Saturday, August 30, 2014

What is Blue-ray ? මොකක්ද මේ බ්ලූ-රේ ?


බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.

මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එ� �්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.

බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.

තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර් 450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.

තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.

25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.

පැය නවයක කාලයක් පුරා දිවෙන HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත ප්‍රමාණයක් සහ පැය 23ක SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි.


Samsung-BD-P4600-Blu-ray Player

ඩීවීවී වගේම බ්ලූ-රේ තැටි වලත් දත්ත ලිවීමේ(write) හැකියාවත් තියනව. ඒ වගේම BD/DVD කියල බ්ලූ-රේ හා ඩීවීවී යන ප්ලෙයර්ස් දෙකේම ධාවනය වන වර්ගයකුත් හඳුන්වා දීල තියනව.
ඩීවීඩී වල නම් දත්ත ඇතුලත් කරල තියන පැත්ත අතින් ඇල්ලුවත් රූප අපැහැදිලි වෙනවනෙ, ඒත් බ්ලූ-රේ වල එහෙම නොවෙන්න විශේෂ ආවරනයක් යොදල තියෙනවලු. තවත් දෙයක් ඩීවීඩී වලට වඩා තැටියේ ඇති වැරදි සකස් කර ගැනීමේ ක්‍රමයක් බ්ලූ-රේ වල තියනව. DVD වල HD වීඩියෝ දානුන පුලුවන් වුනාට තියන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම ඒත් බ්ලූ-රේ තමයි ඒකට විසඳුම මොකද තනි ලෙයරයක 25GB දාන්න පුලුවන්නෙ. මේ විශාල ඉඩ කඩ නිසා දැන් අපි රිමෝට් එකෙන් කරනවට වඩා දේවල් බ්ලූ-රේ ප්ලෙයර් එකක රිමෝට් එ‍කෙන් කරන්න පුලුවන් වෙනව, ඒ කියනනෙ තිරයේ පෙනෙන්න තියන රූපරාමුව වෙත් කෝන වලින් හරියට ගූගල් අර්ත් වල ලෝක බෝලෙ කරකවා බලනව ව‍ගේ, නැත්නම් පරිගනක ක්‍රීඩාවක වගේ ඉදිරියෙන්, පිටුපසින් බලන්න පුල්වන් වෙයි. හැබැයි මෙතනදි තවත් දෙයක් කියන්න ඕන මේ විදියට කැමති විදියක බලන්න පුලුවන් වෙන්න අපි බලන චිත්‍රපටය ඒ ඒ කෝන වලින් පටිගත කරල තියෙන්න ඕන, හැබැයි ඒ දේ කරන්න මේච්චර කල් තිබුනු බාදාව DVD එකේ කැපෑසිට් එකේ ප්‍රශ්නෙනම් බ්ලූ-රේ වලිනි විසඳල තියෙන්නෙ.
බ්ලූ-රේ වලට යොදාගන්නා වීඩියෝ ෆෝමැටිස් අතර HD(high-definition video) සඳහාම වර්ධනය කරන ලද MPEG-2,4 , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මීඩියා වීඩියෝ(WMV)ත් තියනව. ඒ වගේම ඕඩියෝ වලට සම්පින්ඩනය නොකල(uncompressed) චැනල්ස් අටේ ශබ්ද මාලාවන්ට(එනම් ශබ්දය කෝන අටකින් පටිගත කල), 7.1,5.1 සරවුන්ඩිනි සවුන්ඩ්(කට්ටිය සරවුන්ඩිනි සවුන්ඩ් දන්නවනෙ?),ඩොල්බි ඩිජිටල් (DD) වලටත් සහය දක්වනව. ඒත් හැම බ්ලූ-රේ එකේම මේම සියල්ල තිබිය නොහැකියි නිෂ්පාදන මට්ටමේදි ඇතුලත් කරන්නෙ මොනවද කියල නිෂ්පාදකය තමයි තීරනය කරන්නෙ. ඩීවීඩී හා බ්ලූ-රේ වල තියන වෙනස් කම් ටිකක් මේ. ඉස්සර වෙලා අපි දන්න ඩීවීඩී ගමු තනි ලෙයරය 4.7GB, ලෙයර් දෙක 8.5GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 650යි,ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.1යි,ඝන වැස්මක් නැත,සාමාන්‍ය දත්ත ගලායන වේගය11.08mbps=1x ,ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය10.08mbps=<1x,උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 720×480/720×576, උපරිම වීඩියෝ බීට්රේට් එක 9.8Mbps,. දැන් අපි එච්චර නොදන්න බ්ලු-රේ අරගෙන බලමු, තනි ලෙයරය 25GB, ලෙයර් දෙක 50GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර් 405යි, ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.6යි, ඝන වැස්මක් ඇත, සාමාන්‍ය දත්ත ගලායන වේගය36.0mbps=1x, ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය54.0mbps=1.5x, උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 1920 x 1080, උපරිම වීඩියෝ බීට්රේට් එක 40.0Mbps

බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී ධාවනය කරන්නත් හැකියාව තියනව,ඒත් ඩීවීඩී ප්ලෙර්වල නම් බ්ලූ-රේ තැටි ධාවනය වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි සාමාන්‍ය ඩීවීඩී ප්ලෙර්වලට වඩා උසස් රූපරාමු බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී තැටි ධාවනයෙන් ලබා ගන්නත් හැකියි. දැන් කට්ටිය හිතනව ඇති තමන්ගෙ පරිගනකයටත් බ්ලූ-රේ ප්ලෙර් එකක් දාගන්න ඹ්නද කියල. තමන් නිතරම චිත්‍රපට බලනවනම් දැනට විඳිනවට වඩා උසස් රස වින්දනයක් අවශනම් ගත්තට කමක් නැහැ,ඒත් සාමාන්‍ය වැඩවලට නම් ඩීවීඩී ප්ලෙයර් එක ‍හොඳටම පුමාණවත් අනික බ්ලූ-රේ ප්ලෙර්ස්,තැටි ටිකක් මිලෙනුත් අධිකයි.

Thursday, August 28, 2014

5 Free burning softwares for you.. (හොදම Burning මෘදුකාංග 5ක් නොමිලේ)


 
පරිගණකයකින් CD, DVD නිපදවා ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් ලංකාවේ ප‍්‍රධාන ස්ථානයක් හිමි වන්නේ Niro මෘදුකාංගය සඳහා. නමුත් එය නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වීම ප‍්‍රධාන ගැටලූවක්. එමෙන්ම  මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පරිගණකයේ CPU Usage එක ඉහළ වීම, අවම පහසුකම් සහිත පරිගණක භාවිතා කරන්නන්ට ඇති ප‍්‍රධාන ගැටලූවක්. මෙම ගැටලූවට විසදුමක් ලෙස මේ සඳහා නොමිලේ ලබා ගත හැකි හොදම මෘදුකාංග කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. Infra Recorder
            Infra Recorder වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය තුල නොමිලේ භාවිතා කළ හැකි CD/DVD burner මෘදුකාංගයක්. පැතිරුණ පහසුකම් සහිත මෙම මෘදුකාංගය පහසුවෙන් හැසිරවිය හැකි සරල අතුරු මුහුණතක් සහිත වීම විශේෂයි. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය නොමිලේ බා ගැනීමට පුලූවන්.
Download InfraRecorder

2. ImgBurn
  ඉතා වටිනා මෘදුකාංගයක්. මෙමගින් ඉමේජ් ෆෝමැට් 10ක් පමණ නිපදවා ගැනීමට පුලූවන්. නීරෝ හි පවතින සූක්ෂ්ම පහසුකම් සමහරක් පවා මෙම මෘදුකාංගය ඔස්සේ ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා.
Download ImgBurn

3. CD BurnXP
     CD BurnXP  මෘදුකාංගයද නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්. මෙය මෙම ලිපියේ ඉදිරිපත් කරන වටිනාම මෘදුකාංගය යැයි සැලකීමට පුලූවන්. මෙම මෘදුකාංගය භාවිතයෙන්  ඕඩියෝ සීඞී, බ්ලූ රේ ඞීවීඞී, එච් ඞී ඞීවීඞී ආදිය නිපදවා ගැනීමට පුලූවන්. එමෙන්ම අයිසො ඉමේජ් නිපදවීමටද මෙම මෘදුකාංගය හරහා පුලූවන්. ඔබේ පරිගණකයේ DVD Writer එකක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කරන්න. පහත සබැදියෙන් මෙම මෘදුකාංගය ඔනෑම වින්ඩෝව්ස් සංස්කරණයක් සඳහා බා ගැනීමට පුලූවන්.


4. Burn Aware Free
   පහසුකම් රැසක් සහිත ඉතා වටිනා මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුලූවන්. වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා සහය දක්වන මෙහි ඇති පහසුකම් කිහිපයක් පහත පින්තූරයෙන් බලාගැනීමට පුලූවන්. 
ඉතා ප‍්‍රයෝජනවත් මෘදුකාංගයක් වන මෙය පහත සබැදියෙන් බා ගැනීමට පුලූවන්. බූට් ඞීවීඞී නිපදවීමට ඉතා පහසු මෘදුකාංගයක් ලෙස හැදින්වීමට පුලූවන්. 

