Monday, December 1, 2014

Rajitha Hiran's Derana Sirasa Hugger Mugger - Comments Issue

පිංපොංගෙ දුව දෙරණට ඇවිත් සිරස බලන බව කීම ගැන ගොසිප් ලංකා පුවතේ කොමෙන්ට් බලා බිරිඳ දින 3 ක් තරහ වෙලා

ටෙලි නළු රජිත හිරාන් හෙවත් පිංපොං පසුගිය මාසයේ බිරිය හා දියණිය සමග දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගීවී සිටි අවස්ථාවක දෙරණ එක්ක අපි හැමදාම ඉන්නවා යනුවෙන් ඔහු කියා සිටි නමුත් නිවසේ නිතරම බලන නාලිකාව සිරස බව ඒ අවස්ථාවේ ඔහුගේ කටකාර කුඩා දියණිය කියා සිටියා.



මෙම පුවත වීඩියෝ සහිතව ගොසිප් ලංකා පසුගියදා වාර්තා කළා. එයින් පසු පාඨකයින් එයට ලබාදුන් ප්‍රතිචාර කෙතරම් දුරදිග ගොස් තිබුනේද යත්
‘තාත්තා වගේම දුවත් ටීවී එකේ ගොංආතල් දෙනව’ යනුවෙන් කිසියම් අයෙකු සපයා තිබුණ කොමෙන්ටුවකට සිත රිදීම නිසා පිංපොගේ නිවසේ මත ගැටුම් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් දින තුනක් තිස්සේ තමා හා බිරිය අමනාපයෙන් පසුවූ බව පිංපොං පුවත්පතකට සැපයූ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කරනවා.
ලක්බිම රිද්ම අතිරේකයට ඔහු සපයා තිබෙන තොරතුරු මෙසේය.

රජිත, මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇති දෙරණ නාලිකාවේ සජීවී වැඩසටහනකදී ඔබ මුහුණ දුන් සිද්ධිය ගැන කතා කරන්නයි අප ඔබව මේ කතාබහට එකතු කරගත්තේ ......

මේ දවස්වල හැමෝම මගෙන් අහන්නේ ඔය සිද්ධිය ගැනයි. මෙන්න මේකයි එදා සිද්ධ වුණේ. පහුගිය දවසක මම දෙරණ නාලිකාවේ වැඩසටහනකට ගියා. ඒ වැඩසටහනට මගේ බිරිඳ ඇන්ඩ්‍රියා සහ මගේ දුව ඇමැන්ඩාත් මාත් එක්ක ගියා. වැඩසටහන මෙහෙයවන පූර්ණිකා අපෙන් ප්‍රශ්න අහද්දී මගේ දුව දුන්න සමහර උත්තර අපිව අපහසුතාවයට පත් කළා. එක අවස්ථාවක මගේ බිරිඳ කිව්වා මෙයා දැන් මෙහෙම විහිළු කළාට ගෙදරදී ඉන්නේ හිට්ලර් වගේ කියලා. ඒ වෙලාවේ මම කිව්වා මම හිට්ලර් මෙයා ගෙදරදී ජයලලිතා කියලා.


ඒ වෙලාවේ දුව එකපාරටම එයාගේ අම්මව පෙන්නලා කියනවා “තාත්ති කියන්නේ බොරු□ අම්මා ජයලලිතා නෙවෙයි බය ලලිතා කියලා□ ....
ඔන්න ඔය විදියට තමයි වැඩසටහන කෙරුණේ. කොහොම කොහොම හරි වැඩසටහන නිමාවුණා. සාමාන්‍යයෙන් අපි ටී.වී. වැඩසටහනකට ගියාම වැඩසටහන ඉවර කරද්දී එම නාලිකාවට ස්තුති කරනවානේ. මමත් වැඩසටහන නිමා කරද්දී දෙරණ නාලිකාවට ස්තුති කළා. ඒ වෙලාවේදී දුව එකපාරටම කියනවා.

හැබැයි අපේ ගෙදර නම් බලන්නේ සිරස කියලා. කැමරාව යොමුවෙලා තිබුණේ පූර්ණිකාට. මගේ බිරිඳ දුවගේ කට වැහුවා. දුව එයාගේ අම්මාගේ අත තල්ලූකරලා පැනලා අපේ ගෙදර බලන්නේ සිරස කියලා ආයෙම සැරයක් හයියෙන් කිව්වා.

ඉතින් දුව කිව්වේ ඇත්තද ?

