Saturday, August 30, 2014

What is Blue-ray ? මොකක්ද මේ බ්ලූ-රේ ?


බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.

මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එ� �්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.

බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.

තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර් 450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.

තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.

25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.

පැය නවයක කාලයක් පුරා දිවෙන HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත ප්‍රමාණයක් සහ පැය 23ක SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි.


Samsung-BD-P4600-Blu-ray Player

ඩීවීවී වගේම බ්ලූ-රේ තැටි වලත් දත්ත ලිවීමේ(write) හැකියාවත් තියනව. ඒ වගේම BD/DVD කියල බ්ලූ-රේ හා ඩීවීවී යන ප්ලෙයර්ස් දෙකේම ධාවනය වන වර්ගයකුත් හඳුන්වා දීල තියනව.
ඩීවීඩී වල නම් දත්ත ඇතුලත් කරල තියන පැත්ත අතින් ඇල්ලුවත් රූප අපැහැදිලි වෙනවනෙ, ඒත් බ්ලූ-රේ වල එහෙම නොවෙන්න විශේෂ ආවරනයක් යොදල තියෙනවලු. තවත් දෙයක් ඩීවීඩී වලට වඩා තැටියේ ඇති වැරදි සකස් කර ගැනීමේ ක්‍රමයක් බ්ලූ-රේ වල තියනව. DVD වල HD වීඩියෝ දානුන පුලුවන් වුනාට තියන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම ඒත් බ්ලූ-රේ තමයි ඒකට විසඳුම මොකද තනි ලෙයරයක 25GB දාන්න පුලුවන්නෙ. මේ විශාල ඉඩ කඩ නිසා දැන් අපි රිමෝට් එකෙන් කරනවට වඩා දේවල් බ්ලූ-රේ ප්ලෙයර් එකක රිමෝට් එ‍කෙන් කරන්න පුලුවන් වෙනව, ඒ කියනනෙ තිරයේ පෙනෙන්න තියන රූපරාමුව වෙත් කෝන වලින් හරියට ගූගල් අර්ත් වල ලෝක බෝලෙ කරකවා බලනව ව‍ගේ, නැත්නම් පරිගනක ක්‍රීඩාවක වගේ ඉදිරියෙන්, පිටුපසින් බලන්න පුල්වන් වෙයි. හැබැයි මෙතනදි තවත් දෙයක් කියන්න ඕන මේ විදියට කැමති විදියක බලන්න පුලුවන් වෙන්න අපි බලන චිත්‍රපටය ඒ ඒ කෝන වලින් පටිගත කරල තියෙන්න ඕන, හැබැයි ඒ දේ කරන්න මේච්චර කල් තිබුනු බාදාව DVD එකේ කැපෑසිට් එකේ ප්‍රශ්නෙනම් බ්ලූ-රේ වලිනි විසඳල තියෙන්නෙ.
බ්ලූ-රේ වලට යොදාගන්නා වීඩියෝ ෆෝමැටිස් අතර HD(high-definition video) සඳහාම වර්ධනය කරන ලද MPEG-2,4 , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මීඩියා වීඩියෝ(WMV)ත් තියනව. ඒ වගේම ඕඩියෝ වලට සම්පින්ඩනය නොකල(uncompressed) චැනල්ස් අටේ ශබ්ද මාලාවන්ට(එනම් ශබ්දය කෝන අටකින් පටිගත කල), 7.1,5.1 සරවුන්ඩිනි සවුන්ඩ්(කට්ටිය සරවුන්ඩිනි සවුන්ඩ් දන්නවනෙ?),ඩොල්බි ඩිජිටල් (DD) වලටත් සහය දක්වනව. ඒත් හැම බ්ලූ-රේ එකේම මේම සියල්ල තිබිය නොහැකියි නිෂ්පාදන මට්ටමේදි ඇතුලත් කරන්නෙ මොනවද කියල නිෂ්පාදකය තමයි තීරනය කරන්නෙ. ඩීවීඩී හා බ්ලූ-රේ වල තියන වෙනස් කම් ටිකක් මේ. ඉස්සර වෙලා අපි දන්න ඩීවීඩී ගමු තනි ලෙයරය 4.7GB, ලෙයර් දෙක 8.5GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 650යි,ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.1යි,ඝන වැස්මක් නැත,සාමාන්‍ය දත්ත ගලායන වේගය11.08mbps=1x ,ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය10.08mbps=<1x,උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 720×480/720×576, උපරිම වීඩියෝ බීට්රේට් එක 9.8Mbps,. දැන් අපි එච්චර නොදන්න බ්ලු-රේ අරගෙන බලමු, තනි ලෙයරය 25GB, ලෙයර් දෙක 50GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 405යි, ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.6යි, ඝන වැස්මක් ඇත, සාමාන්‍ය දත්ත ගලායන වේගය36.0mbps=1x, ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය54.0mbps=1.5x, උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 1920 x 1080, උපරිම වීඩියෝ බීට්රේට් එක 40.0Mbps

බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී ධාවනය කරන්නත් හැකියාව තියනව,ඒත් ඩීවීඩී ප්ලෙර්වල නම් බ්ලූ-රේ තැටි ධාවනය වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි සාමාන්‍ය ඩීවීඩී ප්ලෙර්වලට වඩා උසස් රූපරාමු බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී තැටි ධාවනයෙන් ලබා ගන්නත් හැකියි. දැන් කට්ටිය හිතනව ඇති තමන්ගෙ පරිගනකයටත් බ්ලූ-රේ ප්ලෙර් එකක් දාගන්න ඹ්නද කියල. තමන් නිතරම චිත්‍රපට බලනවනම් දැනට විඳිනවට වඩා උසස් රස වින්දනයක් අවශනම් ගත්තට කමක් නැහැ,ඒත් සාමාන්‍ය වැඩවලට නම් ඩීවීඩී ප්ලෙයර් එක ‍හොඳටම පුමාණවත් අනික බ්ලූ-රේ ප්ලෙර්ස්,තැටි ටිකක් මිලෙනුත් අධිකයි.

Thursday, August 28, 2014

5 Free burning softwares for you.. (හොදම Burning මෘදුකාංග 5ක් නොමිලේ)


 
පරිගණකයකින් CD, DVD නිපදවා ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් ලංකාවේ ප‍්‍රධාන ස්ථානයක් හිමි වන්නේ Niro මෘදුකාංගය සඳහා. නමුත් එය නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වීම ප‍්‍රධාන ගැටලූවක්. එමෙන්ම  මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පරිගණකයේ CPU Usage එක ඉහළ වීම, අවම පහසුකම් සහිත පරිගණක භාවිතා කරන්නන්ට ඇති ප‍්‍රධාන ගැටලූවක්. මෙම ගැටලූවට විසදුමක් ලෙස මේ සඳහා නොමිලේ ලබා ගත හැකි හොදම මෘදුකාංග කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. Infra Recorder
            Infra Recorder වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය තුල නොමිලේ භාවිතා කළ හැකි CD/DVD burner මෘදුකාංගයක්. පැතිරුණ පහසුකම් සහිත මෙම මෘදුකාංගය පහසුවෙන් හැසිරවිය හැකි සරල අතුරු මුහුණතක් සහිත වීම විශේෂයි. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය නොමිලේ බා ගැනීමට පුලූවන්.
Download InfraRecorder

2. ImgBurn
  ඉතා වටිනා මෘදුකාංගයක්. මෙමගින් ඉමේජ් ෆෝමැට් 10ක් පමණ නිපදවා ගැනීමට පුලූවන්. නීරෝ හි පවතින සූක්ෂ්ම පහසුකම් සමහරක් පවා මෙම මෘදුකාංගය ඔස්සේ ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා.
Download ImgBurn

3. CD BurnXP
     CD BurnXP  මෘදුකාංගයද නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්. මෙය මෙම ලිපියේ ඉදිරිපත් කරන වටිනාම මෘදුකාංගය යැයි සැලකීමට පුලූවන්. මෙම මෘදුකාංගය භාවිතයෙන්  ඕඩියෝ සීඞී, බ්ලූ රේ ඞීවීඞී, එච් ඞී ඞීවීඞී ආදිය නිපදවා ගැනීමට පුලූවන්. එමෙන්ම අයිසො ඉමේජ් නිපදවීමටද මෙම මෘදුකාංගය හරහා පුලූවන්. ඔබේ පරිගණකයේ DVD Writer එකක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කරන්න. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය ඔනෑම වින්ඩෝව්ස් සංස්කරණයක් සඳහා බා ගැනීමට පුලූවන්.


4. Burn Aware Free
   පහසුකම් රැසක් සහිත ඉතා වටිනා මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුලූවන්. වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා සහය දක්වන මෙහි ඇති පහසුකම් කිහිපයක් පහත පින්තූරයෙන් බලාගැනීමට පුලූවන්. 
ඉතා ප‍්‍රයෝජනවත් මෘදුකාංගයක් වන මෙය පහත සබැදියෙන් බා ගැනීමට පුලූවන්. බූට් ඞීවීඞී නිපදවීමට ඉතා පහසු මෘදුකාංගයක් ලෙස හැදින්වීමට පුලූවන්. 

5. Freemake Video Converter 
   මෙය පහසුකම් බොහෝමයක් සහිත මෘදුකාංගයක්. උපසිරැුසි සහිතව සිනමාපට නිපදවීම සදහා දැනට පවතින හොදම මෘදුකාංගයක්. එමෙන්ම මෙය ජනප‍්‍රිය පරිවර්තකයක් ලෙස හැදිවීමටද පුලූවන්. පහත සබැදියෙන් මෙය බා ගැනීමට පුලූවන්. 


How to resize videos with Original quality..


වීඩියෝවක ගුණාත්මක භාවය අඩු නොකර ප‍්‍රමාණය අඩු කරමු..
Handbreak is an open source software that you can convert videos for .mkv and mp4 formats without reducing video quality. Yoy can get handBreak software as given below

බොහෝමයක් නොමිලේ ලබා දෙන වීඩියෝ කන්වටර් හෝ වෘත්තීය වශයෙන් මිලදී ගන්නා මෘදුකාංගයක් මගින් යම් දිනක ඔබ වීඩියෝවක් තිබෙන ෆෝමැට් එකෙන් වෙන ෆෝමැට් එකකට පරිවර්තනය කර ඇතිවා නිසැකයි. එහෙත් වීඩියෝවක් එලෙස පරිවර්තනය කළ විට වීඩියෝවේ ප‍්‍රමාණය මෙන්ම ගුණාත්මකභාවය අඩු වීම ප‍්‍රධාන ගැටලූවක්. වීඩියෝවක් පරිවර්තනය කරන විට ගුණාත්මකභාවයට හානියක් නොකර වීඩියෝවේ ප‍්‍රමාණය පමනක් අඩු කර ගත හැකි වටිනා මෘදුකාංගයක් මෙම ලිපියෙන් ලබා දෙනවා. ිදඓඅ්රු ාදඅබකද්ා
මෙය නොමිලේ ලබා දෙන කුඩා මෘදුකාංගයක්. නමින් මෙය ්‍ය්බාඊර්නැ නම් වෙනවා. නිශ්පාදකයා පවසන පරිදි මෙය වින්ඩෝව්ස් හි ඔනෑම සංස්කරණයකට, ඵ්ජ ධචැර්එසබට ිහිඑැප එකට මෙන්ම ඹඉමබඑම සදහාද සහය දක්වනවා. පහත සබැදියෙන් අවශ්‍ය අයට නොමිලේම මෙම මෘදුකාංගය ලබා ගැනීමට පුලූවන්.