5. Freemake Video Converter 
   මෙය පහසුකම් බොහෝමයක් සහිත මෘදුකාංගයක්. උපසිරැුසි සහිතව සිනමාපට නිපදවීම සදහා දැනට පවතින හොදම මෘදුකාංගයක්. එමෙන්ම මෙය ජනප‍්‍රිය පරිවර්තකයක් ලෙස හැදිවීමටද පුලූවන්. පහත සබැදියෙන් මෙය බා ගැනීමට පුලූවන්. 


How to resize videos with Original quality..


වීඩියෝවක ගුණාත්මක භාවය අඩු නොකර ප‍්‍රමාණය අඩු කරමු..
Handbreak is an open source software that you can convert videos for .mkv and mp4 formats without reducing video quality. Yoy can get handBreak software as given below

බොහෝමයක් නොමිලේ ලබා දෙන වීඩියෝ කන්වටර් හෝ වෘත්තීය වශයෙන් මිලදී ගන්නා මෘදුකාංගයක් මගින් යම් දිනක ඔබ වීඩියෝවක් තිබෙන ෆෝමැට් එකෙන් වෙන ෆෝමැට් එකකට පරිවර්තනය කර ඇතිවා නිසැකයි. එහෙත් වීඩියෝවක් එලෙස පරිවර්තනය කළ විට වීඩියෝවේ ප‍්‍රමාණය මෙන්ම ගුණාත්මකභාවය අඩු වීම ප‍්‍රධාන ගැටලූවක්. වීඩියෝවක් පරිවර්තනය කරන විට ගුණාත්මකභාවයට හානියක් නොකර වීඩියෝවේ ප‍්‍රමාණය පමනක් අඩු කර ගත හැකි වටිනා මෘදුකාංගයක් මෙම ලිපියෙන් ලබා දෙනවා. ිදඓඅ්රු ාදඅබකද්ා
මෙය නොමිලේ ලබා දෙන කුඩා මෘදුකාංගයක්. නමින් මෙය ්‍ය්බාඊර්නැ නම් වෙනවා. නිශ්පාදකයා පවසන පරිදි මෙය වින්ඩෝව්ස් හි ඔනෑම සංස්කරණයකට, ඵ්ජ ධචැර්එසබට ිහිඑැප එකට මෙන්ම ඹඉමබඑම සදහාද සහය දක්වනවා. පහත සබැදියෙන් අවශ්‍ය අයට නොමිලේම මෙම මෘදුකාංගය ලබා ගැනීමට පුලූවන්.


ස්ථාපනය කර ගත් පසු සැකසුම් නිවැරදිව සකසගත යුතුයි. Tools-->Option-->Output files-->Browse  වලට කන්වර්ට් කරන වීඩියෝවන් සේව් වෙන්න අවශ්‍ය ස්ථානය ලබා දෙන්න. දැන්Source වලින් කන්වර්ට් කර ගැනීමට අවශ්‍ය වීඩියෝව මෘදුකාංගයට ඇතුලත් කර අවශ්‍ය නම් අලූත් නමක් ලබා දී විඩියෝවන් පරිවර්තනය කර ගැනීමට පුලූවන්.

Make your Horoscope.. ඔබේ හදහන ඔබම සාදා ගන්න.

හදහන... කෙනෙකුගේ ජීවිතයක් සමග සෙල්ලම් කරන, තවත් කෙනෙකු සැප ඉසුරින් බබලවන, තවත් කෙනෙකුට නිකන්ම නිකන් පුස් ලියවිල්ලක් පමණක්ම වන අපූරු ලියවිල්ලකි හදහන. (Horoscope) ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව වැනි පෙරදිග ආසියානු රටවලද හඳහනට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔබේ දෛව අංකය අනුව ඔබ ගැන විස්තර සඳහන් ලිපියක් කලින් ඉදිරිපත් කළ ද බොහෝ දෙනාගේ ප‍්‍රතිචාරය වූයේ එය බොරුවක් බව ය.

    හඳහනක් හදාගැනීමට  නම්  ජෝතිශ්‍ය වේදියෙක්ගේ පිහිට පැතිය යුතු අතර  මෙය සඳහා ඔහුට රිසි සේ මුදල් අය කරයි. කිසිම කෙනෙකුගේ උදව්වකින් තොරව ඔබගේ හඳහන (Horoscope) සාදා ගන්නා අයුරු බලමු. මේ සඳහා ඔබේ නම ඔබ උපන් වේලාව සහ දිනය අත්‍යවශ්‍ය වේ. ඉහත තොරතුරු පදනම් කරගෙන ඔබට ඉතා පහසුවෙන් ඔබේ හඳහන සාදා ගත හැකි ය. ඒ සදහා පහල ලින්ක් එකෙන් යන්න.


