Monday, January 5, 2015

Dental Surgeon & Family Killed at Wennappuwa

රීලෝඞ් අංකයෙන් කොටුවූ
ඝාතක මුරකරු
වෙන්නප්පුව සිව්පුද්ගල ඝාතන කර ඇත්තේ රුපියල් 5000 ක් නොදුන් නිසා.....
ඝාතනයට පෙර 13 හැවිරිදි දියණියටත් අතවර....


 
මියගිය ඝාතකයාගේ සම්පූර්ණ පාපොච්චාරණය වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ දන්ත වෛද්‍යවරිය, ඇගේ ව්‍යාපාරික සැමියා සහ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතුරුදන්ව සිටි  එම නිවසේ මුරකරු හා ඔහුගේ අනියම් බිරිඳ සෙනසුරාදා උදේ අත්අඩංගුවට පත්වූයේ ඔවුනගේ ගමේදීය. මෙම ඝාතන සිදු කළ බවට ඔවුන් වරද පිළිගත් පසු එදින සවස පොලිසියට ආයුධ පෙන්වන්න යද්දී ඔහු මාඔයට පැන දිවිනසාගත් බවද පොලිසිය පැවසුවා.

මෙම ඝාතනය සිදුකළ ආකාරය සහ ඊට හේතු ඔහු පොලිසියේදී කළ පාපොච්චාරණයේදී හෙළි කර තිබුණා.
ඔහු පවසා ඇත්තේ සේවයේ යෙදී සිටින අතර තම අනියම් බිරියට ගමේ යාමට අවශ්‍ය වූ බැවින් වත්තේ වැඩකරනවාට වේතනයවූ රුපියල් 15000 න් රුපියල් 5000 ක ඇඞ්වාන්ස් එකක් ඉල්ලන්නට ගියත් මරාදැමුණ ස්වාමියා දිගින් දිගටම එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ නිසා හටගත් කෝපයටත් නිවස කොල්ලකෑමට තිබුණ උවමනාවටත් මෙම ඝාතන සිදු කළ බවකි.ඔහු මේ නිවසේ සිටි 13 හැවිරිදි දියණිය ඝාතනය කරන්නට පෙර දූෂණය කළ බවටද පාපොච්චාරණය කර තිබුණා.
ඇරව්වල තුන්තොටේ, දැඩිගම යන ලිපිනයේ පදිංචිව සිටි පුංචි කංකානම්ලාගේ ගුණපාල නමැති මෙම දිවිනසාගත් ඝාතකයා මියගිය වෛද්‍යවරියගේ ස්වාමි පුරුෂයා නොවැම්බර් 02දා පුවත්පතෙහි පළවූ දැන්වීමක් අනුව මෙම සේවයට අයදුම් කර ඇත.

වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ආරක්ෂාව සඳහා පවුලක් අවශ්‍යයි’ යනුවෙන් තිබුණ දැන්වීමට නොවැම්බර් 08 වැනිදා ඝාතක ගුණපාල දුරකථනයෙන් අමතා තම විවාහක බිරිය සමග එහි එන්නට කැමති බව දන්වා ඇත. එයට අනුමැතිය ලැබීම නිසා 09දා වෙන්නප්පුව නිවසට ගුණපාල හා අනියම් බිරිඳ පැමිණ ඇත. ඔහු අනියම් බිරිය නීත්‍යානුකූල බිරිය ලෙස හඳුන්වා ඇත්තේ සැකයක් ඇති නොවන්නටය.
එදින සිට ඔවුන් එම නිවස යාබද කුඩා නිවසේ නතර වී ඇති අතර කිහිප වතාවක් ගුණපාලගේ අනියම් බිරිඳ නැවත ගොස් පැමිණියත් ගුණපාල දිගටම සිය රාජකාරියේ සිට ඇත.
පසුව ජනවාරි 01 වැනිදා නිවසට යා යුතු බව දන්වා ගුණපාල තම හාම්පුතා වන ව්‍යාපාරික නලින්ගෙන් රුපියල් 5000ක මුදලක් ඉල්ලා ඇත. එහෙත් එයට නලින් විරුද්ධ වූ බවට සැකකරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත. පසුව 30දා නලින් හා ගුණපාල අතර ගැටුමක් ඇති වී තිබුණා.
එහිදී ගුණපාල සිය අනියම් බිරිඳට පවසා ඇත්තේ මූ මට කතා කළා හරි නෑ මං මූව මරල දානවා යනුවෙනි.