ස්ථාපනය කර ගත් පසු සැකසුම් නිවැරදිව සකසගත යුතුයි. Tools-->Option-->Output files-->Browse  වලට කන්වර්ට් කරන වීඩියෝවන් සේව් වෙන්න අවශ්‍ය ස්ථානය ලබා දෙන්න. දැන්Source වලින් කන්වර්ට් කර ගැනීමට අවශ්‍ය වීඩියෝව මෘදුකාංගයට ඇතුලත් කර අවශ්‍ය නම් අලූත් නමක් ලබා දී විඩියෝවන් පරිවර්තනය කර ගැනීමට පුලූවන්.

Make your Horoscope.. ඔබේ හදහන ඔබම සාදා ගන්න.

හදහන... කෙනෙකුගේ ජීවිතයක් සමග සෙල්ලම් කරන, තවත් කෙනෙකු සැප ඉසුරින් බබලවන, තවත් කෙනෙකුට නිකන්ම නිකන් පුස් ලියවිල්ලක් පමණක්ම වන අපූරු ලියවිල්ලකි හදහන. (Horoscope) ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව වැනි පෙරදිග ආසියානු රටවලද හඳහනට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔබේ දෛව අංකය අනුව ඔබ ගැන විස්තර සඳහන් ලිපියක් කලින් ඉදිරිපත් කළ ද බොහෝ දෙනාගේ ප‍්‍රතිචාරය වූයේ එය බොරුවක් බව ය.

    හඳහනක් හදාගැනීමට  නම්  ජෝතිශ්‍ය වේදියෙක්ගේ පිහිට පැතිය යුතු අතර  මෙය සඳහා ඔහුට රිසි සේ මුදල් අය කරයි. කිසිම කෙනෙකුගේ උදව්වකින් තොරව ඔබගේ හඳහන (Horoscope) සාදා ගන්නා අයුරු බලමු. මේ සඳහා ඔබේ නම ඔබ උපන් වේලාව සහ දිනය අත්‍යවශ්‍ය වේ. ඉහත තොරතුරු පදනම් කරගෙන ඔබට ඉතා පහසුවෙන් ඔබේ හඳහන සාදා ගත හැකි ය. ඒ සදහා පහල ලින්ක් එකෙන් යන්න.


පියවර 1.
දැන් ඔබේ නිවැරදිම විස්තර ලබාදෙන්න. සියලූම විස්තර ඇතුලත් කරන්න.
පියවර 2.
ඉහත තොරතුරු ඇතුලත් කළ පසු අලූතින් විවෘත වන පිටුවෙහි ඔබේ දිස්ත‍්‍රීක්කය තෝරන්න.
පියවර 3.
දැන් ඔබ උපන් නගරය තෝරන්න. මෙහිදී ඔබේ නගරය නොමැති නම් ඔබට  ලÛම නගරය  තෝරන්න. ඔබේ හඳහනේ නිවැරදිතාවයට මෙය අත්‍යවශ්‍යය. මහනුවර දිස්ත‍්‍රීක්කයට අදාලව පහත පින්තූරය දමා ඇත. 

පියවර 4.
දැන් ඔබට ඉන්ග‍්‍රීසි භාශාවෙන් ඔබේ හඳහන දැක ගැනීමට පුලූවන. සිංහල භාශාවෙන් ලබා ගැනීම සඳහා Get Sinhala Version කියන තැන ක්ලික් කරන්න. එවිට pdf  විදියට ඔබේ හදහන දැකගැනීමට හැකිය. එහි දකුණු පැත්තේ ඉහළ කෙලවරෙන් මෙය පහසුවෙන් ඔබේ පරිඝණකයට බාගත කර ගත හැක.


ඔයාල හරියට ඉපදුන තැන තේරුවා නම් මේක හරියටම ඇවිල්ල  ඇති. අනික තමා එක ඊ මේල් ඇඞ්ඩ‍්‍රස් එකකින් එක වතාවක් විතරයි  පුලූවන්. පෙට්ටගමේ තියෙන හඳහන අරගෙන බලන්න මේකත් එක්ක. පොඩි වෙනසක් තියෙනවා නම් හේතුව තමා නගරය. මගේ නම් නියමෙට එනවා. දැන් ඉතින් ගෙදර හදහන් බලනු ලැබේ කියල ගහන්න එපා. මේක හෙට අනිද්දා වෙද්දී 4000 ක් විතර කියවනවා. ෆෙස්බුකියෙන් 200 ක් විතර ශෙයා කරනවා. එතකොට ඉතින් ගොඩක් දෙනා මේක දන්නවා. මන් ගියා එහෙනම්. අවුලක් වුනොත් කමෙන්ට් එකක් දාන්න කියල වැඩක්  නෑ. අවුලක් වෙන්නෙ නැතිව හැමෝටම කරගන්න තමා මේක සරලවම කීවෙ.

අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා

තවත් මාස පහකින් සාඩම්බර පියෙකු ලෙස සිඟිති දරුවකුගේ කිරි සිනා දකින්නට තම ආදරණීය බිරිඳ සහ දෙමව්පිය ඥාතීන් සමග දැල්වූ බලාපොරොත්තු  සියල්ල සුන්නද්¥ලි කරමින් කිසිවකුගේ වැරදුණ කුරුමානමක් නිසා ජීවිතයෙන් සමුගන්නට යසන්තට සිදුවිය. පසුගියදා රත්මලානේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය යේමන් යසන්ත අබේරත්න, රත්මලාන තෙලවල පාරේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙකි. මේ වෙඩික්කරුවන්් බිළිගෙන තිබෙන්නේ යසන්තගේ ජීවිතය පමණක් නොවේ, ඔහුගේ බිරිඳ අංජනාගේ අනාගතය සේම ඇය හෙට දිනයේ මෙලොවට ජනිත කිරීමට සූදානම්ව සිටින දරු පැටියාගේ අනාගතය ද ඔවුන් බිලිගෙන හමාරය.

යසන්තගේ පවුලට සිටි එකම පිරිමි දරුවා ඔහු වන අතර ගැහැණු දරුවකු ලෙස යසන්තට එක් වැඩිමහල් සහෝදරියක් සිටියාය. යසන්ත පාසල් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේය. ඔහුට සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ මේ පාසල් සමයේදීය. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ අධ්‍යාපනය ලැබුවාය. නමින් කේතුමතී අංජානා කැරන් වන ඇය එකල පදිංචිව සිටියේ සිය දෙමාපියන් සමග මොරටුව සොයිසා මහල් නිවාසවලය. එකල අංජනාගේ පියා හා යසන්තගේ පියා මිතුරන්ය. ඒ මිත‍්‍රත්වය නිසා සේම පුද්ගලික පංතිවලට සහභාගී වන අතරතුරත් මුණගැසුණු අංජනා හා යසන්ත ආදර අන්දරය පාසල් සමයේ දී ඇරඹුණි. වසර අටක් පෙම්වතුන්සේ ඇසුරු කළ යසන්ත හා අංජනා රැුකියාවන් ද සොයාගත් පසු දෙමාපිය ආශිර්වාදය සහිතව මීට වසර දෙකහමාරකට පෙර විවාහ වූහ. ඉන්පසු ඔවුන් අංජනාගේ පියා ඇයට දැවැද්ද ලෙස පොල්ගස් ඕවිට, අම්බලන්ගොඩ, හෙරලියවත්තේ ඉදිකළ නව නිවසේ පදිංචි වූහ. ඇගේ දෙමාපියෝ ඊට නුදුරෙහි වෙනම නිවසක පදිංචිව සිටියහ. නිවසේ කටයුතු සොයා බලාගෙන සිටීම බිරිඳට පැවරූ යසන්ත ඇය රැුකියාවෙන් ඉවත් කර ගත්තේය. ඒ වෘත්තියෙන් රැුකියා බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියකු වන තමන්ට පවුලේ ආර්ථික  බර තනිව දැරිය හැකියැයි තිබූ විශ්වාසය නිසාය.

අංජනාගේ දෙමාපියන් යසන්තට කැමති වූයේ ඔහුගේ පියා සමග තිබූ මිත‍්‍රත්වය නිසාම නොවේ, යසන්ත මත්පැන් පමණක් නොව දුම්වැටියක්වත් පාවිච්චි නොකරන තරුණයෙකු ද වූ නිසාය. සතුන් ඇති කිරීමට, ඔවුන් සුරතල් කිරීමට යසන්ත දක්වන්නේ ලොකු කැමැත්තකි. එනිසා යසන්තලාගේ කැදැල්ලේ ඔවුන් දෙදෙනාට අමතරව සුරතල් මාලූන්ට, බල්ලන්ට, පූසන්ට මෙන්ම කුරුල්ලන්ට ද ඉඩක් වෙන්කර තිබිණ. විවාහකයකු මෙන්ම තව නොබෝ දිනකින්ම පියෙකු ලෙස කිරුළු දරන්නට ද සූදානම්ව සිටි යසන්ත ගමේ කොල්ලෝ කුරුට්ටන් සමග සරුංගල් ඇරීමට ද පුරුදුව සිටි බව ඔහුගේ මිතුරන් පවසන්නේ ඇසට කඳුළක් නංවමිනි. තමන් කොල්ලන් රෑනට එක්ව කුඩා දරුවකු සේ විනෝද වුවද ඒ අවස්ථාව අහිමි තම බිරිඳට ද ඒ සතුට ලබාදීමට ඔහු අමතක නොකළේය. එනිසා සරුංගලයක් සාදා ඉහළ අහසට නංවා එහි නූල නිවසේ කුළුණකට ගැටගසා සිය බිරිඳට ද සතුටුවීමට අවස්ථාවක් ලබාදුන්නේය. මෙවන් වූ සුන්දර හදවතක් තිබූ යසන්ත අද අප කාගෙනුත් සමුගෙන ගොස් හමාරය.

ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවන පරිදි රත්මලානට යාමට සිදුවූ කරුණ ද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහුව වටහා ගැනීමට එය ද ඉවහල්විය හැකි බැවිනි. පසුගිය 16 වැනිදා අංජනාගේ පියා වන බෙනඩික්ගේ උපන් දිනයයි. ඒනිසා 16 වැනිදා දහවල් අංජනාගේ දෙමාපියන්ගේ නිවසට ගොස් ආහාර ගෙන ඇගේ පියාට උපන් දිනයට සුභපතා ආශිර්වාද ගෙන පසුදා තම දෙමාපියන්ගේ ද සැප දුක සොයා බලා එන්නට යසන්ත අංජනා සමග රත්මලානට ගියේ සිය සහෝදරියට වූ පොරොන්දුවක් ද ඉටුකිරීමටය. ඒ රත්මලාන ආයුර්වේදයේ ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන පිරිත් දේශනයක් හා දහවල් දානය සහිත පිංකමකට අංජනා සහභාගි කරන්නැයි යසන්තගේ අක්කා කළ ඉල්ලීමකට අනුව ඊට සහභාගිවීමටය. ඒ අනුව 17 වැනිදා උදේ අංජනා හා අක්කා ආයුර්වේදයට ගෙන ගොස් ඇරලවූ යසන්ත පසුදින රැකියාවට යා යුතු නිසා කොණ්ඩය හා රැවුල කපාගන්නා අදහසින් ආපසු පැමිණ බාබර් සාප්පුවට ගොඩවැදුණේය.

යසන්තගේ මහගෙවල් ආසන්නයේම පිහිටි දන්නා තේරෙන වයසේ සිටි කොණ්ඩය රැවුල කැපූ මේ බාබර් සාප්පුවේ තම මාරයා සැඟවී ඇතැයි යසන්ත කිසිසේත්ම නොසිතන්නට ඇත. පෝලිමට එක්ව තමාගේ වාරය පැමිණෙන තුරු බලා සිටින අතරතුර තමන්ට ඉදිරියෙන් වාඩිවී සිටි අය කොණ්ඩය කැපීමට නැගිට ගියෙන් යසන්ත එම හිස්වූ පුටුවෙහි වාඩි වූයේය. හිස්වූ පුටුවේ වාඩිවීමේ වරදට ජීවිතයම හිස් කරගන්නට සිදුවේයැයි ඔහු ඒ අවස්ථාවේ කිසිසේත්ම නොසිතන්නට ඇත.

මෙම සිදුවීමෙන් කම්පනයට පත් යසන්තගේ බිරිඳ කේතුමතී අංජනා කිසිවෙක් සමග කිසිවක් නොදොඩා බලාගත්වනම බලා සුසුම් හෙළමින් සිටී. ඇය හඬන්නේ ද නැත. තම සැමියා හොරා ගත්තා සේ මේ වූ සිදුවීමෙන් පසු දිගින් දිගටම හඬාවැලපුණ ඇයට හඬන්නට තරම් තවත් නම් කඳුළු ඉතිරිව නැතුවා සේය.

මේ සිදුවීම පිළිබඳව යසන්තගේ අම්මා වන අබේරත්න මහත්මිය දක්වන්නේ මෙවැනි අදහසකි.

අපිට මේ දරුවා ආපහු ලැබෙනවා නම් අපි  ඕනම දෙයක් කරනවා. ඒත් එයා දැන් ආපහු එන්නේ නැහැ. එයාට පණදෙන්න කාටවත් බැහැ. මෙයා කාටවත් වරදක් කළ කෙනෙක් නෙවෙයි. රා, අරක්කු බීගත්ත කෙනෙකුත් නෙවෙයි. එහෙම වුණා නම් මොනවා හරි හිතලා හිත හදාගන්න තිබුණා. ගෙට ගිහින් බලන්න මෙයා හදන සත්තු. සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම දරුවෙක් තමයි අපිට නැති කළේ. මට ගොඩක් හිටියේ නෑ. එකම පුතයි හිටියේ. එයත් හොරු අරන් ගියා දෙයියනේ කාට ද මේවා පේන්නේ? පුතා මරපු එවුන්ට දඬුවම් දුන්නා කියලා වැඩක් තියේද? ඒ මිනිහා ටික කාලෙකින් ආපහු එයි.

ඇවිත් ආයෙම පරණ රස්සාව කරයි. මේක නවතින්නේ නැහැ. මේක නවතින ක‍්‍රමයක් තියෙනවා නම් මම  ඕනම දෙයක් ඒ වෙනුවෙන් කරනවා.

යසන්තගේ බිරිඳ වන අංජනාගේ පියා අයිවන් බෙනඩික් කැරන් මහතා ද අප සමග කතාකරමින් සිය දුක නිවාගන්නට උත්සාහ කළේය.

මේ දරුවා බොහොම හොඳ දරුවෙක්. කුඩු නෙවෙයි අඩුම තරමින් අරක්කු ටිකක්, සිගරැුට් එකක්වත් බොන්නේ නැහැ. කාඑක්කවත් රණ්ඩුවට යන්නේ නැහැ. පොඩි ළමයෙක් වගේ තමයි එයාගේ වැඩ. සරුංගලයක් හදලා මේ කුළුණේ ගැටගහලා අහසට යවලා දෙන්නා එක්ක බලා ඉන්නවා. ගෙයි එක කාමරයක් පිරිලා සරුංගල්වලින්. හරිම සැහැල්ලූවෙන්, විනෝදෙන් ජීවත්වුණ හොඳ පුතෙක් මට නැතිවුණා. මට බෑනා නැතිවුණා වගේම මගේ දුවට සැමියා නැතිවුණා. එයාට ලැබෙන්න ඉන්න දරුවාට පියෙක් නැතිවුණා. මේ සේරම දේවල් මේ රටේ තියෙන නොයෙකුත් වසංගත නිසයි. අපිට අපේ දරුවා ආයේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මගේ බෑනා වෙනුවෙන් උසාවි ගානේ යන්න අවශ්‍ය නැහැ. කාටවත් දඬුවම් දුන්නා කියලාත් මට ඇති පලක් නැහැ. නමුත් මම එක දෙයක් ඉල්ලනවා. පුළුවන්නම් මේ කුඩු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනිඅවි හැම තැනම පැතිරෙන එක වළක්වන්න පියවර ගන්න. ඒක තමයි මගේ දරුවාට වුණ දේ තවත් කෙනෙකුට සිදුවෙන එක වළක්වා ගන්න කරන්න පුළුවන් ලොකුම දේ.

කෙසේ වුවද දැන් ඔහු සිය පවුලෙන් පමණක් නොව රටෙන් දැයෙන් සමුගෙන හමාරය. සරුංගලයක් සේ සැහැල්ලූවෙන් ජීවත්වීමට සිය බිරිඳට ද ඉගැන්වූ යසන්ත ඇය පාමුල මහාමේරුව තබා, ගමක් හඬවමින් පසුගිය බදාදා (20) ආපසු නොඑන්නටම ගියේය.

පොලිසිය පවසන පරිදි ඝාතකයින්ගේ ඉලක්කයවී තිබෙන්නේ යසන්තට පෙර කොණ්ඩය කැපීමට නැගිට ගිය දිනේෂ් නමැති නම ගිය කුඩුකාරයෙකි. මෙය වැරදීමකින් වූ වෙඩි තැබීමක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. එහෙත් තවමත් වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැත. යසන්තගේ මවත් අංජනාගේ පියාත් පවසන පරිදි වරදකරුවන්ට දඬුවම්දීම පමණක් ප‍්‍රමාණවත් නැත. මන්ද ඔවුන් පවසන පරිදි වරදකරුවන් ටික කලකින් නැවත බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙනු ඇත. ඒ පැමිණෙන්නේ පුනරුත්ථාපනය වූ අයෙක් නොවන නිසා නැවතත් ඔහු පැරණි කාර්යයටම යොමුවනු ඇත.

වරදකරුවන් ඝාතනය කිරීමෙන් ද පලක් නැත. එවිට සමාජයේ ඉතිරිවන්නේ අතලොස්සක් පමණක් විය හැකි බැවිනි. මේ දෙමාපියන් ඉල්ලන්්නේ කිසිවෙකුටත් දඬුවම් දෙනවාට වඩා මේ සමාජයට අහිතකර දේ නැතිකර දැමීමට කටයුතු කරන ලෙසය. ඒවාට තරුණයින් ඇබ්බැහිවීම වළක්වන ලෙසය. වරදට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට ජීවිකාව ගෙන යාමට මගක් හෙළිකර දෙන ලෙසය.

Wariyapola girl released on Jail

අත්අඩංගුවට ගත් වාරියපොළ තරුණිය ඇප පිට නිදහස්වේ.

වාරියපොළ තරුණියට මානසික ආබාධයක් නැහැ (විඩියෝ සහිතයි)

වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22* රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය අද (27* සවස නියෝග කළේය.)

ඔහු තමාට නොහොබිනා ලෙස කතා කළ නිසා පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා මෙනෙවිය නීතීඥවරයකු සමග අද (27* වාරියපොළ පොලීසියට පැමිණියාය. පහර දීමට ලක් වූ තරුණයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප‍්‍රකාශයක් ලබා දීමට අද පොලීසියට පැමිණි අවස්ථාවේ තරුණිය අත්අඩංගුවට  ගැනිණ.

තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට කියා ඇත.


21 හැවිරිදි මේ තරුණියගෙන් පැය 2කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හමුවට යොමු කෙරිණ.

අනතුරුව ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව පොලිසිය අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබුණා. පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවේ තරුණියට කිසිදු මානසික ආබාධයක් නොමැති බව දක්වා ඇති බවයි.

අත්අඩංගුවට ගත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැරුණා.

මේ අතර කනේ ආබාධායක් හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප‍‍්‍රතිකාර ගනිමින් සිටි අමල්කාගෙන් කම්මුල් පහර කෑ සෙල්වා නමැත්තා අද දිනයේ දී ප‍‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

Bitdefender awards 6 free month licence to celebrating their awards for Best antivirus of 2014.

Bitdefender celebrating their awards by awarding us with 6 Free Months of the "Best Antivirus of 2014" 

 
අපේ බ්ලොග් අඩවියේ මුල්ම කාලයේ ලිපි වලදී ඉදිරිපත් කරා Virus Guards සම්බන්ධව. හොද Virus Guards මොනවාද කියන එක ගැනත් ලිපි වලදී ඉදිරිපත් කරා. දැනට ලෝකයේ සිය ගනණක් ප‍්‍රතිවයිරස් මෘදුකාංගයන් අතරින් පළමු 10 තුළ අනිවාර්යෙන් සිටිනා ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් තමා Bitdefender කියන්නේ. ඔවුන්ගේ 2014 සඳහා වන සංස්කරණය නොමිලේ මාස 6 ක කාලයක් භාවිතා කළ හැකි ආකාරය ගැන අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.
   මේ සඳහා ඔබ කළ යුත්තේ පහත link ගොස් අදාල පිටුවෙහි ඔබේ E mail ලිපිනය ලබා දීම පමණයි. 

