Saturday, October 25, 2014

2015 අයවැයේදී රජයේ සේවක වැටුප් වැඩිවන අයුරු ජනපති කියූ හැටි.


රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදුකරන ආකාරය සම්බන්ධ අද අයවැය කතාවේදී ජනපතිවරයා ප්‍රකාශ කළා. රජයේ සේවක දීමනාව වැටුපට එකනතු කිරීමටත් ජීවන වියදම් දීමනාව රුපියල් 2200 කින් වැඩිකිරීමටත් ජනපතිවරයා යෝජනා කළා.
එම අදහස පැහැදිලි කරන ලද්දේ පහත පරිදිය. යෝජනාව අතරදී එජාපයෙන් පැමිණි බාධා අතර ජනපති කිව්වේ තමන්ගේ වැඩිකිරීම වැඩි බවත් ඒ අනුව එජාප යෝජනාව වූ 10000 පැන
ඇති බවත්ය. ජනපති කී ආකාරය පහත පරිදිය.

‘2015 ජනවාරි සිට නව වැටුප් ව්‍යුහයක් යෝජනා කරනවා.
ඒ අනුව රජයේ සේවකයින්ට දෙනු ලබන විශේෂ දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු කිරීමටත්
අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩිකිරීමටත් යෝජනා කර ඇත.
කණිෂ්ඨ සේවකයින් හා අමාත්‍යංශ ලේකම්වරු අතර එකයි හතරයි විසිපහක වැටුප් පරතරය

(බාධා-----අහගෙන ඉන්නවකො 15000 කට වැඩිකිරීමට යෝජනා කළා එතැනම 10000 පැනලා..)

පවත්වාගනිමින් වැටුප් වර්ධකයක්ද යෝජනා කරමි.
2015 ජනවාරි සිට රුපියල් 2200 ක ජීවන වියදම් දීමනාවක් එක්වී සම්පූර්ණ ජීවන වියදම් දීමනාව රුපියල් 10000 දක්වා වැඩිවන අතර ඒ අනුව රජයේ සේවකයෙකුගේ අවම මාසික ආදායම රුපියල් 25000 ක් වනවා.

0 Comments:

Post a Comment

Amazon Ads