Friday, October 17, 2014

මැරිලත් වැඩියෙන්ම හම්බ කරන්නේ ජැක්සන්ලු.


ලොව මිය ගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් ඉපැයූ තාරකාව බවට පත් විමට 2009දී මෙලොවින්  සමු ගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සමත්ව ඇති බව ප්‍රොරෝබිස් සගරාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ඔහුගේ ගීත රසිකයින්ගෙන් ගෙවුණු මාස 12ක පමණ කාලය තුළදී පමණක් ජැක්සන් ඉපැයූ අදායම  ඇමරිකානු ඩොලර් මිලියන 140ක් බව එම සඟරාවෙන් ප්‍රකාශ   කර ඇත. එසේම ජැක්සන්ට දෙවැනිව සුපිරි ගායන තරුවක වූ එල්විස් ප්‍රෙස්ලිට පසුගිය මාස 12 කාලය තුළදී  ඇමරිකානු ඩොලර් මිලියන 55 ක අදායමක් ලැබී ඇත.
මෙම මුදල් භුක්ති විදීමට එම සුපිරි තරු මෙලොව නොමැති වුවත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට සදාතනිකව සුව පහසුවෙන්  ජිවත් වීමට ඔවුන් නිසා ලැබෙන මුදල් පිටුවහලක් වන බව නම් සැබෑවක් වේ.

0 Comments:

Post a Comment

Amazon Ads