Click Here to Download.
එවිට ඔබේ licence key එක අඩංගු
E mail පණිවුඩයක් ලැබෙනු ඇත. වෙනම හෝ එම පණිවුඩයේ ඇති උපදෙස් පරිදි හෝ Bitdefender 2014 setup එක බා ගෙන ස්ථාපනය කර ඉහත Licence key එක ලබා දුන් පසු මාස 6 ක කාලයක් නොමිලේ ලොව හොදම Virus Guard එකක් භාවිතා කිරීමට ඔබටත් පුලූවන්.

Facebook help tips..

Facebook හරහා සිදු වන අපචාර දිනෙන් දිනම වැඩි වීමේ ප‍්‍රවණතාවයක් පවතිනවා. පසුගිය දිනෙක ශ‍්‍රී ලංකාවේ නිලියක් මෙන්ම දේශපාලනයේ නියුතු අයෙකුගේ ද Facebook ගිණුමකට නීතී විරෝධී අයුරින් ඇතුල් වූ පුවතක් පසු ගිය දිනක ලන්කාවේ නන් දෙසින් අසන්නට ලැබුණා. Facebook භාවිතා කරන්නන් නිසි පරිදි භාවිතා කිරීමට මෙන්ම අනවශ්‍ය වඩ කටයුතු සඳහා යොදා නොගැනීමට ද වග බලා ගත යුතුයි.

    අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි තමන්ට මෙන්ම සමාජයට  හිතකර ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිඹදව  ගුරු දෙගුරුන් හා ශිෂ්‍ය ප‍්‍රජාව දැනුවත් කිරීමේ පුලූල් වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය අපේක්‍ෂා කරයි.

විවිධ පාර්ශවයන්ගෙන්  කෙරෙන ඉල්ලීම වලට අනුව සුපුරුදු පරිදි මෙම දැනුවත් කිරීම් සිදු කර ගෙන යන බවත් විශේෂයෙන්ම මෙම දිනවල සමාජජාල  වෙබ් අඩවි පිලිබදව සමාජයේ වැඩි අවධානය යොමු වීම නිසා  මෙම පියවර ගත් බව සංසදය පවසයි.
   නීති සහ තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මීමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නේනම් ඒ ආශිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගත හැකි වන බව ද සංසදය කියා සිටී.
   සමාජජාල වෙබ් අඩවියකට තම තොරතුරු සහ ජායරූප එක්කිරීමේදී තමන් අභිමත අයට පමණක් ඒ වෙත ප‍්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බෝහෝ විට අනවශ්‍ය ගැටලූ මතුවීම වලක්වා ගත හැකි වන බවද සංසදය සදහන් කරයි. 
   තම සමාජ ජාල ගිණුම සදහා සරල මුර පදයක් වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක් යොදා ගැනීමත් වඩා යෝග්‍ය වේ. කිසියම් කෙනෙකු වංචනිකව තම සමාජජාල ගිණුම සදහා පිවිසීම වැළැක්වීමට තම ජංගම දුරකතන අංකය පවා යොදා ගත හැකි බවද එසේ වංචනිකයකු උත්සහ කරන්නේනම් ඒ බව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම්වත් කෙරෙන බවද සංසදය පවසයි.  ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක‍්‍රියාත්මක වේ.
- ීැැ පදරු ්එථ යඑඑචථරැුරැුැක්නසරසඅ්ා්ගඉකදටිචදඑගජදපරැු2014රැු07රැුේජැඉදදන-යැකච-එසචිගයඑපකඃපදරු

Story behind the Badalkumbura Sister's murder - update

සය හැවිරිදි නංගී මරා දැමීමේ වගකීම දහතුන් වියැති අක්කාට පවරා අපිිදෑත් සෝදා ගනිමුද?

සය හැවිරිදි දැරියකට, ඇයගේම දහතුන් හැවිරිදි සහෝදරිය විසින් පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් පසුගිය සතියේ අසන්නට ලැබිණි. බැලූ බැල්මට ඉතා කෲර සිදුවීමක් සේ පෙනෙන මෙම කතා ප‍්‍රවෘත්තිය තුළ ඇත්තේ අප බොහෝ දෙනෙකු නොසිතන ළමා විය පිළිබඳ දරුණු ඛිදෙවාචකයකි.

බඩල්කුඹුර, අලූ‍පොත, කළුගහවාඩිය සිංහල ප‍්‍රාථමික විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සදීරා බාබු නමැති සය හැවිරිදි දැරිය එසේ තම දහතුන් වියැති සොයුරිය අතින් ඝාතනය වී තිබේ.

මුලදී ඔවුන්ගේ දෙමාපියන් දැරිය රෝහල් ගත කොට ඇත්තේ ගසකින් වැටීමකින් දැරිය තුවාල වූ බව සඳහන් කරමිනි. නමුත් ඔවුන්ගේ එම ප‍්‍රකාශය සැක
සහිත බැවින් රෝහල් බලධාරීන් බඩල්කුඹුර ‍පොලීසියට දැනුම් දී ඇත. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරියගේ උදරයේ අතේ සහ පපුවේ තියුණු කැපුම් තුවාල තිබෙනු දැක ‍පොලිස් නිලධාරීන් වැඩිහිටියන්ගෙන් ප‍්‍රශ්න කොට තිබේ. ඇයගේ වැඩිමහල් සහෝදරිය විසින් අසල වන ලැහැබකට කැඳවා ගෙන ගොස් පිහියෙන් කොටා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

මෙම දරුවන්ගේ මව සහ පියා මීට පෙර වෙනත් විවාහයන් කරගෙන සිටි අයයි. පියාට පළමු විවාහයෙන් දරු දෙදෙනක් සිටිති. දරුවන් දෙදෙනා ද විවාහ වී වෙනම ජීවත් වන බව පැවසෙයි. මවද පෙර විවාහයක් කරගත් තැනැත්තියකි.

දැරියගේ මව විදේශ රැුකියාවකට මැදපෙරදිග ගොස් මීට මාස තුනකට පමණ ඉහත මෙරට පැමිණ තිබේ. ලබන සතියේ නැවත ඇය විදෙස්ගත වීමට සූදානමින් සිට ඇත. දැනට වාර්තා වී ඇති අන්දමට ඒ සඳහා වැඩිමල් දියණිය කෙසේවත් කැමති වී නැත. ඊට හේතුව මව විදෙස් ගතව සිටින විට තම නැගෙණියට මවගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට ද ඇයට සිදුවීමය.

ඒ හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නතර වී තිබේ. ඇයට ඉගෙනුම ලැබිමට හැකිවී ඇත්තේ පාස‍ලේ අටවන ශ්‍රේණියට පමණි. තමන්ට මෙතරම් වගකීම් සම්භාරයක් දැරීමට නොහැකි බැවින් නැවත රට නොයන ලෙස වැඩිමල් දියණිය මවට කන්නලව් කොට ඇත. එවිට ඔවුන් තීරණය කොට ඇත්තේ ඇය දියතලාව ප‍්‍රදේශයේ කන්‍යාරාමයකට භාර දීමටය. ඇගේ දෙමව්පියන් බාල දියණියට අසීමිතව ආදරය කරන බවත් වැඩිමහල් දියණිය කෙරෙහි එතරම් තැකීමක් නොකරන බවත් මේ සම්බන්ධ මූලික ‍පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

එදින සවස පියා ගෙනා බූන්දි පාර්සලයකින් වැඩිකොටස බාල දියණියට දී ඇත. ඒ අතර වැඩිමහල් දියණියත්, බාල දියණියත් අතර ඇති වූ ආරවුලකින් බාල දියණිය අතින් නිවසේ ගුවන් විදුලි යන්ත‍්‍රය බිම වැටී කැඞී තිබේ. එහිදී ඊට දොස් නගා ඇත්තේ වැඩිමහල් දියණියටය. වැඩිමහල් දියණිය බාල දියණියට මේ අපරාධය කොට ඇත්තේ එම සිදුවීම් දෙකත් සමගිනි. එමෙන්ම එම ඝාතනය සඳහා වැඩිමහල් දියණිය තම මව ලංකාවට පැමිණෙන විට රැුගෙන ආ උල් පිහියක් යොදාගෙන තිබේ.

පොලීසිය ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඇය ප‍්‍රකාශ කොට ඇත්තේ කුමක් සිදුවීද යන්න පිළිබඳ කිසිදු මතකයක් තමන් තුළ නොමැති බවකි.

අපේ දරුවන්ට මුහුණපෑමට සිදුවන ප‍්‍රශ්න අතර ප‍්‍රධාන සමාජයීය ප‍්‍රශ්නයක් වන්නේ දෙමාපිය සෙනෙහස අහිමිවීමය× දෙමාපියන් භෞතික වශයෙන් දුරස්ව සිටියදී මෙන්ම ළග සිටීමේදී ද මේ තත්ත්වය ඇතිවිය හැක. මෙයිනුත් අප රටේ බහුලව සිදුවන්නේ මව හෝ පියා විදේශගත වීමය. විශේෂයෙන් මවගේ විදේශගත වීම දරුවන්ට ඉතා අහිතකර ලෙස බලපාන බවට මේ වන විට ලැබෙමින් ඇති සාක්ෂි බොහොමයකි.

කුඩා දරුවකුගේ කායික හා මානසික වර්ධනයට මවකගේ ආදරය අත්‍යවශ්‍යය. දරුවා යනු වැඩිහිටියන්ගේ අනුකාරකයෙකි.

තමා හැසිරිය යුත්තේ කෙසේද, යම් යම් දේවල් ලබා ගත යුත්තේ කාගෙන්ද, ප‍්‍රශ්නයක් ඇතිවූ විට ඊට මුහුණ දෙන්නේ කෙසේද, හැසිරෙන්නේ කොහොමද, යන මේ සියල්ල දරුවා විසින් කරනු ලබන්නේ තම මව ආදර්ශකයක් කරගෙනය. නමුත් මව විදේශගත වීම වැනි ප‍්‍රශ්න නිසා අද සමහර දරුවන්ට මව් සෙනෙහස අහිමිය.

