Thursday, February 5, 2015

What happens to body after drinking Coca-cola and other uses of coca-cola

ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකය පුරාම ජනප‍්‍රියම පානයක් ලෙස කොකා කෝලා හැදින්වීමට පුලූවන. එමෙන්ම ලෝකය පුරාම පැතිරී භාවිතා වන ජනප‍්‍රියතම වචනයන්ගෙන් එකකි. නමුත් කොකා කෝලා ශරීරය තුළ ක‍්‍රියා කරන්නේ මත් ද‍්‍රව්‍යයක් ආකරයෙන් වීම සියලූ දෙනාම පුදුමයට පත් කරවීමට සමත් වූ පුවතකි. පානය කරන කොකා කෝලා වලට කාලයත් සමග සිදු වන දේ සලකා බලමු.

පානය කර මිනිත්තු 10 කට පසුව.
 කොකා කෝලා වීදුරුවක් තුළ සීනි තේ හැදි 10 ක් පමණ අඩංගු වෙනවා. නමුත් පොස්පොරික් අම්ලයෙහි ක‍්‍රියාකාරීත්වය නිසා වමනය වීමක් සිදු නොවේ.

මිනිත්තු20 කට පසුව.
  ඉතා ඉක්මනින් රුධිරගත ග්ලූකෝස් ප‍්‍රමාණය ඉහළ නගී. ඉන්සියුලීන් ශ‍්‍රාවය වීම ද වැඩි වේ. මෙම අවස්ථාවේ අක්මාවෙහි ක‍්‍රියාකාරීත්වය ද බෙහෙවින් වැඩි වේ.

මිනිත්තු 40 කට පසුව.

   මෙම අවස්ථාව වන විට කොකා කෝලා තුළ අඩංගු  කැෆෙන් සියල්ල අවශෝෂණය වී අවසන් ය. ඊට අමතරම ඇසෙහි කණිනිකාව විස්තාරණය, රුධිර පීඩනය වැඩි වීම වැනි තත්වයන් ඇති වෙනවා.

මිනිත්තු 45 කට පසුව.
  දේහය මගින් ලඩොපමයින්ල නම් හෝමෝනය ශ‍්‍රාවය වීම උත්තේජනය කරනවා. මෙම හෝර්මෝනය මගින් මොළයෙහි පීඩන ප‍්‍රතිග‍්‍රාහකයන් උත්තේජනය කිරීමක් සිදු වෙනවා. (මොළයේ විනෝදයට කැමති කොටස්* මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ හෙරොයින් නම් ප‍්‍රබළ මත් ද‍්‍රව්‍යයෙහි ක‍්‍රියාවලියද මෙයටම සමාන වීමයි.


පැයකට පසුව.

   කොකා කෝලා තුළ අඩංගු පොස්පොරික් අම්ලය මහා අන්ත‍්‍රය තුළදී කැල්සියම්,මැග්නීසියම් සහ සින්ක් සමග ප‍්‍රතික‍්‍රියා වීමක් සිදු වෙනවා. එමගින් පරිවෘත්තීය ක‍්‍රියාවන් සදහා ජවයක් ලබා දීම සිදු වෙනවා. එසේම කැල්සියම් මූත‍්‍ර වලට පෙරී යාමක්ද සිදු වෙනවා.

දෙවනි පැයේදී.
  කැෆෙන් සංයෝගය මූත‍්‍ර පිට කිරීම වර්ධනය කිරීමක් සිදු කරනවා. එමෙන්ම මෙම අවධියේදී මැග්නීසියම්, කැල්සියම්, සින්ක් සහ සෝඩියම් ලෝහයන් දේහයෙන් බැහැර කිරීමක් ද සිදු වෙනවා. මෙම අවස්ථාව ඇතැම් විට පුද්ගලයාගේ සිතිවිලි දාමය වහා කිපෙන සුළු හෝ ඉතා ශාන්ත විය හැකිය.

පැය දෙකකට පසුව.
   දේහය තුළ ව්‍යාකූලතාවය යතා තත්වයට පත් වෙමින් පවතී. එමෙන්ම දේහය තුළ ග්ලූකෝස් හිගතාවයක් ඇති වේ.

පැය කිහිපයකට පසුව,
   පැය කිහිපයකින් පසුව දේහයට කැෆෙන් හිගතාවයක් දැනීම නිසා තවත් කොකා කෝලා ප‍්‍රමාණයක් සඳහා දේහය මෙහෙයවයි. මෙය පූර්ණ වශයෙන්ම මද්‍යසාර වර්ගයක ක‍්‍රියාවලියක් හා සමානය. එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ බහුල ලෙස අනාවරණය නොවුවද ඇතැම් රටවල බොහෝ පුද්ගලයින් දෛනිකව මෙය සඳහා ඇබ්බැහි වී තිබීම ගැන කරුණු වාර්තා වෙනවා. 

එමෙන්ම ඔබේ ප‍්‍රියතම පානය වන කොකා කෝල ලෝකයේ ඇතැම් රටවල භාවිතා වන්නේ පහත සදහන් කාර්‍යයන් සදහා ය.
1. ඇමෙරිකාව තුළ කොකා කෝලා ට‍්‍රක් එන්ජින් පිරිසිදු කාරකයක් ලෙස  යොදා     ගනී.
2. ඇමෙරිකානු පොලිස් නිළධාරීන් තමන්ගේ කාරය තුළ කොකා කෝලා තබා   ගන්නේ වාහන අනතුරකින් පසුව මාර්ගයෙහි විසිරුණ ලේ පැල්ලම් සේදීම සදහා      ය.
3. වාහන වල ක්‍රෝමියම් ආවරණ තුළ මල බැදීම් ඇත්නම් ඒවා පිරිසිදු කිරීමට සහ කාර් බැටරි වල මලකඩ ඉවත් කිරීමටද කොකා කෝලා යොදා ගනී.
4. රෙදි වල පැල්ලම් ඉවත් කිරීමටද කොකා කෝලා යොදා ගැනීම සිදු කරනවා.
5. ඉන්දියාව තුළ ඇතැම් ගොවීන් කොකා කෝලා පළිබෝධ නාශකයක් ලෙස භාවිතා කරන්නේ මිලෙන් ඉතාම අඩු වීම සහ ක‍්‍රියාවලිය ඉතා සාර්ථක නිසාය.


  කොකා කෝලා ඉතාම සුදුසු වන්නේ පානය කිරීම සඳහාද එසේත් නොමැති නම් වෙනත් කටයුතු සඳහා ද යන්න පැහැදිලි වෙන්නට ඇති. මෙම වටිනා ලිපිය යහළුවන්ටත් බලන්න Share කරන්න. 

Source: Internet

0 Comments:

Post a Comment

Amazon Ads