Thursday, November 13, 2014

ලෝකේ වටේ සෙකියුරිටි කැමරා පේනවා. CCTV Camera wold wide watch.


කෙනෙක්ගේ ගෙදර හරි නිදන කාමරේ හරි වෙන දේවල් මුලු ලෝකෙටම දකින්න පුලුවන් කියන එක ටිකක් බය හිතෙන දෙයක්. ඒත් “ඉන්සෙකැම්” කියන වෙබ් අඩවියේ එහෙම දෙයක් තමා වෙන්නේ. ලෝකේ වටේ ගෙවල් වල වැඩි ආරක්ෂාවට දාල තියෙනෙ කැමරාවල රෙකෝර්ඩ් වෙන දේවල් මේ වෙබ් අඩවියේ පෙන්නනවා. අපේ රටේ කැමරා වලින් එන වීඩීයෝත් මේකේ පෙන්නනවා. මේ ලිංක් එකේ පිට කෝට්ටේ කැමරා එකක් පේනවා.


මේ කැමරා 73,000ට වෙබ් අඩවිය ප්‍රවේශ වෙන්නේ ඒ කැමරා තියෙන ගෙවල් වල අය පාස්වර්ඩ් එක මාරු කරල නැති නිසා. කැමරා වලින් 11,000ක්ම ඇමරිකාවේ තියෙන ඒවා.
මේ වෙබ් අඩ්විය කරගෙන යන අය කියන්නේ ඒක පටන්ගත්තේ හැමෝටම ආරක්ෂක සෙටින්ස් වල වැදගත්කම කියල දෙන්න කියල. එත් ඒකේ යන ඇඩ් වලින් දැනටම ගොඩක් සල්ලි හම්බ කරල තියෙනවා.
මේකේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා හරියටම දන්නේ නැහැ. රෙජිස්ටර් කරල තියෙන්නේ “ගෝ ඩැඩි” කියන මොස්කව් වල අයී.පී එඩ්‍රස් එකකට.
ඔයාලගේ ගෙදර කැමරා එකත් මේ විදිහට ලෝකේ හැමෝටම දකින්න පුලුවන්. ඒ නිසා අදම පාස්වර්ඩ් එක මාරු කරන්න. ඒ වගේම ඔයාල දන්න අයටත් මේ වෙබ් අඩවිය ගැන කියන්න.

0 Comments:

Post a Comment

Amazon Ads