මව සහ පියා නැතිවූ විට දරුවා ආදර්ශක ගන්නේ සමාජයෙනි. විශේෂයෙන්ම රූපවාහිනියෙනි. ටෙලිනාට්‍ය ඇතුළු මාධ්‍ය තුළින් දකින ප‍්‍රචණ්ඩත්වය වැනි දේවල් ආදර්ශකයක් ලෙස ගනු ඇත. මාධ්‍යවලින් අප දකින්නේ සමාජයෙහි තිබෙන ප‍්‍රචණ්ඩත්වයයි.

මෙම සිද්ධිය පිළිබඳව සැලකුවොත් වැඩිමහල් දරුවාට වැඩිහිටියකු ලෙසිනුත් කුඩා දරුවාට ළමයෙකු ලෙසත් දෙමාපියන් සලකා ඇත. නමුත් වැඩිමහල් දරුවාද දෙමාපියන්ගේ ආදරය ලැබිය යුතු වයසක පසුවන්නියකි. එසේ තිබියදී තම නැගණියට පමණක් දෙමාපියන් ආදරය කරන විට, වැඩි සැලකිල්ලක් දක්වන විට වැඩිමහල් දරුවා තුළ නැගණිය කෙරෙහි වෛරයක් වර්ධනය වීම අස්වාභාවික දෙයක් නොවේ.

මේ හේතූන් මත වැඩිමහල් දරුවා තුළ කෝපය, ආවේග පාලනය කිරීමේ අපහසුව වැනි ලක්ෂණ හට ගැනීමට පුළුවන. මෙම ඛිදෙනීය සිද්ධියද එහි ප‍්‍රතිඵලයක් වනු ඇත.

කුමක් හෝ බරපතළ නැතහොත් ඛිදෙනීය සිද්ධියක් සිදුවූ විට එය තනි සිද්ධියක් ලෙස හුවා දක්වා එහි මතුපිට ස්වභාවය පමණක් විමසා බලා තීන්දු තීරණ ගැනීම අපේ රටේ ස්වභාවයයි. එය බොහෝ විට සලකා බැලෙනුයේ නීතිමය පසුබිමක් ඔස්සේ පමණි. නිදසුනක් ලෙස අපරාධයක් සිදුවූ විට එම අපරාධකරුවා අධිකරණයට යොමු කර දඬුවමකට යටත් කරනු ඇත. එය ලෝකය පුරා ක‍්‍රියාත්මක වන දෙයකි. එහෙත් මෙවන් සමාජ අර්බුද හුදෙකලා සිද්ධීන් ලෙස නොගන්නා දියුණු ලෝකය මීට වඩා පුළුල් ලෙස ඒ දෙස බලයි.

නිදසුනක් ලෙස දියුණු රටවල අපරාධයක් සිදුවූ පසු එම අපරාධය පිළිබඳ සුලමුල විෂය ක්ෂේත‍්‍ර ගණනාවක් තුළින් සොයා බැලීම සිදුවේ. එයින් අපේක්ෂා කරන්නේ එවැනි අපරාධයක් යළි සිදු නොවීමට ඉඩකඩ සකස් කිරීමය. ඉහත සිද්ධියද එලෙස පුළුල් විමසුමකට ලක් කළ යුතු සමාජ මනෝවිද්‍යාත්මක ප‍්‍රපංචයකි.

එම අපරාධය සිදුකර තිබුණේ වයස අවුරුදු දහතුනක නව යොවුන් දැරියකි. සාමාන්‍යයෙන් නව යොවුන් වියේ පසුවන දැරියක මෙවැනි බිහිසුණු දේට යොමු වන්නේ නැත. ජීව විද්‍යාත්මකව සිදුවන ශරීරයේ ජෛව රසායනික වෙනස්කම් මත එහි ලක්ෂණ පළකරන මෙම වයසේ දැරියන් තුළ වැඩි නැඹුරුවක් ඇති වන්නේ බිය, ලජ්ජාව, අනුරාගය වැනි භාවාත්මක සහ සංවේදී දේවල් කෙරෙහිය. එවැනි දැරියක මිනී මැරුමකට, විශේෂයෙන් තම බාල සොයුරිය මරා දැමීමට යොමුවීම ජාත්‍යන්තර පුවත් අතරට පවා එක්ව ඇති කරුණකි.

දියුණු රටවල නම් මෙවැනි සිද්ධියක පශ්චාත් මනෝවිද්‍යාත්මක විමර්ශනයක් සිදුකරන අතර එමගින් කරුණු රාශියක් අනාවරණය කරගනිමින් මනෝවිද්‍යාත්මක, අපරාධ විද්‍යාත්මක, සමාජ මනෝවිද්‍යාත්මක ආදී වශයෙන් පැති රාශියක් තුළ එම කරුණු විශ්‍ලේෂණය කෙරේ.

දරු, දාරක යන නම්වලින් හැඳින්වෙන දරුවා යන්නෙහි අරුත දරා සිටිය යුතු තැනැත්තා යන්නය. එලෙස දරාගෙන සිටිය යුත්තේ අන් කිසිවකු නොව දෙමාපියන් විසිනි. එම දරාගෙන සිටීම යනු දරුවාට අවශ්‍ය ‍පෝෂණය, ආරක්ෂාව සේම කායික මානසික නිදහස සහ රැුකවරණය සැලසීමය. දරුවාගේ මානසික ව්‍යුහය වර්ධනය වන්නේ එම රැුකවරණය තුළිනි.

ඉහත සිද්ධිය අනුව පැහැදිලි වන්නේ දැරියගේ මව්පියන් ඇය වැඩිහිටියකු බවට පත්කරගෙන ඇති බවය. මෙයද මෙම දැරියට පමණක් සීමාවූවක්් නොව අපේ රටේ ළමා පරපුර මුහුණ දෙන ‍පොදු ඛිදෙවාචකයක් පිළිබඳ නිදසුනකි.

අවුරුදු දහතුන වැනි ළාබාල වයසක සිටියදී වැඩිහිටියකු පරිදි පවු‍ලේ විශාල වගකීම් සම්භාරයක් දරා සිටින්නට සිදුවීම එබඳු දරුවකුට විශාල කායික හා මානසික පීඩාවකි. එය එවැනි දරුවකුට ඔරොත්තු දෙන්නක් නොවේ. ඊට කායික ව්‍යුහය සේම මොළයේ ඓන්ද‍්‍රීය සහ ජෛව රසායනික ව්‍යුහයද සුදුසු ලෙස සකස් වී නැත. මේ වයසේ දරුවන් ලෝකය දකින්නේ වැඩිහිටියන් දකින ආකාරයට නොවේ. ළමා අයිතිවාසිකම් නමින් වෙනම අයිතිවාසිකම් කොටසක් ප‍්‍රඥප්ති ගතකොට ඇත්තේ එම තත්ත්වය සලකා බැලීමෙනි. එවන් තත්ත්වයක් යටතේ දරුවකු මෙවන් ඛිදෙවාචකයකට ගොදුරුවීම මෙලොව දරුවකුට සිදුවිය හැකි විශාල අපරාධයකි.

මේ වයසේ දරුවන් තුළ සතුට, ශෝකය වැනි දේ තීව‍්‍ර ලෙසින් උද්දීපනය වේ. පාළුව, තනිකම දැඩිව දැනේ. එහෙත් ඒ පිළිබඳව නොසිතා දරුවා වැඩිහිටියකු බවට පත් කිරීම කැඩුණු රන් මාලයක් පෑස්සීමට කම්මලකට භාරදීමක් මෙනි.

මෙලෙස යම් දරුවකුට, ළමයාගේ සීමාවෙන් ඉක්ම යන්නට සිදුවූ විට තමාට ජීවිතයක් නැතැයි දැනෙන්නට ආදරය, කරුණාව වැනි මානුෂීය හැගීම් තමාට අහිමි යැයි සිතන්නට දරුවා පෙළඹිය හැකිය. මේ නිසාම එවැනි දරුවන් මානසික රෝගවලට ගොදුරු වීමට ඉතා පැහැදිලි අවකාශයක් තිබේ. මෙහිදීද මෙම දහතුන් හැවිරිදි අක්කා, තම සය හැවිරිදි නැගණියට මෙබඳු අමානුෂික ක‍්‍රියාවක් සිදුකළේ මානසික සෞඛ්‍යයේ දරුණු බිඳ වැටීමක් නිසා වීමට පුළුවන එනිසා මෙය හුදෙකලා සිද්ධියක් වශයෙන් ගෙන පව්කාරියට ගල්ගැසීම වැනි බොළඳ තීරණවලට නොඑළඹී අප ජාතියේ දරුවන්ට අත්වන මෙම ‍පොදු ව්‍යසනයෙන් ඔවුන් මුදා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම ජාතිය සතු ‍පොදු වගකීමකි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ 
මානසික රෝග විශේෂඥ වෛද්‍ය 
රූමි රූබන්

Isn't open adf.ly links?? Try this.. (adf.ly ලින්ක්ස් වලට යන්න බැරි නම් මෙහෙම යන්න..)


Adf.ly ලින්ක් වලට යන්න බැරිද?? මෙහෙම බලන්න..
බොහෝ වෙබ් අඩවි මෙන්ම බ්ලොග් අඩවි ඔවුන්ගේ බාගත කිරීමේ ලින්කු මෙන්ම වෙනත් සමහර ලින්කු ද යොමු කරවන්නෙ Adf.ly හරහා. ඒත් මෑතකදී ගොඩක් දෙනා අහපු දෙයක් තමා ඇඞ් ෆ්ලයි ලංකාවට වැඩ නැද්ද, ඒකත් ඇඞ්සෙන්ස් වගේ කරලද කියල. එහෙම කරල නෑ. හැබැයි සමහර අන්තර්ජාල සම්බන්ධතා හරහා ඇඞ් ෆ්ලයි ලින්ක් වලට යන්න බෑ. මේකට පොඩි විසදුමක් තියෙනවා. එහෙම ගැටලූවක් ආව අය මේ ක‍්‍රමයෙන් ඒ ගැටලූව විසදගන්න.