පියවර 1.
දැන් ඔබේ නිවැරදිම විස්තර ලබාදෙන්න. සියලූම විස්තර ඇතුලත් කරන්න.
පියවර 2.
ඉහත තොරතුරු ඇතුලත් කළ පසු අලූතින් විවෘත වන පිටුවෙහි ඔබේ දිස්ත‍්‍රීක්කය තෝරන්න.
පියවර 3.
දැන් ඔබ උපන් නගරය තෝරන්න. මෙහිදී ඔබේ නගරය නොමැති නම් ඔබට  ලÛම නගරය  තෝරන්න. ඔබේ හඳහනේ නිවැරදිතාවයට මෙය අත්‍යවශ්‍යය. මහනුවර දිස්ත‍්‍රීක්කයට අදාලව පහත පින්තූරය දමා ඇත. 

පියවර 4.
දැන් ඔබට ඉන්ග‍්‍රීසි භාශාවෙන් ඔබේ හඳහන දැක ගැනීමට පුලූවන. සිංහල භාශාවෙන් ලබා ගැනීම සඳහා Get Sinhala Version කියන තැන ක්ලික් කරන්න. එවිට pdf  විදියට ඔබේ හදහන දැකගැනීමට හැකිය. එහි දකුණු පැත්තේ ඉහළ කෙලවරෙන් මෙය පහසුවෙන් ඔබේ පරිඝණකයට බාගත කර ගත හැක.


ඔයාල හරියට ඉපදුන තැන තේරුවා නම් මේක හරියටම ඇවිල්ල  ඇති. අනික තමා එක ඊ මේල් ඇඞ්ඩ‍්‍රස් එකකින් එක වතාවක් විතරයි  පුලූවන්. පෙට්ටගමේ තියෙන හඳහන අරගෙන බලන්න මේකත් එක්ක. පොඩි වෙනසක් තියෙනවා නම් හේතුව තමා නගරය. මගේ නම් නියමෙට එනවා. දැන් ඉතින් ගෙදර හදහන් බලනු ලැබේ කියල ගහන්න එපා. මේක හෙට අනිද්දා වෙද්දී 4000 ක් විතර කියවනවා. ෆෙස්බුකියෙන් 200 ක් විතර ශෙයා කරනවා. එතකොට ඉතින් ගොඩක් දෙනා මේක දන්නවා. මන් ගියා එහෙනම්. අවුලක් වුනොත් කමෙන්ට් එකක් දාන්න කියල වැඩක්  නෑ. අවුලක් වෙන්නෙ නැතිව හැමෝටම කරගන්න තමා මේක සරලවම කීවෙ.

අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා

තවත් මාස පහකින් සාඩම්බර පියෙකු ලෙස සිඟිති දරුවකුගේ කිරි සිනා දකින්නට තම ආදරණීය බිරිඳ සහ දෙමව්පිය ඥාතීන් සමග දැල්වූ බලාපොරොත්තු  සියල්ල සුන්නද්¥ලි කරමින් කිසිවකුගේ වැරදුණ කුරුමානමක් නිසා ජීවිතයෙන් සමුගන්නට යසන්තට සිදුවිය. පසුගියදා රත්මලානේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය යේමන් යසන්ත අබේරත්න, රත්මලාන තෙලවල පාරේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙකි. මේ වෙඩික්කරුවන්් බිළිගෙන තිබෙන්නේ යසන්තගේ ජීවිතය පමණක් නොවේ, ඔහුගේ බිරිඳ අංජනාගේ අනාගතය සේම ඇය හෙට දිනයේ මෙලොවට ජනිත කිරීමට සූදානම්ව සිටින දරු පැටියාගේ අනාගතය ද ඔවුන් බිලිගෙන හමාරය.

