Thursday, November 13, 2014

Dialog Alcatel X220D ඩොන්ගල් එක Unlock කරමු.



හුගක් මිතුරෝ අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්නේ  ඩොන්ගල් එක භාවිතා කරලනේ. ඉතිං ගොඩක් මිතුරෝ බාවිතා කරන්නේ අන්ලොක් නොකරපු ඩොන්ගල්නේ. ඉතිං අද මං කියන්න යන්නේ Dialog  Alcatel OT X220d Dongle එක අන්ලොක් කරන හැටි. අන්ලොක් කිව්වට සොෆ්ට්වෙයාර් නැතුව කරන පොඩි වැඩක් තමයි මේක. මෙන්න මේ පියවර අනුගමනය කරන්නකෝ එහෙනම්'


මුලින්ම මිතූලා. ඩොන්ගල් එකට හච්, එටිසෙලාට්, මොබිටෙල් හෝ එයාර්ටෙල් සිම් එකක් අතුලත් කර පරිගණකයට සම්බන්ධ කරන්න. දැන් පහල පින්තූරේ වගේ මෙහෙම කොටුවක් වැටුනා නේද...? ඒකට මිතුරනි..    SriLankaDialog   කියලා ඇතුලත් කර Ok කරන්න


එවිට පළමුවතාවට නම් මේ සිම් එක සම්බන්ධ කළේ  No Service කියලා වැටෙයි මිතුරනි.. සමහර විට දාපු එකක් නම්  සිම් එකේ නම පෙන්නුම් කරයි... හරි එහෙම පෙන්නුම් කරන්නේ නැතිනම් මෙන්න මෙහෙම කරන්න
ඩොන්ගල් එකේ Setting වලට යන්න. ඒකේ Network Setting යන්න.  දැන් Auto කියලා තියන එක Manual කියලා තෝරල‍ා  Apply කරන්න.මෙන්න මෙහෙම

ඉන්පසු මිතුලා.. කනේක්ෂන් සර්ච්වෙයි එතෙක් රැදි සිටින්න. මෙන්න මෙහෙම

දැන් මිලගට මෙන්න මේ විදිහට පෙනේවි. එතනින් ඔයාලා දාපු සිම් එක තෝරලා Select කරන්න

නැවතත් සමහරවිට කනේක්ෂන් සර්ච්වෙයි. දැන් ඉතිං වැඩේ හරි මේ බලන්න. නියමයි නේද 

මෙයට ඩයලොග් නොවන වෙනත් සිම් පතක් යොදන සෑම විටම  SriLankaDialog   ලෙස යෙදිය යුතුය. මිතුරනි වැදගත් උනානම් අදහසක් දාන්න. ගැටළුවක් ආවොත් කමෙන්ට් බොක්ස් එකට දාන්න.

   

0 Comments:

Post a Comment

Amazon Ads