Friday, October 17, 2014

හොර මොබයිල් ෆෝන් ඕන නෑ දැන් හිරගෙදර ෆෝන් හයිකරලා


මෙපමණකල් හිරගෙදර හොරෙන් ජංගම දුරකථන තබාගෙන ඇමතුම් ලබාගත් සිරකරුවන්ට දැන් ඇතුළේ හයි කරන ලද දුරකථන පාවිච්චි කිරීමේ වරම ලැබී තිබෙනවා.
ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ දී විවෘත කරන ලද දුරකථන කුටි 8 මේ සඳහා වෙන්කර ඇත. මෙහිදී ඇමතුම් පටිගතවන අතර ඇමතුම් ලබාගන්නා අයද
වීඩියෝගත වෙයි. එක් සිරකරුවෙකුට දිනකට ලබාගත හැකි ඇමතුම් ගණනද සීමාසහිතය.
බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීරගේ සංකල්පයක් මත එම අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා බන්ධනාගාරයේ ප‍්‍රථම වතාවට දුරකථන කුටි 08ක් ලක්ෂ 72ක වියදමින් ඉදිකරනු ලැබුවේ නේවාසිකයින්ගේද ශ‍්‍රම දායකත්වය ඇතිවය.

0 Comments:

Post a Comment

Amazon Ads