යසන්තගේ පවුලට සිටි එකම පිරිමි දරුවා ඔහු වන අතර ගැහැණු දරුවකු ලෙස යසන්තට එක් වැඩිමහල් සහෝදරියක් සිටියාය. යසන්ත පාසල් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේය. ඔහුට සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ මේ පාසල් සමයේදීය. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ අධ්‍යාපනය ලැබුවාය. නමින් කේතුමතී අංජානා කැරන් වන ඇය එකල පදිංචිව සිටියේ සිය දෙමාපියන් සමග මොරටුව සොයිසා මහල් නිවාසවලය. එකල අංජනාගේ පියා හා යසන්තගේ පියා මිතුරන්ය. ඒ මිත‍්‍රත්වය නිසා සේම පුද්ගලික පංතිවලට සහභාගී වන අතරතුරත් මුණගැසුණු අංජනා හා යසන්ත ආදර අන්දරය පාසල් සමයේ දී ඇරඹුණි. වසර අටක් පෙම්වතුන්සේ ඇසුරු කළ යසන්ත හා අංජනා රැුකියාවන් ද සොයාගත් පසු දෙමාපිය ආශිර්වාදය සහිතව මීට වසර දෙකහමාරකට පෙර විවාහ වූහ. ඉන්පසු ඔවුන් අංජනාගේ පියා ඇයට දැවැද්ද ලෙස පොල්ගස් ඕවිට, අම්බලන්ගොඩ, හෙරලියවත්තේ ඉදිකළ නව නිවසේ පදිංචි වූහ. ඇගේ දෙමාපියෝ ඊට නුදුරෙහි වෙනම නිවසක පදිංචිව සිටියහ. නිවසේ කටයුතු සොයා බලාගෙන සිටීම බිරිඳට පැවරූ යසන්ත ඇය රැුකියාවෙන් ඉවත් කර ගත්තේය. ඒ වෘත්තියෙන් රැුකියා බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියකු වන තමන්ට පවුලේ ආර්ථික  බර තනිව දැරිය හැකියැයි තිබූ විශ්වාසය නිසාය.

අංජනාගේ දෙමාපියන් යසන්තට කැමති වූයේ ඔහුගේ පියා සමග තිබූ මිත‍්‍රත්වය නිසාම නොවේ, යසන්ත මත්පැන් පමණක් නොව දුම්වැටියක්වත් පාවිච්චි නොකරන තරුණයෙකු ද වූ නිසාය. සතුන් ඇති කිරීමට, ඔවුන් සුරතල් කිරීමට යසන්ත දක්වන්නේ ලොකු කැමැත්තකි. එනිසා යසන්තලාගේ කැදැල්ලේ ඔවුන් දෙදෙනාට අමතරව සුරතල් මාලූන්ට, බල්ලන්ට, පූසන්ට මෙන්ම කුරුල්ලන්ට ද ඉඩක් වෙන්කර තිබිණ. විවාහකයකු මෙන්ම තව නොබෝ දිනකින්ම පියෙකු ලෙස කිරුළු දරන්නට ද සූදානම්ව සිටි යසන්ත ගමේ කොල්ලෝ කුරුට්ටන් සමග සරුංගල් ඇරීමට ද පුරුදුව සිටි බව ඔහුගේ මිතුරන් පවසන්නේ ඇසට කඳුළක් නංවමිනි. තමන් කොල්ලන් රෑනට එක්ව කුඩා දරුවකු සේ විනෝද වුවද ඒ අවස්ථාව අහිමි තම බිරිඳට ද ඒ සතුට ලබාදීමට ඔහු අමතක නොකළේය. එනිසා සරුංගලයක් සාදා ඉහළ අහසට නංවා එහි නූල නිවසේ කුළුණකට ගැටගසා සිය බිරිඳට ද සතුටුවීමට අවස්ථාවක් ලබාදුන්නේය. මෙවන් වූ සුන්දර හදවතක් තිබූ යසන්ත අද අප කාගෙනුත් සමුගෙන ගොස් හමාරය.

ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවන පරිදි රත්මලානට යාමට සිදුවූ කරුණ ද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහුව වටහා ගැනීමට එය ද ඉවහල්විය හැකි බැවිනි. පසුගිය 16 වැනිදා අංජනාගේ පියා වන බෙනඩික්ගේ උපන් දිනයයි. ඒනිසා 16 වැනිදා දහවල් අංජනාගේ දෙමාපියන්ගේ නිවසට ගොස් ආහාර ගෙන ඇගේ පියාට උපන් දිනයට සුභපතා ආශිර්වාද ගෙන පසුදා තම දෙමාපියන්ගේ ද සැප දුක සොයා බලා එන්නට යසන්ත අංජනා සමග රත්මලානට ගියේ සිය සහෝදරියට වූ පොරොන්දුවක් ද ඉටුකිරීමටය. ඒ රත්මලාන ආයුර්වේදයේ ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන පිරිත් දේශනයක් හා දහවල් දානය සහිත පිංකමකට අංජනා සහභාගි කරන්නැයි යසන්තගේ අක්කා කළ ඉල්ලීමකට අනුව ඊට සහභාගිවීමටය. ඒ අනුව 17 වැනිදා උදේ අංජනා හා අක්කා ආයුර්වේදයට ගෙන ගොස් ඇරලවූ යසන්ත පසුදින රැකියාවට යා යුතු නිසා කොණ්ඩය හා රැවුල කපාගන්නා අදහසින් ආපසු පැමිණ බාබර් සාප්පුවට ගොඩවැදුණේය.

