය සකස්‌ කර ගැනීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින්ගේ කිහිපදෙනකුගේ පූර්ණ සහාය ලැබී ඇතැයිද පොලිසිය සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මොහු රටින් පැන යැම සඳහා ආගමන විගමන දේපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත‍්‍රය ලබාගෙන ඇත්තේ ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන පුද්ගලයකුට අයත් හැඳුනුම්පතක ඡුායාරූපය වෙනස්‌ කොට එහි ඡුායා පිටපතක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමෙන් බවද පොලිසිය සිදු කරනු ලබන විමර්ශණවලදී හෙළි වී ඇත.

ඩුබායිහි සිටින සිය අනියම් බිරියක වන අමාලි නමැත්තියක එවන ලද ලියකියවිලි උපයෝගී කර ගනිමින් ව්‍යාජ ගුවන් බලපත‍්‍රය සකස්‌ කර ගත් තිලාන් පෙරේදා (25දා* විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ රාත‍්‍රි කාලයේය.

ඔහු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමි”මත් සමග තිලාන්ට දුරකථන ඇමැතුමක්‌ ලැබී ඇති අතර ඉන් ස්‌වල්ප වේලාවකට පසු නිල ඇඳුමින් සිටි ආගමන විගමන සහකාර පාලකවරයා පැමිණ ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය ඉදිරිපිට සිටි තිලාන්ව ගුවන් තොටුපළ වෙත රැුගෙන ගොස්‌ ඇත.

එදින ගුවන් තොටුපළ 15 වැනි ආගමන විගමන කවුළුවේ රාජකාරි කළ අදාළ සහකාර පාලකවරයා මෙසේ ගුවන් තොටුපළින් පිටතට පැමිණ පුද්ගලයකු රැුගෙන යනු ඒ අවස්‌ථාවේ එහි අවේක්‍ෂණ රාජකාරියේ නිරතව සිටි බුද්ධි නිලධාරින් දැක ඇතිවූ සැකයක්‌ මත ඒ පිළිබඳ විමසිලිමත් වී ඉහළට කළ දැනුම්දීමකට අනුව ගුවන් තොටුපළින් පිටව යැමට පැමිණි කුඩු තිලාන් අවසන් මොහොතේ කොටු කර ගැනීමට හැකිවූ බවද පොලිස්‌ මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

කුඩු තිලාන් රැුගෙන යැමට ගුවන් තොටුපළින් පිටතට පැමිණි ආගමන විගමන සහකාර පාලකවරයා ගුවන් ගමන සඳහා අදාළ කටයුතු සිදු කෙරෙන සෑම කවුළුවකදීම තිලාන් සමග සිටිමින් ඔහුට සහාය ලබා දෙන අයුරුද මෙහිදී සීසීටිවී කැමරා ඔස්‌සේ බුද්ධි අංශ නිලධාරින් නිරීක්‍ෂණය කර ඇත.

එසේ තිලාන් සමග ගුවන් ගමන සඳහා සියලූ කටයුතු කරමින් සිටි ආගමන විගමන සහකාර පාලකවරයා අවසානයේ තිලාන්ව තමන් එදින රාජකාරි කළ 15 වන කවුළුව වෙත රැුගෙන විත් ඔහු ගුවන්ගත වීම සඳහා පිටත් කර ඇති අතර එහිදී තිලාන් අදාළ ආගමන විගමන නිලධාරියාට කවරයක දැමූ යමක්‌ ලබා දෙන අන්දමද කැමරා දර්ශන ඔස්‌සේ බුද්ධි නිලධාරින් දැක තිබේ.

ඒ වන විටත් මෙරටින් පිටව යැමට පැමිණ සිටිනුයේ කුඩු තිලාන් බව බුද්ධි නිලධාරින් දැන සිට නැති අතර ආගමන විගමන නිලධාරියාට ලියුම් කවරයක්‌ දෙන දර්ශනයත් සමග මේ සිටිනුයේ පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයකු බවට සැක සිතූ නිලධාරින් අවසන් මොහොතේ කුඩු තිලාන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ රටින් පැන යැමට පැමිණියේ කුඩු තිලාන් බව අදාළ නිලධාරින් හඳුනාගෙන ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් පසුවය.

අත්අඩංගුවට පත් කුඩු තිලාන් පොලිස්‌ ත‍්‍රස්‌තවිමර්ශන කොට්‌ඨාසය භාරයට ගෙන කොළඹට රැුගෙන ඒමෙන් පසු සිදු කළ පරීක්‍ෂණවලදී තමන් ආගමන විගමන නිලධාරියා අතට දුන් ලිපි කවරයේ වූයේ රුපියල් ලක්‍ෂයක මුදල බව කුඩු තිලාන් විසින්ම පොලිසියට පාපොච්ඡුාරණය කර ඇත.

බන්ධනාගාරයෙන් පලා ගිය අවස්‌ථාවේ සිට මාස දෙකක කාලයක්‌ පුරා මුල්ලේරියාව ප‍්‍රදේශයේ නිවසක සහ වැල්ලවත්ත ප‍්‍රදේශයේ සුපිරි මහල් නිවසක සැගවී සිට ඇති කුඩු තිලාන් රටින් පැන යැමට සිය ස්‌වරූපය වෙනස්‌ කර ගැනීම සඳහා වැල්ලවත්තේ පිහිටි රූපලාවන්‍යගාරයකින් රුපියල් 30000 ක්‌ ගෙවා අලූත් කොණ්‌ඩා මොස්‌තරයක්‌ද දමාගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී හෙළි වී ඇත.

මොහු විදේශගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත‍්‍රය සකස්‌ කර ගැනීමේදී කිසියම් පුද්ගලයකුගේ නමට ඇති බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ බැර කර ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පොලිස්‌ ත‍්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 Comments:

Post a Comment

Amazon Ads