Wednesday, December 3, 2014

A guide to recover your phone from water damage..

 ජංගම දුරකතනයට වතුර ගියොත... මෙන්න කරන්න  ඕනි දේ..
බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග ජලය හේතුවෙන් විනාශ වෙනවා. නමුත් ඉලෙක්ට්‍රොනික උපාංග අතරින් බොහෝ විට ජලයට වැටීමට හෝ ජලය ඇතුලූ වීමට ඉඩ ඇත්තේ ජංගම දුරකථන සහ ටැබ්ලට් උපාංග. හදිසියේ හෝ මෙම උපකරණයක් තුළට ජලය ඇතුලූ වුවහොත් කළ යුත්තේ කුමක්ද කියා දැනුමක් තිබෙනවාද? ඒ ගැන මෙම ලිපියෙන් ඉදිරිපත් කරනවා. මෙහිදී උපාංගය තුළට ඇතුලූ වන දියර වර්ගය ජලයද එසේ නොමැති නම් වයින්, බියර්, සෝඩා වැනි දියරයක්ද යන්න මත ප්‍රතිකර්ම කළ යුතුයි.

1. පළමුව උපකරණය ක්‍රියා විරහිත කරන්න.
     මුලින්ම උපකරණය ක්‍රියා විරහිත කළ යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් ලූහුවත් වීම මගින් පරිපථ වලට හානි වීම සිදු වීමට පුළුවන්. එසේම බැටරිය ගැලවීමට හැකියාවක් තිබෙනවා නම් ගැලවිය යුතුයි.

2. උපාංගය කොටස් වලට වෙන් කරන්න.
    සිම් කාර්ඞ් පත, මෙමරි කාඞ් පත, බැක් කවරය වැනි සරලව ගැලවීමට හැකි සියලූම කොටස් ගලවා දැමිය යුතුයි.

3. Screen එක ඉහලට හරවා තබන්න.
   ඇතුළු වූ දියරය තිරය මතට ඇතුළු වීම වැලැක්විය යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් බොහෝ විට එයට හානි සිදු වීමට ඉඩ ඇති නිසා උපාංගය සිටුවා තැබීම යෝග්‍ය වෙනවා. එවිට ගුරුත්වය නිසා තිරයට දියරය ඇතුළු වීම වැලකෙනවා.

3.1. සීනි සහිත දියරයක් නම්...
   උපාංගයට ඇතුලූ වූයේ සීනි සහිත දියරයක් නම් සීනි අවක්ෂේපය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු වෙනවා. මේ සඳහා 99+% ISO rubbing alcohol භාවිතා කළ හැකියි. එහි තත්පර 5ක් 10ක් කාලයක් ගිල්වා තැබීම මගින් සිදු කර ගත හැකි වෙනවා. මෙය බොහෝ විට තාක්ෂණික උපදේසඥයෙකුගේ අනු දැනුම මත සිදු කිරීම වඩා යෝග්‍ය වෙනවා. මන්ද ඇතැම් ගම් වර්ග වැනි දේ දිය කිරීමේ හැකියාවක් මෙම මද්‍යසාරය සතු වෙන නිසා.

4. Paper towels භාවිතයෙන් පෘෂ්ඨය පිස දමන්න.
 පියවර වඩා සාර්ථක කර ගැනීමට නම් පෘෂ්ඨයේ ඇති දියරය සම්පූර්ණයෙන්ම
ඉවත් කළ යුතුයි. මේ සදහා Paper towels භාවිතා කල හැකියි. 

5. උපාංගය වියලූම්කාරකයක ගිල්වා තබන්න.
    සම්පූර්ණයෙන්ම දියරයෙන් තොර කිරීමට නම් එහි ඇති තෙතමනය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු වෙනවා. මේ සඳහා සිලිකා ජෙල් පැකට් (Silica Gel) සහ සහල් (Rice) යොදා ගැනීමට පුලූවන්. උපකරණය සම්පූර්ණයෙන්ම වැසෙන සේ වියලූම්කාරකය තුළ ගිල්වා තැබිය යුතුයි. මේ සඳහා වඩා සාර්ථක වන්නේ සිලිකා ජෙල්. 
6. උපාංගය සහ වියලූම්කාරකය වායුරෝධක වන සේ අසුරා තබන්න.
    ප්‍රමාණවත් තරම් සිලිකා ජෙල් හෝ සහල් තුළ බහා උපාංගය සම්පූර්ණයෙන් වායුරෝධක වන සේ අසුරා තැබිය යුතු වෙනවා.

7. පැය 48 ක් ඉහත ඇසුරුම තබන්න.
   පැය 48 ක් ඉවසා සිටීම අපහසු කටයුත්තක්. නමුත් ඔබේ උපාංගය බේරා ගැනීමට නම් බොහෝ ඉවසිලිවන්ත වීමට සිදු වෙනවා. නැතහොත් ලූහුවත් වී විනාශ වීමට පුලූවන්. එසේම තිරයට ජලය නොයන පරිදි ගුරුත්වය යටතේ සිටුවා තැබීමටත් වග බලා ගත යුතුයි.  ඉහත ඇසුරුම අඳුරු වියලි ස්ථානයක කාමර උෂ්ණත්වය යටතේ පැය 48 ක් පමණ තබා පසුව ඔන් කර බලන්න. බොහෝ විට එය ක්‍රියාත්මක වේවි. එසේ නැතහොත් අවම වශයෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හෝ හැකියාවක් තිබේවි.

0 Comments:

Post a Comment

Amazon Ads