යසන්තගේ මහගෙවල් ආසන්නයේම පිහිටි දන්නා තේරෙන වයසේ සිටි කොණ්ඩය රැවුල කැපූ මේ බාබර් සාප්පුවේ තම මාරයා සැඟවී ඇතැයි යසන්ත කිසිසේත්ම නොසිතන්නට ඇත. පෝලිමට එක්ව තමාගේ වාරය පැමිණෙන තුරු බලා සිටින අතරතුර තමන්ට ඉදිරියෙන් වාඩිවී සිටි අය කොණ්ඩය කැපීමට නැගිට ගියෙන් යසන්ත එම හිස්වූ පුටුවෙහි වාඩි වූයේය. හිස්වූ පුටුවේ වාඩිවීමේ වරදට ජීවිතයම හිස් කරගන්නට සිදුවේයැයි ඔහු ඒ අවස්ථාවේ කිසිසේත්ම නොසිතන්නට ඇත.

මෙම සිදුවීමෙන් කම්පනයට පත් යසන්තගේ බිරිඳ කේතුමතී අංජනා කිසිවෙක් සමග කිසිවක් නොදොඩා බලාගත්වනම බලා සුසුම් හෙළමින් සිටී. ඇය හඬන්නේ ද නැත. තම සැමියා හොරා ගත්තා සේ මේ වූ සිදුවීමෙන් පසු දිගින් දිගටම හඬාවැලපුණ ඇයට හඬන්නට තරම් තවත් නම් කඳුළු ඉතිරිව නැතුවා සේය.

මේ සිදුවීම පිළිබඳව යසන්තගේ අම්මා වන අබේරත්න මහත්මිය දක්වන්නේ මෙවැනි අදහසකි.

අපිට මේ දරුවා ආපහු ලැබෙනවා නම් අපි  ඕනම දෙයක් කරනවා. ඒත් එයා දැන් ආපහු එන්නේ නැහැ. එයාට පණදෙන්න කාටවත් බැහැ. මෙයා කාටවත් වරදක් කළ කෙනෙක් නෙවෙයි. රා, අරක්කු බීගත්ත කෙනෙකුත් නෙවෙයි. එහෙම වුණා නම් මොනවා හරි හිතලා හිත හදාගන්න තිබුණා. ගෙට ගිහින් බලන්න මෙයා හදන සත්තු. සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම දරුවෙක් තමයි අපිට නැති කළේ. මට ගොඩක් හිටියේ නෑ. එකම පුතයි හිටියේ. එයත් හොරු අරන් ගියා දෙයියනේ කාට ද මේවා පේන්නේ? පුතා මරපු එවුන්ට දඬුවම් දුන්නා කියලා වැඩක් තියේද? ඒ මිනිහා ටික කාලෙකින් ආපහු එයි.

ඇවිත් ආයෙම පරණ රස්සාව කරයි. මේක නවතින්නේ නැහැ. මේක නවතින ක‍්‍රමයක් තියෙනවා නම් මම  ඕනම දෙයක් ඒ වෙනුවෙන් කරනවා.

යසන්තගේ බිරිඳ වන අංජනාගේ පියා අයිවන් බෙනඩික් කැරන් මහතා ද අප සමග කතාකරමින් සිය දුක නිවාගන්නට උත්සාහ කළේය.

මේ දරුවා බොහොම හොඳ දරුවෙක්. කුඩු නෙවෙයි අඩුම තරමින් අරක්කු ටිකක්, සිගරැුට් එකක්වත් බොන්නේ නැහැ. කාඑක්කවත් රණ්ඩුවට යන්නේ නැහැ. පොඩි ළමයෙක් වගේ තමයි එයාගේ වැඩ. සරුංගලයක් හදලා මේ කුළුණේ ගැටගහලා අහසට යවලා දෙන්නා එක්ක බලා ඉන්නවා. ගෙයි එක කාමරයක් පිරිලා සරුංගල්වලින්. හරිම සැහැල්ලූවෙන්, විනෝදෙන් ජීවත්වුණ හොඳ පුතෙක් මට නැතිවුණා. මට බෑනා නැතිවුණා වගේම මගේ දුවට සැමියා නැතිවුණා. එයාට ලැබෙන්න ඉන්න දරුවාට පියෙක් නැතිවුණා. මේ සේරම දේවල් මේ රටේ තියෙන නොයෙකුත් වසංගත නිසයි. අපිට අපේ දරුවා ආයේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මගේ බෑනා වෙනුවෙන් උසාවි ගානේ යන්න අවශ්‍ය නැහැ. කාටවත් දඬුවම් දුන්නා කියලාත් මට ඇති පලක් නැහැ. නමුත් මම එක දෙයක් ඉල්ලනවා. පුළුවන්නම් මේ කුඩු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනිඅවි හැම තැනම පැතිරෙන එක වළක්වන්න පියවර ගන්න. ඒක තමයි මගේ දරුවාට වුණ දේ තවත් කෙනෙකුට සිදුවෙන එක වළක්වා ගන්න කරන්න පුළුවන් ලොකුම දේ.