හාම්පුතාගේ නිවසේ ප්‍රධාන විදුලි ස්විච්චය පිහිටා ඇත්තේ මුරකරු වාසය කළ නිවසේ බිත්තියකය. එදින සවස ගුණපාල සිය මුර නිවස අසල පිහිටි ප්‍රධාන විදුලි ස්විචය නිවා දමා ඇත්තේ රාත්‍රී හතට පමණය. පසුව මේ පිළිබඳ සොයා බැලීම සඳහා නලින් මුරකුටිය අසලට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ගුණපාල විසින් සිය යකඩ පොරොව ගෙන එහි මිට ප්‍රදේශයෙන් ඔළුවට පහරදී නලින්ව ඝාතනය කර ඇත.

ඔහු ඝාතනය කිරීමෙන් අනතුරුව රාත්‍රී අටට පමණ දන්ත වෛද්‍ය බිරිඳ සැමියා නොපැමිණීම ගැන සැකයෙන් ඔහු සොයා මුරකුටිය අසලට පැමිණ ඇත. ඒ අවස්ථාවේ ගුණපාල මුරකුටිය අසල සිට නැවතත් පොරවෙන් පහරදී එම වෛ්‍යවරියද ඝාතනය කර ඇත. වෛද්‍යවරිය හා නලින්ගේ මළ සිරුරු ළඟ තබාගෙන ඊට මඳ වේලාවක් ගිය පසු සිය දෙමාපියන්ට සිදුවූ දෙය සොයා බැලීම සඳහා ඔවුන්ගේ පුත්‍රයා වන තාරුක ආ අවස්ථාවේ ගුණපාල එම දරුවාටද පහරදී ඝාතනය කර ඇත්තේ ඉතා කුරිරු ලෙසය.

ගිය තිදෙනාම නිවසට නො ආවත් කළුවරේ යාමට බියවූ නිසා නිවසේ සිටි දැරිය නිවසින් පිටවී නැත. රාත්‍රී 8.30ට පමණ ගුණපාල දැරිය සිටි නිවසට ගොස් ඇය බියවද්ා කියා ඇත්තේ තමාට නිවසේ අල්මාරි ඇර දෙන ලෙසයි. දැරිය සිය ග්‍රහණයට ගෙන ඔවුන්ගේ මුදල් හා රත්රන් බඩු තිබෙන ස්ථාන සොයා භාණ්ඩ කොල්ලකෑමෙන් පසුව ඔහු දැරිය ඇදගෙන ගොස් ඇත්තේ මුර නිවසටයි. මුර නිවසේ දැරිය තබාගෙන සිය අනියම් බිරියට තේ එකක් හදාගෙන එන්න යයි කියූ ගුණපාල මේ ළාබාල දැරිවිය ඉතා අමානුෂික ලෙස දූෂණයට ලක් කර ඇත. එම අවස්ථාවේ දැරිය කෑගසන හඬට අනියම් බිරිය ඇවිත් ස්ත්‍රී දූෂණයට විරුද්ධවී ඇති නමුත් ඔහු කෑගසා ඇයව වළක්වා ඇත.

දැරියට අතවර තිරීමෙන් පසු ඔහු ඇයවද ඝාතනය කර ඇගේ කරාබු යුගලය ගලවාගෙන ඇය රෙද්දක ඔතා පොල්ලෙලි වළට දමන්නට ඔහු කටයුතු කර තිබුණා.
මුර නිවසේ ගොඩගසා තිබුණ මුලින්මැරූ තිදෙනාගේ මළ සිරුරුවලින්ද වටිනා මුදු උදුරාගන්නට උත්සාහ කරද්දී ස්වාමියාගේ මුද්ද ගළවාගත්තත් වෛද්‍යවරියගේ මුද්ද ඇ`ගිල්ලට සිරවී තිබුණ බවත් ඒ නිසා ඇ`ගිල්ල කපා මුද්ද ගත් බවත් ඔහු පාපොච්චාරණය කළා. සිරුරු තංගුස් නූල්වල ආධාරයෙන් කොන්ක්‍රීට් ගල්වල ගැට ගසා මුරකුටිය අසල තිබෙන පොල්ලෙලි වළට දමා ඇති ඔහු කිසිවක් නොවූ ගාණට එදින රාත්‍රියද එම නිවසේ ගතකර ඇත.

