Monday, January 12, 2015

Duminda Silva with HARD TALK

Hard Talk විශේෂාංගයේදී අසන ලද දරුණු ප්‍රශ්ණ වලට  මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිතුරු දුන් ආකරය පහතින්...

ප්‍රශ්නය :- ඔබට එරෙහිව ක්‍රියාත්මක වන නඩු විභාගය ගැන ඔබ මාධ්‍යයට කතා කරන්නේ නැත්තේ ඇයි ?



පිළිතුර :- මේක උසාවියේ තියෙන නඩුවක්, මේ ගැන මාධ්‍යයට කතා කරන එක උසාවියට කරන අපහසයක්. ඒ නිසා තමයි මම මේ ගැන කිසිම දෙයක් කතාකරන්නේ නැත්තේ. හැබැයි මේ දේ කියන්න ඕනි. මුලින්ම මගේ හිසට වෙඩි 2ක් වැදිලා මාව සිහිසුන්ව ඇද වැටිලා තියෙනවා, ඊට පස්සේ මගේ ආරක්ෂකයෝ හා භාරත ලක්ෂ්මන්ගේ කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් වෙලා තියෙනවා. හැබැයි මගේ හිසට වෙඩි තිබ්බ කෙනා ගැන කිසිම මාධ්‍යයක, කිසිම තැනක කතාවෙලා නෑ. ලොකුම විහිළුව තමයි ඉස්සර වෙලාම වෙඩි වැදුනු මට තමයි චෝදනාව එල්ලවෙන්නේ.

ප්‍රශ්නය :- මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර කියනවා කොලොන්නාවට කුඩු ගෙනාවේ භාරත ලක්ෂ්මන් කියලා, හැබැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියනවා කොලොන්නාවට කුඩු ගෙනාවේ දුමින්ද සිල්වා කියලා. මේ දෙකෙන් කෝකද හරි ?



පිළිතුර :- මේක අහන්න ඕනි කොලොන්නාව ජනතාවගෙන්. කොලොන්නාවට මම එන්න කලින් විශාල මත්ද්‍රව්‍ය ජාවාරම් තිබ්බා. රජයේ ඉඩම් ගොඩකිරීම්, බලෙන් ගෙවල් අල්ලාගන්න දේවල්, කප්පම් ගැනීම් තිබ්බා. මම ආවට පස්සේ ඒ දේවල් එකින් එක හොයලා ඒවාට නිසි පියවර ගත්තා. ඒ නිසා තමයි ඕවට සම්බන්ධ අය විවිධ චෝදනා එල්ල කරන්නේ...
 
සම්පූර්ණ සංවාදය පහතින්....

0 Comments:

Post a Comment

Amazon Ads