කෙසේ වුවද දැන් ඔහු සිය පවුලෙන් පමණක් නොව රටෙන් දැයෙන් සමුගෙන හමාරය. සරුංගලයක් සේ සැහැල්ලූවෙන් ජීවත්වීමට සිය බිරිඳට ද ඉගැන්වූ යසන්ත ඇය පාමුල මහාමේරුව තබා, ගමක් හඬවමින් පසුගිය බදාදා (20) ආපසු නොඑන්නටම ගියේය.

පොලිසිය පවසන පරිදි ඝාතකයින්ගේ ඉලක්කයවී තිබෙන්නේ යසන්තට පෙර කොණ්ඩය කැපීමට නැගිට ගිය දිනේෂ් නමැති නම ගිය කුඩුකාරයෙකි. මෙය වැරදීමකින් වූ වෙඩි තැබීමක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. එහෙත් තවමත් වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැත. යසන්තගේ මවත් අංජනාගේ පියාත් පවසන පරිදි වරදකරුවන්ට දඬුවම්දීම පමණක් ප‍්‍රමාණවත් නැත. මන්ද ඔවුන් පවසන පරිදි වරදකරුවන් ටික කලකින් නැවත බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙනු ඇත. ඒ පැමිණෙන්නේ පුනරුත්ථාපනය වූ අයෙක් නොවන නිසා නැවතත් ඔහු පැරණි කාර්යයටම යොමුවනු ඇත.

වරදකරුවන් ඝාතනය කිරීමෙන් ද පලක් නැත. එවිට සමාජයේ ඉතිරිවන්නේ අතලොස්සක් පමණක් විය හැකි බැවිනි. මේ දෙමාපියන් ඉල්ලන්්නේ කිසිවෙකුටත් දඬුවම් දෙනවාට වඩා මේ සමාජයට අහිතකර දේ නැතිකර දැමීමට කටයුතු කරන ලෙසය. ඒවාට තරුණයින් ඇබ්බැහිවීම වළක්වන ලෙසය. වරදට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට ජීවිකාව ගෙන යාමට මගක් හෙළිකර දෙන ලෙසය.

Wariyapola girl released on Jail

අත්අඩංගුවට ගත් වාරියපොළ තරුණිය ඇප පිට නිදහස්වේ.

වාරියපොළ තරුණියට මානසික ආබාධයක් නැහැ (විඩියෝ සහිතයි)

වාරියපොළ බස් නැවතුම් පොළේ දී පොල් කඩන්නකුට පහර දුන්නැයි කියන තිලිණි අමල්කා (22* රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය අද (27* සවස නියෝග කළේය.)

ඔහු තමාට නොහොබිනා ලෙස කතා කළ නිසා පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා මෙනෙවිය නීතීඥවරයකු සමග අද (27* වාරියපොළ පොලීසියට පැමිණියාය. පහර දීමට ලක් වූ තරුණයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප‍්‍රකාශයක් ලබා දීමට අද පොලීසියට පැමිණි අවස්ථාවේ තරුණිය අත්අඩංගුවට  ගැනිණ.

තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම නිසා ඔහුට පහර දුන් බව ඇය පොලීසියට කියා ඇත.


21 හැවිරිදි මේ තරුණියගෙන් පැය 2කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු හමුවට යොමු කෙරිණ.

අනතුරුව ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව පොලිසිය අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබුණා. පොලිසිය පැවසුවේ අදාළ වාර්තාවේ තරුණියට කිසිදු මානසික ආබාධයක් නොමැති බව දක්වා ඇති බවයි.

අත්අඩංගුවට ගත් තිළිනි අමල්කා නැමති තරුණිය වාරියපොල මහේස්ත‍‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50 000 ක ශරීර ඇප මත මුදාහැරුණා.

මේ අතර කනේ ආබාධායක් හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප‍‍්‍රතිකාර ගනිමින් සිටි අමල්කාගෙන් කම්මුල් පහර කෑ සෙල්වා නමැත්තා අද දිනයේ දී ප‍‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

Bitdefender awards 6 free month licence to celebrating their awards for Best antivirus of 2014.

