Tuesday, December 2, 2014

ක්‍රිකට් පන්දුවක් වැදී විනිසුරුවරයකුත් මරුට


ඊශ්‍රායලයේ අෂ්ඩූඞ් ප්‍රදේශයේ පැවැත්වූ ක්‍රිකට් තරඟයක් අතරතුරදී විනිසුරුවරයෙකු පන්දුව හිසට වැදීමෙන් මියගොස් තිබේ.
හිලල් ඔස්කාර් නමැති ඔහු විනිශ්චයේ යෙදෙන අතරතුරදී පිතිකරු පන්දුවට පහරදුන් පසුව කඩුල්ලේ වැදී එම පන්දුව විනිසුරුවරයාගේ හිසට වැදී තිබේ.

විනිසුරුවරුන් සාමාන්‍යයෙන් තරග අතරතුර ආරක්ෂිත හිස් ආවරණ (හෙල්මට්) පළඳින්නේ නැත.

ඔස්කාර් ඊශ්‍රායල් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අයෙකි.

තරගය අතරතුර විනිසුරුවරයකු මෙලෙස මියගොස් තිබුණේ මීට වසර 5කට පමණ පෙර ය.

පිල් හියුස්ගේ මරණයෙන් පසු ටික දිනකින්ම මෙය වාර්තාවීම පුදුමයකි. 


0 Comments:

Post a Comment

Amazon Ads