1. ක‍්‍රමය.
විවෘත වෙන්නෙ නැති ඇඞ් ෆ්ලයි ලින්ක් එකේ මුලට V2. කියන එක එකතු කරල ලින්ක් එක භාවිතා කරන්න.
උදාහරණය.
විවෘත වෙන්නෙ නැති ලින්ක් එක මේක කියල හිතන්න. http://adf.ly/RaHfT#sthash.bjAow9TN.dpuf මේක විවෘත කරගන්න පුලූවන් ලින්ක් එක මෙන්න මේ විදියට සැකසීමෙන්. http://v2.adf.ly/RaHfT#sthash.bjAow9TN.dpuf මේක බාගන්න උත්සාහ කරන්න එපා. මන් හිතට ආව එකක් දැම්මෙ.
2. ක‍්‍රමය.
විවෘත වෙන්නෙ නැත්තෙ http හරහා ගමන් කරන ලින්ක් නිසා http වෙනුවට http භාවිතා කිරීමෙන්ද මෙම ගැටලූව නිරාකරණය කරගන්න පුලූවන්.
උදාහරණය
විවෘත වෙන්නෙ නැති ලින්ක් එක මෙය නම් http://adf.ly/RaHfT#sthash.3aK95YXR.dpuf එහි පහත අයුරින් වෙනස්කම කළ විට ගැටලූවකින් තොරව විවෘත කර ගැනීමට පුලූවන්.

https://adf.ly/RaHfT#sthash.3aK95YXR.dpuf
3.ඉහත ක‍්‍රම 2න් එකක් වත් වැඩ කරන්නෙ නැත්තන් ප්‍රොක්සි සපයන වෙබ් අඩවියක් ඔස්සේ යාමට සිදු වෙනවා. බොහෝ විට ඉහත ක‍්‍රම වලින් අවශ්‍ය කාර්‍යය කර ගැනීමට හැකි වේවි. සුබ දවසක්.

"Kudu Chamara" arrested at BIA - update

කුඩු තිලාන් කොටුවීම චිත‍්‍රපටයක්‌ වගෙයි

ඔහුට සහාය දුන් ආගමන නිලධාරි සහ බන්ධනාගාර නිලධාරි දැලේ
රටින් පනින්න රු.30000ක්‌ ගෙවා අලූත් ,හෙයා ස්‌ටයිල්, එකක්‌ද දාලා

දේවගේ තුසිත චාමර නොහොත් කුඩු තිලාන්ට මෙරටින් පැන යැම සඳහා ආධාර අනුබල දුන් කටුනායක ගුවන්තොටුපළේ රාජකාරි කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු සහ ඔහුට රාගම රෝහලෙන් පැන යැමට උදව් කළ බන්ධනාගාර නියාමකවරයකු ඊයේ (26 වැනිදා* විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වූ පත්මලාල් මාධව නමැත්තකු සහ රසික දේවප‍්‍රිය නමැති බන්ධනාගාර නියාමක වරයෙකි. මොවුන් දෙදෙනා ඊයේ (26දා* මහර සහ මීගමුව යන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඉකුත් ජුනි මස 20 වැනිදා පොලිස්‌ මත්ද‍්‍රව්‍ය කාර්යාංශය මගින් මත්කුඩු ග‍්‍රෑම් 500 ක්‌ ද සමගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මහර බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එහිදී ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සිටියදී කුඩු තිලාන් බන්ධනාගාර රැුකවලෙන් මිදී පලා ගියේය.

ඔහුට ඒ සඳහා අවස්‌ථාව ලබා දුන් දැනට අත්අඩංගුවට ගෙන ඇති බන්ධනාගාර නියාමකවරයාට රුපියල් 4500 ක මුදලක්‌ තමන් විසින් ලබා දුන් බවත් රටින් පිටව යැමට පැමිණි මොහොතේ ආගමන විගමන සහකාර පාලකවරයාට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ලබාදුන් බවත් පෙරේදා (25 වැනිදා* කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු තිලාන් පොලිස්‌ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

කුඩු තිලාන්ට මෙරටින් පැන යැම සඳහා ව්‍යාජ නමකින් විදේශ ගමන් බලපත‍්‍රය සකස්‌ කර ගැනීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින්ගේ කිහිපදෙනකුගේ පූර්ණ සහාය ලැබී ඇතැයිද පොලිසිය සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මොහු රටින් පැන යැම සඳහා ආගමන විගමන දේපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත‍්‍රය ලබාගෙන ඇත්තේ ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන පුද්ගලයකුට අයත් හැඳුනුම්පතක ඡුායාරූපය වෙනස්‌ කොට එහි ඡුායා පිටපතක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමෙන් බවද පොලිසිය සිදු කරනු ලබන විමර්ශණවලදී හෙළි වී ඇත.

ඩුබායිහි සිටින සිය අනියම් බිරියක වන අමාලි නමැත්තියක එවන ලද ලියකියවිලි උපයෝගී කර ගනිමින් ව්‍යාජ ගුවන් බලපත‍්‍රය සකස්‌ කර ගත් තිලාන් පෙරේදා (25දා* විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ රාත‍්‍රි කාලයේය.

ඔහු ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයට පැමි”මත් සමග තිලාන්ට දුරකථන ඇමැතුමක්‌ ලැබී ඇති අතර ඉන් ස්‌වල්ප වේලාවකට පසු නිල ඇඳුමින් සිටි ආගමන විගමන සහකාර පාලකවරයා පැමිණ ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තය ඉදිරිපිට සිටි තිලාන්ව ගුවන් තොටුපළ වෙත රැුගෙන ගොස්‌ ඇත.

එදින ගුවන් තොටුපළ 15 වැනි ආගමන විගමන කවුළුවේ රාජකාරි කළ අදාළ සහකාර පාලකවරයා මෙසේ ගුවන් තොටුපළින් පිටතට පැමිණ පුද්ගලයකු රැුගෙන යනු ඒ අවස්‌ථාවේ එහි අවේක්‍ෂණ රාජකාරියේ නිරතව සිටි බුද්ධි නිලධාරින් දැක ඇතිවූ සැකයක්‌ මත ඒ පිළිබඳ විමසිලිමත් වී ඉහළට කළ දැනුම්දීමකට අනුව ගුවන් තොටුපළින් පිටව යැමට පැමිණි කුඩු තිලාන් අවසන් මොහොතේ කොටු කර ගැනීමට හැකිවූ බවද පොලිස්‌ මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

කුඩු තිලාන් රැුගෙන යැමට ගුවන් තොටුපළින් පිටතට පැමිණි ආගමන විගමන සහකාර පාලකවරයා ගුවන් ගමන සඳහා අදාළ කටයුතු සිදු කෙරෙන සෑම කවුළුවකදීම තිලාන් සමග සිටිමින් ඔහුට සහාය ලබා දෙන අයුරුද මෙහිදී සීසීටිවී කැමරා ඔස්‌සේ බුද්ධි අංශ නිලධාරින් නිරීක්‍ෂණය කර ඇත.

එසේ තිලාන් සමග ගුවන් ගමන සඳහා සියලූ කටයුතු කරමින් සිටි ආගමන විගමන සහකාර පාලකවරයා අවසානයේ තිලාන්ව තමන් එදින රාජකාරි කළ 15 වන කවුළුව වෙත රැුගෙන විත් ඔහු ගුවන්ගත වීම සඳහා පිටත් කර ඇති අතර එහිදී තිලාන් අදාළ ආගමන විගමන නිලධාරියාට කවරයක දැමූ යමක්‌ ලබා දෙන අන්දමද කැමරා දර්ශන ඔස්‌සේ බුද්ධි නිලධාරින් දැක තිබේ.

ඒ වන විටත් මෙරටින් පිටව යැමට පැමිණ සිටිනුයේ කුඩු තිලාන් බව බුද්ධි නිලධාරින් දැන සිට නැති අතර ආගමන විගමන නිලධාරියාට ලියුම් කවරයක්‌ දෙන දර්ශනයත් සමග මේ සිටිනුයේ පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයකු බවට සැක සිතූ නිලධාරින් අවසන් මොහොතේ කුඩු තිලාන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ රටින් පැන යැමට පැමිණියේ කුඩු තිලාන් බව අදාළ නිලධාරින් හඳුනාගෙන ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් පසුවය.

අත්අඩංගුවට පත් කුඩු තිලාන් පොලිස්‌ ත‍්‍රස්‌තවිමර්ශන කොට්‌ඨාසය භාරයට ගෙන කොළඹට රැුගෙන ඒමෙන් පසු සිදු කළ පරීක්‍ෂණවලදී තමන් ආගමන විගමන නිලධාරියා අතට දුන් ලිපි කවරයේ වූයේ රුපියල් ලක්‍ෂයක මුදල බව කුඩු තිලාන් විසින්ම පොලිසියට පාපොච්ඡුාරණය කර ඇත.

බන්ධනාගාරයෙන් පලා ගිය අවස්‌ථාවේ සිට මාස දෙකක කාලයක්‌ පුරා මුල්ලේරියාව ප‍්‍රදේශයේ නිවසක සහ වැල්ලවත්ත ප‍්‍රදේශයේ සුපිරි මහල් නිවසක සැගවී සිට ඇති කුඩු තිලාන් රටින් පැන යැමට සිය ස්‌වරූපය වෙනස්‌ කර ගැනීම සඳහා වැල්ලවත්තේ පිහිටි රූපලාවන්‍යගාරයකින් රුපියල් 30000 ක්‌ ගෙවා අලූත් කොණ්‌ඩා මොස්‌තරයක්‌ද දමාගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී හෙළි වී ඇත.

මොහු විදේශගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත‍්‍රය සකස්‌ කර ගැනීමේදී කිසියම් පුද්ගලයකුගේ නමට ඇති බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂයක මුදලක්‌ බැර කර ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පොලිස්‌ ත‍්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Wednesday, August 27, 2014

High speed internet for you.. (අන්තර්ජාල වේගය වැඩි කරමු)


අන්තර්ජාලයේ වේගවත්ව සැරිසරමු...
අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනාට තිබෙන ප‍්‍රධාන ගැටලූවක් ලෙස අන්තර්ජාල වේගය අඩු වීම හදුන්වන්න පුලූවන්. මේ සඳහා බලපාන ප‍්‍රධාන හේතු කිහිපයක් අතරින් ඔබ භාවිතා කරන DNS(Domain Name System) Servers වල වේගය හැදින්වීමට පුලූවන්. සාමාන්‍යයෙන් මෙහි ඔබ සැකසුම් කිරීම අත්‍යවශ්‍ය කාර්‍යයක් නොවන්නේ ඔබගේ අන්තර්ජාල සේවා සම්පාදකයා ඔබට ඔවුන්ගේ ෘභී ලබා දීමයි. නමුත් මෙම සේවාව වෙනස් කර ප‍්‍රසිද්ධDNS භාවිතා කිරීමෙන් පැහැදිලි ලෙසම  ඔබගේ අන්තර්ජාල සබඳතාවයේ වේගය වැඩි කර ගැනීමට පුලූවන්. මෙය කොන්ට්‍රෝල් පැනල් හි සැකසුම් සක්ස් කිරීම මගින් කර ගත හැකි වුවත් මේ සඳහා ඔබට ගැලපෙනDNS සේවාව කුමක්ද යන්න තෝරා ගැනීමට හැකියාවක් නෑ. නමුත් මෙහි ඉදිරිපත් කර ඇති කුඩා මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔබට වඩාත්ම ගැලපෙන, වේගව්ත්ම DNS සේවාව පහසුවෙන් තෝරා ඉතා පහසුවෙන් එම DNS භී පරිගණකයට ඇතුල් කිරීමට හැකියාව තිබෙනවා. පහත සබැඳියෙන් මෙම මෘදුකාංගය බා ගැනීමට පුලූවන්. 

