Wednesday, January 14, 2015

Flash light apps can spying on your mobile device.. Secure it..

ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.



 මෙම ඇප්ස් තමන්ගේ කාර්‍යයට අදාල  නොවන විස්තර රාශියක් එකතු කරන බව නොමිලේ ලබා දෙන ෆ්ලෑශ් ලයිට් ඇප්ස් 10 ක් යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ. බොහෝමයක් ඇප්ස් වලට දුරකථනයේ විස්තර බලා ගැනීම, වයි ෆයි ජාලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ GPS භාවිතා කිරීම වැනි කාර්‍යයන්ට කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බවයි.

ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක‍්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.

මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප‍්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප‍්‍රිය Super Bright LED Flashlight" Brightest Flashlight Free / Tiny Flashlight +LED ද ඇතුළත්.

0 Comments:

Post a Comment

Amazon Ads