Thursday, August 21, 2014

Google Project Loon : බැලූන වලින් බල ගැන්වෙන අන්තර්ජාල සබඳතා

ඔබගේ නිවසට ඉහල අහසේ අති විශාල බැලූනයක්. එයින් නිකුත්වන 3G තරංගයන්ගෙන් බලගැන්වෙන ඔබගේ අධිවේගී අන්තර්ජාල සබඳතාවයක්. මේ සුරංගනා කතාවක් නොව Google ගේ මීළඟ ව්‍යාපෘතියයි. අහල අහසේ රැඳි බැලූනයන් ජාලයක් යොදාගනිමින් ලොව සෑම දෙනාටම අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවකාශ සලසා දෙන මෙම ව්‍යාපෘතිය Project Loon ලෙස නම් කර තිබෙනවා.
project-loon
තාක්ෂණය එන්න එන්නම දියුණු වෙමින් පවතිනවා. නමුත් මේ තාක්ෂණික දියුණුවත් සමඟම මුලු ලෝකයටම ඉදිරියට යාමේ යම් යම් අපහසුතා තිබෙනවා. එයින් ප්‍රධානම අපහසුතාවක් නම් ලොව සෑම දෙනාම අලුතින් සිදු වන දේවල්, නව තාක්ෂණයන් ගැන දැනුවත් නොවීම සලකන්නට පුළුවන්. අප අතරින් සියල්ලන්ම අන්තර්ජාලය පරිහරණය නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. සමහර ප්‍රදේශ වල අන්තර්ජාලයට සම්බන්ධ වන අය කිසිවෙක් නැති වෙන්නටත් පුළුවන්. මේ අඩුව පුරවාලමින් ලොව සියලු දෙනාටම අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි වන අයුරින් නිමවන අලුත්ම ජාලයයි මෙලෙස Project Loon ලෙස හඳුන්වන්නේ. 
google-loon-ballon-on-building
ඔවුන් මේ වන විට දක්ෂිණ අර්ධගෝලයට ඉහල අහසේ සූර්‍ය බලයෙන් බල ගැන්වෙන බැලූන ජාලයක් රඳවා පරීක්ෂණ කයටුතු අරඹා අවසන්. මේවා රඳවා තිබෙන්නේ භූමියේ සිට කිලෝමීටර 20ක් තරම් ඉහල අහසේයි. ගුවන්යානා ආදිය ගමන් ගන්නේ මීට පහතින්. මේ බැලූන සුළං මගින් එහා මෙහා පාවෙනවා. එමගින් 3G network එකක් නිර්මාණය කෙරෙන බව ගූගල් සමාගම පවසනවා. නිවසේ සවිකර ඇති උපකරණයක් ආධාරයෙන් ඉහල අහසේ ඇති බැලූනයකට සම්බන්ධ වනවා. අනතුරුව එම බැලූනය තවත් බැලූනයකටත්, අවසානයේ භූමියේ ඇති අන්තර්ජාල සේවා සපයන ආයතනය වෙතත් සම්බන්ධ වී නිවසට අන්තර්ජාල සබඳතාවය ලබාදෙනවා. දුශ්කර ප්‍රශේෂ වලට අන්තර්ජාලය ලඟා කරවීමට මෙම ක්‍රමය අනුගමණය කළ හැකි බව ඔවුන් විශ්වාසය පළ කරනවා. පහත වීඩියෝව නරඹා මෙහි අදහස පහසුවෙන් වටහා ගත හැකියි.
විශ්ව ගම්මාන සංකල්පය ගැන කතා කරන මේ අවධියේදී ගූගල් ගන්නා මේ ප්‍රයත්නය සාර්ථක වුවහොත් මුලු ලෝකයක්ම එහි අරුමය අත්විඳිනු ඇති.

0 Comments:

Post a Comment

Amazon Ads