How to watch TV without data chargers. Specialy for Dialog Users


ඩයලොග් පාරිභෝගිකයන්ට අනගි වාසියක්..
අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අපූරු වාසියක් ඩයලොග් ආයතනය විසින් ලබා දෙනවා. සාමාන්යෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම ඵහ ඔඪ සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිබෙනවා.

   මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා. නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක‍්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලූවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි.

Saturday, August 23, 2014

මහේල හා සංගා එකට නාගනී.

ලොවපුරා අතිශය ජනපි‍්‍රය අයිස් වතුර නෑමේ අභියෝගය මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර භාරගෙන තිබෙනවා.
කිසියම් පුද්ගලයෙකු අයිස් වතුර නෑමෙන් පසු තවත් අයෙකුට අභියෝග කිරීම මෙහිදී සිදු වනවා.
මොවුන් දෙදෙනාට අභියෝගය භාර දී ඇත්තේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් වන ඔටාරා ගුණවර්ධණ මහත්මියයි. මහේල ජයවර්ධන අභියෝග කර සිටින්නේ Michael Clarke , Rahul Dravid , සහ Angelo Mathews හටයි.
කුමාර් සංගක්කාර අභියෝග කර සිටින්නේ Adam Gilchrist , Virat Dohli , Dale Steynට යි.

Friday, August 22, 2014

මදුරු කරදරෙන් බේරෙන්න මෙන්න පොඩි ගැ‍ජේට් එකක්. Mosquito Trap.

මං  අන්තර්ජා‍ල්‍ෙ කූරෑ ගාද්දි හම්බ උණා සුපිරි ගැ‍ජේට් එකක්. ඔයාලටත් ඔන්න ඒක මං ගෙනාවා  .. අපි ල‍ැප.. ලග  කොම... ලග.... වැඩ කරද්දි  මදුරැවන්වන්ගෙන් මාර කරදරයක්නේ තියෙන්නේ නේද... ඉතින් ඔන්න මං ගෙනාවා පොඩි ගැ‍ජේට් එකක් බා‍ගෙනම බලන්නකෝ එහෙනම්... මදුරැවෝ අප‍ට ආයේ අනී....ද කියලා..... - See more at: http://ravinathrevolution.blogspot.com/search/label/Software#sthash.1HlqZNxh.dpuf
මං  අන්තර්ජා‍ල්‍ෙ කූරෑ ගාද්දි හම්බ උණා සුපිරි ගැ‍ජේට් එකක්. ඔයාලටත් ඔන්න ඒක මං ගෙනාවා  .. අපි ල‍ැප.. ලග  කොම... ලග.... වැඩ කරද්දි  මදුරැවන්වන්ගෙන් මාර කරදරයක්නේ තියෙන්නේ නේද... ඉතින් ඔන්න මං ගෙනාවා පොඩි ගැ‍ජේට් එකක් බා‍ගෙනම බලන්නකෝ එහෙනම්... මදුරැවෝ අප‍ට ආයේ අනී....ද කියලා..... - 
Download 

වින්ඩෝස් දාන්න System Unit එකම එපා... හාඩ් ඩිස්ක් එක විතරයි අරන් එන්‍‍ඩ‍ෝ...

… " මගේ කම්පියුටර් එකෙන් Hard Disk Drive එකකට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරනවා... ඉන්පසුව එම Hard Disk Drive එක වෙනත් කම්පියුටර් එකකට ප්ලග් කරල මම මගේ කම්පියුටර් එකෙන් දැමූ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් හැසිරවිය හැකිද...??"
සූත්තරේ මෙන්න.. ...


…යහළුවගෙන් උස්සගෙන ආව Hard Disk Drive එකට windows XP service pack 3 ස්ථාපනයකරගෙන වැඩපටන්ගමු... හලි හැබැයි Drivers installations නම් ඔට්ටුනෑ හොදේ... ඒකෙන් වැඩක් නැහැනේ... කොහොමත් යහළුවගේ කම්පියුටර් එකේ motherboard එකට ඕන Drivers and utilities කොහොමත් දාගන්න වෙනවනේ... අපි මේ කොරන්නෙ මෙහෙයුම්පද්ධතිය ස්ථාපනය කිරීමක් විතරමයි ඈ...

මුලින්ම දැන් windows XP sp3 ස්ථාපනය කරගත්තු පාටිෂන් එක ඕපන් කරගන්නකෝ...
හ්ම්ම් හලි එහෙනම් දැන් Sysprep කියල අලුත්ම ෆෝල්ඩර් එකක් හදනවා... හරිද..??
දැන් windows XP sp 3 CD එක ROM Drive එකට දාගන්න.. ඒකත් ඕපන් ඈ... රන් කරනව එහෙම නෙවෙයි ඈ… support එක අස්සේ.. Tools අස්සේ... තියන Deploy.cab file එක extract කරගෙන ඕපන් කරගන්නකෝ... ඕක ඇතුළෙ තියනවා  Sysprep.exe සහ Setupcl.exe ඕං ඔය දෙකම කොපිකරගෙන ආං අර අපි හදපු Sysprep folder එකට රිංගවනවා ඈ... දැන් windows XP sp 3 CD එක එළියට ගන්නකෝ...
…දැන් වැඩේ පටන්ගමු එහෙමනම් ඈ...
…හලි දැන් එහෙනම් command prompt එක දන්නවනේ.. අර අර කලු රෙද්ද... මතකයි නේ..?? run එකේ cmd ගැහුවම එන්නේ... ආං ඒක දිගහැරගෙන cd Sysprep කියල ටයිප් කොලා එන්ටර් කොලා ඈ..
…හලි දැන් ආයෙමත් කලුරෙද්දෙම මෙහෙම  sysprep /factory  කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…නැවතත්... sysprep /reseal කියල ටයිප්කොලා එන්ටර් කොලා...
…දැන් හලි ඈ... ඉන්පස්සෙ ඉතිං Hard Disk Drive එක ගලවගෙන ගොහින් යහළුවගෙ කම්පියුටර් එකට ප්ලග් කොරල Hard Disk Drive එකෙන් බූට් කලා... preinstallation process පටගනීවි... හරිම සරලයි... තේරුම්ගන්න පුළුවන් ක්‍රමයක් නේ බං... :)

ආ.... දැන් ඉතිං windows 7 සෙල්ලම...
…windows XP sp 3 වගේ DVD අනවශ්‍යයි.. දන්නවනේ හේතුව... අලුත් සිහිනයකින් බිහිවුණ අලුත් බලාපොරොත්තුව ඉටුවෙලා... අලුත් විදියට.. හලි හලි.. කතා ඇති... දැන් වැඩ..
1. start >> cmd (Run as Administrator )
2. ඕං ඕකේ sysprep\sysprep.exe කියල ටයිප් කොලා එන්ටර් කලා...                                                  
 3. System Preparation Tool එකේ තියන System Cleanup Action එක යටින් තියන Generalize කියන එකට ටික් එකක් දාගෙනම පරිගණකය shutdown කරන්න ඈ...
දැං ආයෙමත් ඒක ගලවලා ගෙනල්ලා ඔයාගෙ computer එකට ගහලා boot කරන්න හරිම සරලයි නේ... වැඩිවිකාර මොනවත් නෑ... හේතුව වින්ඩෝස් අලුත්වෙලා....
හරි එහෙනම් ඈ.. දැන් ඉතිං ඉතිරි යාළුවගෙ කම්පියුටර් රාජයාගෙන් කළයුතු සැකසුම් තමා ඈ...
check video performances ඉවසපංකෝ Setup is installing devices (100%)  හුරේ දැන් හරී... country or region ... Time and currency... Keyboard layout... අනංමනං දීගෙන ඉදිරියටම එන්න දන්නවනේ...
…ඕං එහෙනම් වැඩේ ගොඩ ඈ... යාළුවගෙ Hard Disk Drive එක විතරක්  උස්සන් ඇවිදින් යාළුවගෙ කම්පියුටර් එකට Windows මෙහෙයුම්පද්ධතියත් දැම්මා ඈ... ඒත් ඉතිං කෝ ගැළපෙන Drivers ටික... ? එව්ව නැහැනේ...
…ඔව් ඉතිං කියනව කිව්වෙ අනුන්ගෙ Hard Disk Drive එකක් උස්සන් ඇවිදින් ඒකට ළගතියන කම්පියුටර් එකකින් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය දාන්න කියලදෙනව කියල විතරනේ...
ප්‍රශ්ණයක් හොදාකාරවම දන්නවනේ.. ඉතිං ගැළපෙන Driver Utilities සොයා ගන්න විගඩම් සොෆ්ට්වෙයා කෑලි ඕනි නෑ... මෙන්න නියම සහ නිවැරදිම ක්‍රොමේ...
…Motherboard වර්ගය සහ model එක නිවැරදිව දැනගන්න.. ඉන්පස්සෙ Motherboard නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවියට යන්න.. දැන් motherboard model එක ලබාදී ස්ථාපනය කර ඇති මෙහෙයුම්පද්ධතියට අදාළව එහි ඇති සියලූම Driver Utilities බාගතකරගන්න... දැන් ශරිනේ.... ඒකත් ගොඩ ඈ...

පෙන් එකේ දත්ත හුවමාරු වේගය වැඩි කරන ආකාරය

පරිගණක භාවිතා කරන බොහෝ දෙනා දත්ත හුවමරු කිරීම සඳහා භාවිතා කරන්නේ pen drives. නමුත් සමහර අවස්ථා වලදී විවිධ හේතූන් නිසා පෙන් එකකට ෆයිල්ස් කොපි කිරීමට අධික වේලාවක් ගත වෙනවා. පෙන් ඩයිව් එකේ පවතින විවිධ errors සහ පෙන් එකේ වයස මෙයට බලපානවා. නමුත් පෙන් එකට ෆයිල්ස් කොපි වන වේගය නැවතත් සුපුරුදු තත්ත්වයට හෝ ඒටත් වඩා වැඩි තත්ත්වයකට ඉහළ නංවාගැනීමට හැකියි. මේ ලිපියෙන් එය කරන ආකාරය විමසා බැලෙනවා.
පෙන් ඩ්‍රයිව් එකකින් ෆයිල්ස් කොපි කිරීමේදී හෝ පෙන් ඩයිව් එකට ෆයිල්ස් කොපි කිරීමේදී වැඩියෙන් වේළාව ගත වීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපානවා. හුවමාරු වන ෆයිල් වර්ගය ප්‍රධාන වශයෙන්ම මෙහිදී සැළකිය යුතුයි. මෘදුකාංග වැනි ඇප්ලිකේෂන් ෆයිල්ස් වලට වඩා වේගයෙන් mp3 ආදී ගොණු ඉක්මනින් හුවමාරු වන බව ඔබ අත්දැක ඇති. එමෙන්ම ඔබගේ පෙන් එකේ වයස හුවමාරු වේගයට කෙළින්ම බලපානවා. කල් ගතවන විට නිතර භාවිතා කරන පෙන් ඩ්‍රයිව් වල විවිධ දුර්වලතා ඇති වීම මෙයට හේතුවයි. අද බොහෝ විට භාවිතා වන්නේ USB2.0 තාක්ෂණයයි. නමුත් ඔබගේ පෙන් එක USB 1.1 එකක්නම් එහි ෆයිල් හුවමාරු වේගය සාපේක්ෂව අවමයි.
ඉහත සඳහන් කළ කරුණු තුන අපට වෙනස් කළ නොහැකියි. නමුත් අපට වෙනස් කළ හැකි කාරණා වෙනස් කර ෆයිල් ට්‍රාන්ස්ෆර් වේගය ඉහළ නංවා ගන්නා ආකාරය මෙසේයි.

