Tuesday, August 19, 2014

Google Adsense වෙනුවට භාවිතා කළ හැකි තවත් සේවා 10ක්

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම දැන් ජනප්‍රිය මාතෘකාවක්. මේ සඳහා විවිධ අය විවිධ ක්‍රම භාවිතා කරනවා. ෆොරෙක්ස්, ඇඩ්සෙන්ස්, ෆ්‍රීලාන්සිං ආදී ක්‍රම ජනප්‍රියයි. ඔබටත් බෙව් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබේනම් ගූගල් ඇඩ්සෙන්ස් භාවිතා කර මුදල් ඉපයීම ගැන දැනටමත් දන්නවා ඇති. එහෙත් ඔබගේ වෙබ් අඩවිඔය සඳහා ගූගල් ඇඩ්සෙන්ස් අනුමැතිය ලැබුණේ නැතිනම් ඔබට භාවිතා කළ හැකි සේවා තවත් ගණනාවක් තිබෙනවා. මේ එයින් කිහිපයක් ගැන අප කළ විමසා බැලීමක්.

Buy Sell Ads

BSA
ගූගල් ඇඩ්සෙන්ස් වලට අමතරව අද තිබෙන හොඳම ඇඩ් නෙට්වර්ක් එකක් ලෙස මෙය සැලකිය හැකියි. බොහෝ ජනප්‍රිය වෙබ් අඩවි පවා ඇඩ්සෙන්ස් වලට අමතරව BSA භාවිතා කරනවා. මෙහි ගිණුමක් සාදා ගැනීම එතරම් පහසු කාර්‍යයක් නම් නොවේ. නමුත් ඔබගේ වෙබ් අඩවියට සැළකිය හැකි තරම් ඉහල පේජ් වීව්ස් ප්‍රමාණයක් සහ විසිටර් රේට් එකක් තිබේනම් එය අපහසු කාර්‍යක් වන්නේත් නැහැ. අපගේ වෙබ් අඩවියෙන් ඔවුන්ට ලැබෙන ආදායමෙන් 75%ක් තරම් ඉහල ප්‍රමාණයක් අපට පේපෑල් හරහා $50 ක් වූ විට ලබාගත හැකියි.
http://buysellads.com/

Infolinks

infolinks
Infolink යනු වැඩිම මුදලක් ගෙවන ඇඩ් නෙට්වර්ක්ස් අතරින් එකක්. මෙය Pay Per Click ඇඩ්වර්ටයිසිං වැඩසටහනල් ලෙස හැඳින්විය හැකියි. මෙමගින් කෙරෙන්නේ ඔබගේ ලිපි වල ඇති සමහර වචන Hyperlinks බවට පත් කිරීමයි. ඇමරිකාව, කැනඩාව වැනි බටහිර රටවලින් ඔබගේ වෙබ් අඩවියට හොඳ ට්‍රැෆික් එකක් ඇත්නම් ගොඳ ආදායමක් ලබා ගැනීමට හැකි වනු නියතයි. ඔබගේ ආදායම $50ක් වූ විට පේපෑල් හරහා ලබාගත හැකියි.

Chitika

chitika
මෙයත් ගූගල් ඇඩ්සෙන්ස් හා සමාන ඉතාමත් හොඳ තත්ත්වයේ ඇඩ් නෙට්වර්ක් එකක්. එසේ හැඳින්වීමට හේතුව නම් ඔබගේ ඇඩ් ඔබට අවශ්‍ය පරිදි පාලනය කිරීමට මනා වටපුටාවක් Chitika වෙතින් ලබා දී ඇති නිසයි. මෙහි ඇති තවත් වාසියක් නම් ඔබට ඇඩ්සෙන්ස් සමඟ වුවද ගැටළුවක් නොවේ භාවිතා කළ හැකි වීමයි. ආදායම $10ක් වූ පසුව පේපෑල් හරහා හෝ ආදායම $50ක් වූ පසුව චෙක්පතක් හරහා හෝ ඔබ වෙත ලබාගත හැකියි.