ඊට පසුදින ගුණපාලත් අනියම් බිරිඳත් ගල්කිරියාගම ප්‍රදේශයට පළා ගියා.
එසේ පලාගොස් ඔවුන් රත්රන් භාණ්ඩ උකස් කර රු. 30,000ක මුදලක් සිය බැංකු ගිණුමේ තැන්පත් කර තබුණා. අනෙක් රත්රන් භාණ්ඩ ගුණපාල සන්තකයේ තබාගෙන සිටියා.
සිද්ධිය පිළිබඳ රහ්ස් පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මුරකරු ගැන කිසිම හෝඩුවාවක් මුලින් සොයාගන්නට නොහැකිවූ අතර ඔහුගේ හැඩරුව ගැන වෛද්‍යවරියගේ හා සැමියාගේ ඥාතීන් සැපයූ විස්තර පමණක් ලැබී තිබුණා. ඔහු රැකියාව ලබාගැනීමට ස්වාමියාට ලබාගෙන තිබුණ ඇමතුම් විස්තර වලින්ද අංක කිහිපයක් ගැන සැක ඇතිව තිබුණා.

 මේ අතර රහස් පොලිස් නිලධාරීන් මුර නිවස අසළ වැඩිදුර පරීක්ෂාවේදී  එක්තරා ජංගම දුරකථන සමාගමක පෙර ගෙවුම් කාඞ්පත්වලින් ඔහු සිය ජංගම දුරකථනය රීලොඞ් කරමින් තිබුණ එම සීරියල් අංක සහිත කාඞ්බෝඞ් කැබලි හමුව තිබුණා. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ ජංගම දුරකථන සමාගම එකී සීරියල් අංකයෙන් රීලොඞ් කළ දුරකථන අංක හිමි අපරාධකරුගේ නිවසේ ලිපිනය ලබාදුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට යනවිට අනියම් බිරිය නිවසේ සිටියත් ඔහු නිවසින් පළාගොස් තිබුණ අතර ගුණපාල පලායාමට උත්සාහ දැරීමේදී බස් නැවතුමක සිටියදී අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකිවුණා.

අත්අඩංගුවට ගත් ගුණපාල ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදාගත් පොරව තෝප්පුව පාලමෙන් විසිකර දමා ඇති බව පැවසූ නිසා ඔහු රැගෙන එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිසියෙන් මිදී තෝප්පුව පාලමෙන් ගඟට පැන ඇත. පසුව ඔහු දියේ ගිලී මියගොස් තිබේ. සැකකරුගේ මළ සිරුර මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

සැකකරු සමග අත්අඩංගුවට ගත් කාන්තාව එම ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන රැකියාවක නිරතවන අතර ගුණපාලව හඳුනාගෙන ඇත්තේ ඇය ඇ`ගලූම් කම්හලක සේවය කරමින් සිටියදී ලැබුණ මිස් කෝල් එකක් ඔස්සේය.
රැඳවුම් නියෝග මත වෙන්නප්පුව පොලිසිය භාරයේ සිටි ඇය මෙම ඝාතනවලට සම්බන්ධයක් නොමැත බැවින් පොලිස් ඇප මත මුදාහැර ඇති බවද පොලිසිය පැවසුවා.
සිද්ධියෙන් අපරාධකරු මියගියත් මෙම ඛේදවාචකය නිසා නිරපරාදේ අහිංසක පවුලක් නැතිවූ ආකාරය ගැන වෙන්නප්පුව ප්‍රදේශයම කම්පාවට පත්ව ඇත.

0 Comments:

Post a Comment

Amazon Ads