දුව උදේ නැගිට්ට හැටියෙ බලන්නේ සිරසේ යන කාටූන්. හවසට බලන්නෙත් ස්කුබිඩු. සිරසේ යන ළමා චිත්‍රපටත් බලනවා. ඒ හින්දා එයාට දැනුණු දේ එයා කිව්වා. දුවට වයස පහයි. අවුරුදු පහක ළමයෙක් කරපු දේකට දඬුවම් දෙන්න බැහැනේ. ඉතින් මොනා කරන්නද? අනික ගහේ කටු උල්කරන්න  ඕන නැහැ කියලා කියමනක් තියෙනවානේ. මගේ තාත්තා මට අවුරුදු පහේ දී මීට වඩා අපහසුතාවයට පත්වෙලා තියෙනවලූ. ඒක වෙන්න ඇති අද මමත් මේ විදිහට රැග් කන්නේ.


මීට කලිනුත් දුව හින්දා රජිත අපහසුතාවයට පත් වූ අවස්ථා තියෙනවද ?

ඒ ගැන නම් කියන්න වචන නැහැ. මාත් එක්ක ගමන් බිමන් යද්දි දුවට අවධානය යොමු වෙනවානේ. මම නැතුව එයාගේ අම්මා එක්ක හරි වෙන කෙනෙක් එක්ක හරි තැනකට යද්දි ඒ අවධානය නැහැ. ඒ වෙලාවට මෙයා එතැන ඉන්න අයට කතාකරලා “ඔයගොල්ලෝ දන්නවද මම කවුද කියලා. මම තමයි පිංපොංගේ දුව කිලා කියනවා. එදා ටී වී එකේදී ඔය

සිද්දිය වුණ හින්දා රටම ඒක දැක්කා. මඟුල් ගෙවල්වලදි නෑදෑ ගෙවල්වලදී මෙයා අපිව අපහසුතාවට පත්කරපුවා ටීවී එකට දැම්මොත් වෙනමම වැඩසටහනක් කරන්න පුළුවන්.


රජිත තමන්ගේ චූටි දුවගේ දඟකාරකම් ගැන විවෘත මනැසින් බලනවා. රජිතගේ බිරිඳ මේ වගේ අවස්ථාවන් ගැන දක්වන ප්‍රතිචාර කොහොමද ?

එයත් දරුවව තේරුම් ගත්තු අම්මා කෙනෙක්. හැබැයි එදා දෙරණට ගිහින් වෙච්ච දේට නම් හොඳට කලබල වුණා. දුවව ආයෙම ටී වී වැඩසටහන්වලට එක්ක යන්න එපා කියලා මට මගේ බිරිඳ කිව්වා.
දුවට ටී වී සාකච්ඡාවලට යන්න වෙන්නේ එයාගෙ තාත්තා රජිත හිරාන් හින්දා. ඒ නිසා මම ඉදිරියටත් මගෙ දරුවව මේ වගේ සාකච්ඡාවලට එක්ක යනව කියල මම කිව්වා. ඔය කතාබහ දුරදිග ගිහින් බිරිඳයි මමයි දවස් දෙක තුනක් කතාබහ නොකරත් හිටියා.

එදා සිද්ධිය ඒ තරමට දුරදිග ගිහින් වගේ ...?

ටී වී සාකච්ඡාවලදී වෙච්ච දේ මහ ලොකුවට දුර යයි කියල අපි හිතුවේ නැහැ. ඒත් මේ සිද්ධිය අන්තර්ජාලයටත් ගියා. ඒ යටින් ගොඩක් දෙනෙක් තමන්ගේ අදහස් දාල තිබුණා. සමහරු නම් මේක වයස පහක ළමයෙක් තමන්ගේ හිතට දැනිච්ච දෙයක් අවංකවම ප්‍රකාශ කිරීමක් විදියට දැකලා තිබුණා. තවත් අය දරුවො හරියට හදාගෙන නැහැ කියලා මටයි බිරිඳටයි දොස් කියලා තිබුණා. ඔය අතරේ “උඹත් උඹගේ තාත්තා වගේම ටීවී එකට ඇවිත් මිනිස්සුන්ට ගොංආතල් දෙනව“ කියල මගෙ පුංචි දරුවට කියපු අයත් ඒ අතර හිටියා. මගේ බිරිඳගේ හිත රිදුණේ ඒවාට. ඔන්න ඔතනින් තමයි අපේ වචන හුවමාරුව ඇතිවුණේ.

0 Comments:

Post a Comment

Amazon Ads