Tribal Fusion

tribal
Tribal Fusion යනු CPM වෙළඳ දැන්වීම් වැඩසටහනක්. ඔබගේ වෙබ් අඩවියට පරිශීලකයන් විශාල ප්‍රමාණයක් පැමිණේනම් ඉහල ආදායමක් ලැබීමට මෙම නෙට්වර්ක් එක භාවිතාකළ හැකියි. මෙහි පබ්ලිෂර් කෙනෙක් වීම තරමක් අපහසු කටයුත්තක්. මසකට 500,000 කට වැඩි Page views ප්‍රමාණයක් තිබේනම් ගිණුමක් සාදා ගැනීම එතරම් අපහසුවක් නැහැ.

ClickSor

clicksorclicksor
ඔබට ඇඩ්සෙන්ස් අනුමැතිය ලැබුණේ නැතිනම් අත්හදා බැලීම සදහා සුදුසු ඇඩ් නෙට්වර්ක් එකක් ලෙස Clicksor හැඳින්වීමට පුළුවන්. මෙහි ගිණුමක් සාදාගෙන පබ්ලිෂර් කෙනෙක් වීම එතරම් අපහසු කාර්‍යක් වන්නේ නැහැ. In-Text, Contextual, Popups ආදී විවිධ ඇඩ් වර්ග මෙම සේවාවෙහි අන්තර්ගතයි. ඔබගේ වෙබ් අඩවිය අලුත්නම්, එතරම් පරිශීලකයන් පිරිසක් නොමැතිනම් මෙය උත්සාහ කර බලන්න. ආදායම $50ක් වූ පසු ලබාගත හැකියි.

Kontera

kontera
Kontera යනු In-Text Advertising වැඩසටහනක්. මෙමගින් කෙරෙන්නේ ඔබගේ වෙබ් අඩවියේ ඇති ලින්ක්ස් ඔවුන්ගේ වෙළඳ ඩැන්වීම් බවට පත් කිරීමයි. හොඳ ට්‍රැෆික් එකක් තිබේනම් ගිණුමක් සාදා ගැනීම එතරම් අපහසු නැහැ. $50ක ආදායමක් සම්පූරණ වූ පසු ඔබට මුදල් ගෙන්වාගත හැකියි.

BidAdvertiser

bidvertiser
මෙයත් තවත් එක් Pay Per Click ඇඩ් නෙට්වර්ක් එකක්. Contextual මෙන්ම feed වෙළඳ දැන්වීම්ද මෙම සේවාවෙන් ඉදිරිපත් කරනවා. මෙහි සඳහන් කළ යුතු විශේෂත්වයක් වන්නේ සිංහල භාෂාව සදහා BidAdvertiser සහය දැක්වීමයි. චෙක් එකකින්, පේපෑල් හරහා හෝ වෙස්ටර්න් යූනියන් හරහා මුදල් ගෙන්වාගත හැකියි. පේපෑළ් වලින් ආදායම $10ක් වූ විගස ඔබට ලබාගත හැකියි.

iSocket

isocket
මෙම සේවාව Buy Sell Ads සේවාව හා බොහෝ සමානයි. නමුත් යම් යම් කාරණා නිසා මෙය ඊට වඩා හොඳ යැයි සලකන්නටත් පුළුවන්. මසකට 100,000 කට වඩා වැඩි Unique visitors ප්‍රමාණයක් ඔබේ වෙබ් අඩවිය සතුනම් මෙම සේවාව ඔබට භාවිතා කිරීමට හැකියි. මෙමගින් ඉතා ඉහල ආදායමක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇති.

Adversal

adversal
Adversal තරමක් අලුත් වුවත් ඉතාමත් හොඳ මට්ටමේ CPM සේවාවක්. Pop up Banners සහ Full Page Banners ආදී ඇඩ් වර්ග මේ සේවාව විසින් ඉදිරිපත් කරනවා. ඔබගේ වෙබ් අඩවියට හොඳ ට්‍රැෆික් එකක් බටහිර රටවලින් ඇත්නම් යම් ආදායමක් ලබා ගැනීමට මෙය භාවිතා කළ හැකියි.

0 Comments:

Post a Comment

Amazon Ads