Monday, December 1, 2014

Minister Janaka Bursts Into Tears While Speaking

ඇමැති ජනක ඉකි බින්ද හැටි
ඇමැති ජනක බංඩාර තෙන්නකෝන් ඊයේ පැවති රැස්වීමකදී කඳුළු සලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කළා.
ඔහු කියා සිටියේ පක්ෂයේ ප්‍රශ්න ඇති බවයි. නමුත් ඔහු පක්ෂය හැර නොයන බවද කියා සිටියා. සංවේගයෙන් කඳුළු සලමින් සභාව ඇමතූ ඔහු වරෙක හැඬුම නිසා කතාව කරගන්නට බැරිව මිනිත්තු කිහිපයක් සිටියේය.

ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම කිව්වා. ඒකිසිවකු මාගේ කතාව ගණන් ගත්තේ නැහැ. අපි හැදූ, මගේ අප්පච්චි හැදූ (ටීබී තෙන්නකෝන්) පක්ෂයට වන විපත ගැන මා කී දේ ඔවුන් විශ්වාස කළේ නැහැ.’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යටවෙලා. නිදහස් පක්ෂය හෙට දවසේ කාටවත් යටත් පක්ෂයක් කරන්න මම කැමති නැහැ ..’

0 Comments:

Post a Comment

Amazon Ads