Thursday, August 28, 2014

Wariyapola girl released on Jail

අත්අඩංගුවට ගත් වාරියපොළ තරුණිය ඇප පිට නිදහස්වේ.

වාරියපොළ තරුණියට මානසික ආබාධයක් නැහැ (විඩියෝ සහිතයි)

වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22* රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය අද (27* සවස නියෝග කළේය.)

ඔහු තමාට නොහොබිනා ලෙස කතා කළ නිසා පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා මෙනෙවිය නීතීඥවරයකු සමග අද (27* වාරියපොළ පොලීසියට පැමිණියාය. පහර දීමට ලක් වූ තරුණයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප‍්‍රකාශයක් ලබා දීමට අද පොලීසියට පැමිණි අවස්ථාවේ තරුණිය අත්අඩංගුවට  ගැනිණ.

තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට කියා ඇත.


21 හැවිරිදි මේ තරුණියගෙන් පැය 2කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හමුවට යොමු කෙරිණ.

අනතුරුව ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව පොලිසිය අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබුණා. පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවේ තරුණියට කිසිදු මානසික ආබාධයක් නොමැති බව දක්වා ඇති බවයි.

අත්අඩංගුවට ගත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැරුණා.

මේ අතර කනේ ආබාධායක් හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප‍‍්‍රතිකාර ගනිමින් සිටි අමල්කාගෙන් කම්මුල් පහර කෑ සෙල්වා නමැත්තා අද දිනයේ දී ප‍‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

0 Comments:

Post a Comment

Amazon Ads