Friday, August 15, 2014

රාජ්‍ය අනුග්‍රහය නැති වුණ නිසා නිදහසේ තියාගත්තා

ජාත්‍යන්තර ආදිවාසි දිනය රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව පැවැත්වීම හේතුවෙන් එය නිදහසේ පැවැත්වීමට හැකි වූ බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි. 

ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් වසර වලදී ඒ සඳහා රාජ්‍ය උත්සව පැවැත්වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ට වැඩි මුදලක් නිකරුණේ වැය කර ඇති බවයි. 

එබැවින් මෙවර උත්සවයට අදාළ මුදල ගම්මාන 60ක ජිවත් වන ආදිවාසින්ගේ මූලික අවශ්‍යතා සඳහා යොදවන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව ද ආදිවාසි නායකයා ප්‍රකාශ කර ඇත. 

ලබන වසරේ ආදිවාසි දින සැමරුම බිබිල රතුගල ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය. 

මේ අතර දළුකාන වැදිරැහේ ප්‍රාදේශිය නායකයා වෙනුවට පරිවාස කාලයකට යටත්ව ඔහුගේ පුත්‍රයා පත් කිරීමට වරිග සභාවේ දී තීරණය වී ඇත. ලෝක ආදිවාසි දිනය පසුගිය 09 වැනිදාට යෙදී තිබිණ.

0 Comments:

Post a Comment

Amazon Ads