Friday, August 15, 2014

තරුණවීමට එන්නත දුන් සායනය භාර වෛද්‍යවරයා අත්අඩංගුවට.

තරුණ බව රැකගැනීම සඳහා එන්නතක් ලබාගැනීමෙන් පසු වෛද්‍යවරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය නිමල් ගමගේ නැමති වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (12) අත්අඩංගුවට ගත්තා. ඒ, අලූත්කඬේ අංක 4 මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

නාවල පදිංචි 47 හැවිරිදි පී.ඒ. ප‍්‍රියංගි නැමති මෙම වෛද්‍යවරිය බම්බලපිටිය විශාකා පාරේ පිහිටි පෞද්ගලික සායනයකින් රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ ඇත්තේ ඊයේ පස්වරු 4 ට පමණයි. එහිදී ඇයට ප‍්‍රතිජීවක ඖෂධ එන්නතක් ලබාදී ඇති අතර විනාඩි කිහිපයකට පසු ඇය මියගොස් තිබෙනවා. මෙම වෛද්‍යවරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියා. ඊයේ දිනයේදී ඇය රාජකාරී නිවාඩු ලබාගෙන මෙම රූපලාවන්‍ය සායනයට යන බව ඇයගේ යෙහෙළියක් වෙත ප‍්‍රකාශ කර ඇතැයි ළමා රෝහලේ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

0 Comments:

Post a Comment

Amazon Ads