Wednesday, August 20, 2014

එක ක්ලික් එකෙන් පරිගණකය නැවතත් වේගවත් කරගන්න. One Click fast.

පරිගණකයකට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ටික කාලයක් යන තුරු එම පරිගණකය ඉතා හොඳ කාර්‍යක්ෂම තාවයකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් කල් යාමේදී ස්ථාපනය වන මෘදුකාංග, Processes සහ Services ආදී දේවල් නිසා පරිගණකය මන්දගාමී වෙනවා. එළෙස පරිගණකය මන්දගාමී කරවන මෘදුකාංග හාසේවා බොහොමයක් අපට එදිනෙදා අවශ්‍ය නොවන ඒවායි. එළෙසම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේත් අපට අනවශ්‍ය දේ බොහෝ තිබෙනවා. මේ සියල්ල එක් වී ඔබේ පරිගණකය මන්දගාමී කරවනවා. නමුත් අනවශ්‍ය දේවල් ඔබේ පරිගණකයෙන් ඉවත් කොට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ක්ළ පළමු දින තිබූ කාර්‍යක්ෂමතාවය නැවතත් ලබා ගැනීමට හැකි මෘදුකාංගයක් ගැනයි මේ ලිපිය.

boost6
JetBoost නමින් හැඳින්වෙන මෙම මෘදුකාංගය මෙගාබයිට් තුනක නොමිලේ ලැබෙන මෘදුකාංගයක්. එමගින් එක ක්ලික් එකකින් ඔබේ පරිගණකය පිරිසිදු කරගැනීමට හැකියාව තිබෙනවා. පළෑවන වර ධාවනයේදී මෘදුකාංගය විසින් පරිගණකය පරීක්ෂා කර බලා අනවශ්‍ය සේවා කා ක්‍රියාවලි ගෙන හැර දක්වනවා. ඒවා නවතා දැමීමට මෙමගින් හැකියාව තිබෙනවා. JetBoost මෘදුකාංගය පහත ඉදිරිපත් කොට ඇති සබැඳියෙන් බාගත කරගන්න.
Download JetBoost (free) NOW !
ප්‍රධාන වශයෙන්ම මෙහි Work, Games, සහ Custom ලෙස කොටස් තුනක් තිබෙනවා. Work සහ Games යන කොටස් කලින් සකසා ඇති පෙර සැකසුම් වලින් යුක්තයි. Games මෝඩ් එක මගින් පරිගණකයේ අනවශ්‍ය සියලුම processes/services නවතා දමා පරිගණක ක්‍රීඩාවලට උපරිම බලය ලබා දෙනවා. Work මෝඩ් එකේදී සාමාන්‍ය මෘදුකාංග වලින් වැඩ කිරීමට අවශ්‍ය උපරිම ස්අහයෝගය ලැබෙනවා. Custom මෝඩ් එකේදී නවතා දැමිය යුතු processes/services මොනවාදැයි තීරණය කිරීමට ඔබට හැකියි.
boost3
මෙම මෘදුකාංගයේ වැදගත්ම පහසුකම් පහත පරිදි දැක්විය හැකියි.
Clean RAM: පරිගණකයේ රැම් භාවිතය මනාව සංවිධානය කොට රැම් මතකය නිදහස් කර දීමට මෙම මෘදුකාංගය සමත්.
Clean Clipboard: Clipboard එකට සේව් වී ඇති දෑ ඉවත් කර රැම් මතකය නිදහස් කිරීමට හැකියි.
Disable auto update: ස්වයංක්‍රීය අප්ඩේට් ක්‍රියාවලි නවතා දමා පරිගණකයේ උපරිම බලය වැඩ කරන මෘදුකාංග වෙත යොඉමු කර දීමට මෙම මෘදුකාංගයට හැකියි.
Game power solution:  මෙම මෘදුකාංගයෙන් පරිගණකයේ power setting ඇසුරින් පරිගණක ක්‍රීඩා කිරීමට අවශ්‍ය සම්පූරණ බලය ලබා දෙනවා.
Close Explore: අවශ්‍යනම් explorer.exe නවතා දැමීමටද මෙය සමත්.
Lower process priority: prioritizes which programs which run in what order to speed startup.
One Click Solution – මෙම සියළු කාර්‍යන් සැනෙකින් එක ක්ලික් එකකින් කර ගැනීමට ඇති හැකියාව JetBoost හි ඇති ප්‍රධානම පහසුකමයි.

0 Comments:

Post a Comment

Amazon Ads