Friday, August 15, 2014

රෙජිමය හදන්නේ කොන්ක්‍රීට් ආර්ථිකයක් - මම හැදුවේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් - රනිල්

තමන් අධ්‍යාපන ඇමතිව සිටි කාලයේදී මෙරටට පරිගණක ගෙනා බවත්, අගමැතිවරයා ලෙස සිටියදී මෙරටට අන්තර්ජාලය හඳුන්වා දුන් බවත්, පවසන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් උත්සාහ කළේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ තරුණියන්ට රැකියා බිහිකිරීම යැයි පවසයි. 

රාජපක්ෂ රෙජිමය සිදුකරන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟනවා වෙනුවට කොන්ක්‍රීට් ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම යැයි ද හෙතෙම කියයි. 

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිය ෆේස්බුක් ගිණුම විවෘත කිරීම හා එජාපයේ දේශපාලන ක්‍රමෝපාය කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි. 

මහින්ද රාජපක්ෂ රෙජිමය කොන්ක්‍රීට් ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව එහිදී පෙන්වාදුන් රනිල් වික්‍රමසිංහ මහතා විදේශ රටවලට සාපේක්ෂව මෙරට කර්මාන්ත ශාලා තවමත් දියුණු වී නැතැයි සඳහන් කළේය. 

නව ෆේස් බුක් ගිණුමක් විවෘත කිරීමට තීරණය කළේ ජනතාව අතරට පණිවිඩ ගෙනයාමත්, තොරතුරු තාක්ෂණය නිසා බිහිවන රැකියා වෙළඳපොළ ඉලක්ක කර තරුණ තරුණියන් ඒ සඳහා යොමුකරවීමත් සැලකිල්ලට ගෙන යැයි එහිදී හෙතෙම කියා සිටියේය. 

අද මෙම ස්ථානයේ සිදුවන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන්ට පහසුවෙන් තම ආයතනවලට දැනුම්දිය හැකි තාක්ෂණයක් ඇතැයි පෙන්වාදුන් විපක්ෂනායකවරයා මීට වසර 40ට ඉහතදී මෙවැනි පහසුකම් නොතිබූණ බව පෙන්වාදුන්නේය.

0 Comments:

Post a Comment

Amazon Ads