NTFS File System එක භාවිතා කිරීම

1
4GB වලට වඩා වැඩි ගොණු ට්‍රාන්ස්ෆර් කිරීම සඳහා පෙන් එක NTFS ලෙස ෆෝමැට් කර තිබීම අවශ්‍ය වෙනවා. My Computer තුළින් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මත Right ක්ලික් කොට format විධානය ලබා දෙන්න. ලැබෙන වින්ඩෝවෙන් පහත පරිදි NTFS තෝරා Start බට්න් එක ඔබන්න.

Disk Errors ඉවත් කිරීම

2
ඉන්පසු පෙන් එක මත රයිට් ක්ලික් කොට properties තෝරා Tools ටැබ් එකට යන්න. එහි ඇති check-now බට්න් එක ඔබා ලැබෙන කුඩා වින්ඩෝවෙන් පහත රූපයේ ආකාරයට සලකුණු කර Start බට්න් එක ඔබන්න.

Device Policy වෙනස් කිරීම

properties වින්ඩෝවේම hardware ටැබ් එක වෙත ගොස් ඔබගේ පෙන් එක තෝරා පහල ඇති properties බට්න් එක ඔබන්න. ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් Change Settings බට්න් එක ඔබන්න.
3
ඉන්පසු policies ටැබ් එක වෙත ගොස් පහත රූපයේ පරිදි Better Performance තෝරා OK කරන්න. අනතුරුව ඔබගේ පරිගණකය Restart කරන්න.
4

කන්ණාඩි නැතිව 3D අත්දැකීම විඳගන්න [Pictures] 3D without glass.

3D තාක්ෂණය අදවන විට බොහෝ ජනප්‍රියයි. දැන් නිකුත්වන බොහෝ චිත්‍රපට 3D තාක්ෂණය යටතේද නිකුත් වනවා. නමුත් එම 3D අත්දැකීම නිසියාකාරව අත්විදීමට නම් අප 3D කණ්නාඩි පැළදිය යුතුයි. එසේ විශේෂ කණ්ණාඩි කිසිවක් භාවිතා නොකර 3D අත්දැකීම විඳගන්නට හැකි පින්තූර කිහිපයක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. එකම පින්තූරය Layers දෙකකට වෙන් කර ඒවා වෙන වෙනම වමට සහ දකුණට චලනය කරවීම මගින් මෙහි 3D ස්වභාවය ගොඩනඟා තිබෙනවා.
2-Cat
3-Dragon
4-water
5-women
7-Jurassic
8-Chinese
9-Woods
10-Post
11-Animal
1-3D
stereoview_201
stereoview_81
nancy_and_landons_hearth2

අමුතු තාලයේ බිත්ති ඔරලෝසු 20ක්. Deferent kind of Wall Watches.

මොබ මොනයම් කටයුත්තක නිරත වුණත් නිතරම ඇස් යොමු කරන උපකරණය නම් ඔරලෝසුවයි. අප සිටියෝණෑම ස්ථානයක පහසුවෙන් ළඟා විය හැකි දුරකින් ඔරලෝසුවක් අනිවාර්‍යෙන්ම දක්නට ලැබෙනවා. මෙම ඔරලෝසු විවිධාකාර රටා වලට නිමවා තිබෙනවා. ඔබගේ නිවසේ දක්නට ලැබෙන බිත්ති ඔරලෝසුව වෙනත් නිවසක ඇති අඅකාරයේ එකක් නොවන තරමට විවිධ රටාවන් තිබෙනවා. නමුත්, මේ ලිපියේ ඉදිරිපත් කර ඇති ඔරලෝසු සාමාන්‍ය රටා වලින් ඔබ්බට ගොස් ඉතා නිර්මාණශීලීව නිපද වූ ඒවායි.
Fry Pan : මෙම ෆ්‍රයි පෑන් බිත්ති ඔරලෝසුව ඔබගේ මුළුතැන් ගෙට කදිමට ගැලපෙන ඔරලෝසුවක්
LionLK.com photo 1-creative-wall-clocks-designs_zpsb3e72831.jpg
Whatever, I’m late. පුරුදක් ලෙස ප්‍රමාද වන කම්මැලි පුද්ගලයින් අප අතර ඕණෑ තරම්. මෙම බිත්ති ඔරලෝසුවත් එවැනි කෙනෙක්ට ගැලපෙනවා.
LionLK.com photo 2-creative-wall-clocks-designs_zps7dceda6a.jpg
Artime. මෙම අලංකාර ඔරලෝසුව බිත්ති ඔරලෝසුවක් පමණක්ම නොවෙයි. එය මේස ඔරලෝසුවක් ලෙසත් භාවිතා කළ හැකියි.
LionLK.com photo 3-creative-wall-clocks-designs_zpsd12ac475.jpg
5-to-9 Clockඔබ රැකියාවක් කරන අයෙක් නම් ඔබ නිවසට පැමිණ නිදාගන්නා තුරු කාලය වන්නේ පස්වරු 5 සිට 9 දක්වා කාලයයි. ඉතින් ඔබට අනෙක් ඉලක්කම් කුමකටද ?
LionLK.com photo 4-creative-wall-clocks-designs_zps70fb55bd.jpg
Retro Wall Clock. අතින් සාදන ලද මේ නිර්මාණාත්මක ඔරලෝසුව සඳහා ඔබ කැමති වර්ණයන් භාවිතා කරන්නට පුළුවන්. සාම්ප්‍රදායික රවුම් ඔරලෝසු වලට මෙය හොඳ විකල්පයක්.
LionLK.com photo 5-creative-wall-clocks-designs_zps51d2f336.jpg
Caffe Espresso Clock. කෝපි කෝප්පයක් ආශ්‍රයෙන් සැකසුණු මෙම ඔරලෝසුව ඔබගේ කෝපි බොන වේලාව මතක් කර දීමට සමත් වේවි.
LionLK.com photo 6-creative-wall-clocks-designs_zpsde6a01e5.jpg
Time is Money. කාලය, මුදල් වලටත් වඩා බොහෝ වටිනවා. මේ සංකල්ප දෙකම එක් කොට නිපදවා ඇති මෙම ඔරලෝසුව මුදල් ඉතිරි කර දෙන කැටයක්.
LionLK.com photo 7-creative-wall-clocks-designs_zpsd245c6c2.jpg
Homer Simpson Clock. ඔබත් Simpson ෆෑන් කෙනෙක්නම් මේ ඔබගේ බිත්ති ඔරලෝසුවයි.
LionLK.com photo 8-creative-wall-clocks-designs_zpsfc01ff49.jpg
Recycled Technics Turntable Clock. මේ අපූරු ඔරලෝසුව නිපදවා ඇත්තේ turntables එකක් ආධාරයෙන්. ඔබ සංගීතමය ලැඩියාවක් ඇති අයෙක්නම් ඔබගේ බිඔත්තියට මෙම ඔරලෝසුව කදිමයි.
LionLK.com photo 9-creative-wall-clocks-designs_zps17b8ead5.jpg
FreakishCLOCK. කටු කැරකෙන ඔරලෝසු ඔබ විඩාවට පත් කරයි නම් මෙම බිත්ති ඔරලෝසුව ඊට හොඳ විකල්පයක් වනු නියතයි.
LionLK.com photo 10-creative-wall-clocks-designs_zpsa3789969.jpg
Tie Clockව්‍යාපාරිකයන්ට මනාව ගැලපෙනඔරලෝසුවක්.
LionLK.com photo 11-creative-wall-clocks-designs_zpsacd9c680.jpg
GEMSTONE. මෙම ඔරලෝසුවත් බිත්ති ඔරලෝසුවක් ලෙස මෙන්ම මේස ඔරලෝසුවක් ලෙසද භාවිතා කළ හැකියි.
LionLK.com photo 12-creative-wall-clocks-designs_zps472fec8f.jpg
YOUR TIME. ඔබට වඩාත් වැදගත් වන්නේ 6ද, 2ද, 9ද ? ඒ අනුව මෙයින් එකක් තෝරාගන්න.
LionLK.com photo 13-creative-wall-clocks-designs_zpsa06cf8a5.jpg
Table Clock Book. පොත් කියවන අයට කදිමට සරිලන ඔරලෝසුවක්.
LionLK.com photo 14-creative-wall-clocks-designs_zpsc3413b4c.jpg
Penny Farthing Clock. කාලයත් නිමක් නැති සංචාරයක්. මේ ඒ සංචාරයට ගැලපෙන බයිසිකලයක් !
LionLK.com photo 15-creative-wall-clocks-designs_zpse7f4bd88.jpg
Clock Of Recycled Magazines. මෙම ඔරලෝසුව නිපදවා ඇත්තේ පැරණි සඟරා වලින්.
LionLK.com photo 16-creative-wall-clocks-designs_zpsed4a93ef.jpg
Union Jack Canvas. බ්‍රිතාන්‍ය ධජය සහිත මේ ඔරලෝසුව ඕණම කාමරයකට හොඳ බිත්ති සැරසිල්ලක් වනු ඇති.
LionLK.com photo 17-creative-wall-clocks-designs_zpsccc593f0.jpg
Ink Splatter. කලාවට ලැදි හෝ චිත ශිල්පයට ලැදි කෙනෙක්ගේ කාමරයකට මෙය කදිමයි.
LionLK.com photo 18-creative-wall-clocks-designs_zpsd35aecff.jpg
LionLK.com photo 19-creative-wall-clocks-designs_zps82626a03.jpg
LionLK.com photo 20-creative-wall-clocks-designs_zpsea9cb602.jpg

Amazon Ads