Bitdefender celebrating their awards by awarding us with 6 Free Months of the "Best Antivirus of 2014" 

 
අපේ බ්ලොග් අඩවියේ මුල්ම කාලයේ ලිපි වලදී ඉදිරිපත් කරා Virus Guards සම්බන්ධව. හොද Virus Guards මොනවාද කියන එක ගැනත් ලිපි වලදී ඉදිරිපත් කරා. දැනට ලෝකයේ සිය ගනණක් ප‍්‍රතිවයිරස් මෘදුකාංගයන් අතරින් පළමු 10 තුළ අනිවාර්යෙන් සිටිනා ප‍්‍රතිවයිරස් මෘදුකාංගයක් තමා Bitdefender කියන්නේ. ඔවුන්ගේ 2014 සඳහා වන සංස්කරණය නොමිලේ මාස 6 ක කාලයක් භාවිතා කළ හැකි ආකාරය ගැන අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.
   මේ සඳහා ඔබ කළ යුත්තේ පහත link ගොස් අදාල පිටුවෙහි ඔබේ E mail ලිපිනය ලබා දීම පමණයි. 

Click Here to Download.
එවිට ඔබේ licence key එක අඩංගු
E mail පණිවුඩයක් ලැබෙනු ඇත. වෙනම හෝ එම පණිවුඩයේ ඇති උපදෙස් පරිදි හෝ Bitdefender 2014 setup එක බා ගෙන ස්ථාපනය කර ඉහත Licence key එක ලබා දුන් පසු මාස 6 ක කාලයක් නොමිලේ ලොව හොදම Virus Guard එකක් භාවිතා කිරීමට ඔබටත් පුලූවන්.

Facebook help tips..

Facebook හරහා සිදු වන අපචාර දිනෙන් දිනම වැඩි වීමේ ප‍්‍රවණතාවයක් පවතිනවා. පසුගිය දිනෙක ශ‍්‍රී ලංකාවේ නිලියක් මෙන්ම දේශපාලනයේ නියුතු අයෙකුගේ ද Facebook ගිණුමකට නීතී විරෝධී අයුරින් ඇතුල් වූ පුවතක් පසු ගිය දිනක ලන්කාවේ නන් දෙසින් අසන්නට ලැබුණා. Facebook භාවිතා කරන්නන් නිසි පරිදි භාවිතා කිරීමට මෙන්ම අනවශ්‍ය වඩ කටයුතු සඳහා යොදා නොගැනීමට ද වග බලා ගත යුතුයි.

    අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි තමන්ට මෙන්ම සමාජයට  හිතකර ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිඹදව  ගුරු දෙගුරුන් හා ශිෂ්‍ය ප‍්‍රජාව දැනුවත් කිරීමේ පුලූල් වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය අපේක්‍ෂා කරයි.

විවිධ පාර්ශවයන්ගෙන්  කෙරෙන ඉල්ලීම වලට අනුව සුපුරුදු පරිදි මෙම දැනුවත් කිරීම් සිදු කර ගෙන යන බවත් විශේෂයෙන්ම මෙම දිනවල සමාජජාල  වෙබ් අඩවි පිලිබදව සමාජයේ වැඩි අවධානය යොමු වීම නිසා  මෙම පියවර ගත් බව සංසදය පවසයි.
   නීති සහ තහංචි පැනවීමකට වඩා ස්වයං හික්මීමකින් මෙන්ම වගකීමකින් යුතුව අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නේනම් ඒ ආශිතව සිදුවන ඇතැම් අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගත හැකි වන බව ද සංසදය කියා සිටී.
   සමාජජාල වෙබ් අඩවියකට තම තොරතුරු සහ ජායරූප එක්කිරීමේදී තමන් අභිමත අයට පමණක් ඒ වෙත ප‍්‍රවේශ වීමට හැකි ආකාරයෙන් කටයුතු කිරීමෙන් බෝහෝ විට අනවශ්‍ය ගැටලූ මතුවීම වලක්වා ගත හැකි වන බවද සංසදය සදහන් කරයි. 
   තම සමාජ ජාල ගිණුම සදහා සරල මුර පදයක් වෙනුවට පහසුවෙන් පිවිසිය නොහැකි මුර පදයක් යොදා ගැනීමත් වඩා යෝග්‍ය වේ. කිසියම් කෙනෙකු වංචනිකව තම සමාජජාල ගිණුම සදහා පිවිසීම වැළැක්වීමට තම ජංගම දුරකතන අංකය පවා යොදා ගත හැකි බවද එසේ වංචනිකයකු උත්සහ කරන්නේනම් ඒ බව ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් දැනුම්වත් කෙරෙන බවද සංසදය පවසයි.  ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක‍්‍රියාත්මක වේ.
- ීැැ පදරු ්එථ යඑඑචථරැුරැුැක්නසරසඅ්ා්ගඉකදටිචදඑගජදපරැු2014රැු07රැුේජැඉදදන-යැකච-එසචිගයඑපකඃපදරු

Amazon Ads