Wednesday, October 1, 2014


අකුරැුස්ස මලි¥ව අම්පිටිය හන්දිය ඉලූක්පැල්ල ගෙදර ප‍‍්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවක් ඊයේ රාත‍‍්‍රීයේ අභිරහස් ලෙස ඇලකට වැටීම සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කේ.ඒ පේ‍‍්‍රමවතී නමැති කාන්තාවක්. අද අළුයම් කාලයේ කිසියම් අයෙකු තමන් ඔසවාගෙන පැමිණ නිවස ආසන්නයේ ඇලකට දැමු බවයි එම කාන්තාව කියා සිටියේ.

එළියට බැස්සා... කළු කුට්ටියක් මතුවෙලා මම උස්සගෙන වගේ ගියා... උස්සගෙන ගිහින් ගගට දැම්මා. කියන්න මං දන්නේ නැහැ මං ඉතින් ගගෙග් පාවෙන කොට වටපිටාව අල්ල අල්ල පා වුණා. මට පීනන්නත් බැහැ. යනකොට අහුවුණා මකුලත ගහක්. ඒ මකුලතගහේ එල්ලිලා හිටියා.

කෑ ගැහුවේ එහෙම නැද්ද?

කෑ ගැහුවට ඇහිලා නැහැ මේ කට්ටියට. මම ගෙ`ග් ඉඳගෙනත් සෑහෙන්න කෑ ගැහුවා. මකුලත ගහේ එල්ලිලා...

මොකුත් තුවාලයක් එහෙම වුණේ නැද්ද?

තුවාලයක් නැහැ. පොඩි වැලි ඇටේකවත් තුවාලයක් නැහැ. සැකකරන්න නම් මට ඉතින් කියන්න කෙනෙක් නැහැ ඉතින්.

? කියට වගේද මේක වුණේ.

? තුනට වගේ ජාමේ....
පොලීසියෙන් ඇවිත් විස්තරය ඇහුවද?

ඇහුවා...

මොකද ඒ අය කියන්නේ.

එයාල නම් කියන්නේ භූත බලවේගයක් වගේය කියලා. භූත බලවේගයක්ය පිළිවෙතක් කරන්න කියලා.

එම කාන්තාවගේ පුත‍‍්‍රයෙකු ද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළකළා.

එළියට බැස්සට පස්සේ, එළියට බැහැල එනකොට මිදුලෙ වතුර එහෙම තිබිල තියෙනවා ඒ හින්දා ටොයිලට් එකට ගිහින් නැහැ. පොඕඩක් අයිනකට ගිහින් තියෙන්නේ. අම්මා කියන්නේ එතැනදී කවුරු හරි උස්සගෙන ගිහින් කියලා. එහයින් ගගක් තියෙනවා. ගගේ පාලම උඩින් දාලයි කියලා තමයි කියන්නේ. දාපු තැන අම්මා ඇදන් ඉඳපු චීත්ත රෙද්ද එහෙම තාම තියෙනවා. එතැනින් දැම්මට පස්සේ අම්මා පාවෙලා ඇවිල්ලා මෙහා මකුලත ගහක එල්ලිලා තියෙනවා. මකුලත ගහක එල්ලිලා කෑ ගහලා තියෙනවා එළිවෙනකම්. අපි උදේ 4ට තමයි දන්නේ අම්මා ගෙදර නැති විත්තිය. අපි උදේ 4 ඉඳලා අම්මා හෙව්වා. අම්මා හොයාගන්න බැරි වුණා.

අම්මා කොහොම හරි උදේ 5.50ට ගොඩ වෙලා ගොඩ ආවා. එතකොට තමයි අපි අම්මා දැක්කේ. එතකොට අම්මාට කතා කර ගන්න බැහැ. අපි ඇග එහෙම සෝදලා, පිහිදාලා, පොල් කටු රත් කරලා ඇග රත්කරලා අම්මාගෙන් ඇහුවා. එතකොට තමයි අම්මා කියන්නේ උස්සගෙන ගිහින් දැම්ම කියලා. ඒ දාපු තැනයි ගගෙග් කෝට්ටක අම්මාගේ චීත්තේ රැුඳිලා තියෙනවා. ඒක තමයි හිතාගන්න බැරි තත්ත්වයක තියෙන්නේ මොකක්ද කියල ඒක.

0 Comments:

Post a Comment

Amazon Ads