Thursday, August 21, 2014

සමලිංගිකත්වයට සහය දක්වන Google සමාගම. Gay and Lesbian Pride

සමලිංගික සම්බන්ධතා සහ සමලිංගික විවාහ ශ්‍රී ලංකාව තුළ නම් තහනම් මාතෘකාවක්. නමුත් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත ඇතුලු තවත් බොහෝ රටවල මෙය නීතියෙන් තහනම් කටයුත්තක් නොවේ. සමලිංගික පිරිසගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් බොහෝ රාජ්‍ය නොවන අයතන ක්‍රියාකාරීව කටයුතු කරනවා. මේ අතර අන්තර්ජාලයේ දැවැන්තයා වන Google සමාගමත් සිටින බව ඔබ දන්නවාද ?
Gay and Lesbian Pride මාසයට සමගාමීව සෑම වසරකම පාහේ ගූගල් විසින් විවිධ දෑ සිදු කරනවා. මෙවර ඔවුන් සෙවුම් ප්‍රතිඵළ පිටුවේ යම් වෙනසක් සිදු කර තිබෙනවා. ඔබ සමලිංගිකත්වයට අදාලව යමක් සෙවොවොත් LGBT (lesbian, gay, bisexual, and transgender community) කොඩියේ වර්ණයන්ගෙන් සමන්විත සර්ච්බොක්ස් එකක් දැකගන්නට ලැබෙනවා.

gay
කලින් සඳහන් කළ පරිදි සමලිංගිකත්වය සඳහා ගූගල් සමාගම සහය දැක්වූ මුල්ම වතාව මෙය නොවේ. ඔවුන්ගේ බ්ලලොග් අඩවියේ ලිපි ලියමින්, කලින් කලට විවිධ වීඩියෝ ඉදිරිපත් කරමින් ඔවුන් සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටිනවා. පහත දක්වා ඇති වීඩියෝව එළෙස පසුගිය වසරේ නිකුත් කළ වීඩියෝවක්.


0 Comments:

Post a Comment

Amazon Ads