Thursday, August 21, 2014

දිය යට ඡායාරූප ගත කරන්න Samsung සමාගමෙන් Galaxy S4 Active. Galaxy S4 in Underwater.

ජලයට සහ දුහුවිලි වලට ඔරොත්තු දෙන ස්මාට් ජංගම දුරකථන නිෂ්පාදනයට සෝනි සමාගම පෙළඹීමත් සමඟ ජංගම දුරකථන කරළියේ නව මං පෙතක් එළි කරන්නට ඔවුන් සමත් වූවා. එහි සාර්ථකත්වය ඔස්සේ යමින් මේ තරඟයට අලුතෙන්ම පිවිසෙන්නේ සැම්සුන්ග් සමාගමයි. ඒ ජලයට සහ දුහුවිලි වලට ඔරොත්තු දෙන Galaxy පවුලේ තවත් අලුත් දුරකථනයක් හඳුන්වා දෙමින්. එය Samsung Galaxy S4 Active ලෙස ඔවුන් නම් කොට තිබෙනවා.

galaxy-s4-active
විශාල මුදලක් වියදම් කොට මිළ දී ගන්නා ස්මාට් ජංගම දුරකථනයකට ජලයෙන් හෝ දුහුවිලි වලි වන හානිය අවම කිරීමට සෝනි සමාගමේ Xperia Z එළි දැක්කේ පසුගිය ජනවාරි මාසයේදී. එම තාක්ෂණයම වැඩි දියුණු කොට ඔවුන් Xperia ZR දුරකථනය පසුගිය මැයි මාසයේ වෙළඳපොළට හඳුන්වා දුන්නේ මීටර් 1.5 ගැඹුරු ජලයේ විනාඩි 30ක කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමේ හැකියාවත් සමඟින්.
දැන් සැම්සුන්ග් සමාගම ඔවුන්ගේ Galaxy S4 දුරකථනයට ජලයෙන් සහ දුහුවිලි වලින් හානි නොවන අන්දමට දියුණු කොට තිබෙනවා. මීටරයක් ගැඹුරු දිය යට විනාඩි 30ක් නිරුපද්‍රිතව මෙම දුරකථනය තබාගත හැකියි. එමෙන්ම දුහුවිලි වලින්ද ආරක්ෂිතයි. (IP67 certification for dust and water protection) ඔවුන් අද එම දුරකථනය Galaxy S4 Active නමින් හඳුන්වා දුන්නා.
galaxy-s4-active-2
Galaxy S4 Active හි විශේෂාංග බොහෝ දුරට Galaxy S4 දුරකථනයට සමානයි. එනම් මෙහිත් 5-inch Full HD තිරයක්, 1.9GHz quad-core ප්‍රොසෙසරයක්, 2GB RAM මතකයක්, 16GB internal storage එකක් අන්තර්ගතයි.
නමුත් S4 හි අන්තර්ගතව තිබූ Super AMOLED තිරය වෙනුවට S4 Active හි අන්තර්ගත වන්නේ LCD තිරයක්.
Samsung Galaxy S4 Active හි කැමරාව මෙගා පික්සල් 8.0ක කැමරාවක්. ජලය යට පැහැදිළිව ඡායාරූප ගත කිරීම සඳහා Aqua Mode නම් විශේෂාංගයක් මෙම කැමරාව සතුයි.
Android 4.2.2 Jelly Bean වලින් බල ගැන්වෙන S4 Active දුරකථනය සාමාන්‍ය S4 වලට වඩා මදක් ප්‍රමාණයෙන් විශාලයි. 139.7 x 71.3 x 9.1 ප්‍රමාණයකින් යුක්ත වන මෙහි බර ග්‍රෑම් 151ක්. එය S4ට වඩා ග්‍රෑම් 21ක වැඩි වීමක්.
මෙම දුරකථනය Urban Grey, Dive Blue සහ Orange Flare යන වර්ණ වලින් වෙළඳ පොළට නිකුත් වීමට නියමිතයි.

0 Comments:

Post a Comment

Amazon Ads